පේෂකර්මෙ යන්ත්‍ර 415ක් දිරන්න ඇරලා පේෂකර්ම දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේදී මිලදී ගත් රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා අත් යන්ත්‍ර කට්ටල 220ක් සහ වයින්ඩින් යන්ත්‍ර 195ක් 2022 වර්ෂය වනවිටත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 21 January 2024
විදෙස් කතට පහරදුන් තැඹිලි වෙළෙන්දාට වැඩ වරදී උණවටුන දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදි විදේශිය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 21 January 2024
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදුන්නැයි දෙකක් අත්අඩංගුවට කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාව්ක් අත් අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. 21 January 2024
ලංකාවේ ඇඟලුම් වලට තව ඉඩක් හැදෙයි ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයට බෙනින් රාජ්‍යයේ ආයෝජන අවස්ථා සලසන බව එහි උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ උගන්ඩාවේදී පැවසීය. 21 January 2024
ගමේ පොඩි ඇළ වේලි හදන්න මිලියන 500ක් ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළ වේළි පිළිසකර කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ. 21 January 2024
තැනින් තැනට තරමක තද වැසි උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 January 2024
තෙලිජ්ජවිල දී වෙඩි තබා තරුණයකු මරලා මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 20 January 2024
ව්‍යාපාරිකයාගේ ගිනි අවිය සහ තවත් දේපොළ සොරගෙන නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය , එම ජීව උණ්ඩ 3 ක් සහ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා රන්බාන්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 20 January 2024
නීතිඥවරිය පොලිසියට පගාව දෙන්න හදලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක බව කියන කාන්තාවක අල්ලස් දීමට තැත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. 20 January 2024
පෝලන්තයෙන් ඇවිත් පානදුරේ මුහුදේ අවසන් ගමන් යයි පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයකු අද පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 20 January 2024
පොලිසියට බය වී ඇළට පැන්න තිදෙනාගෙන් අයෙක් මරුට පොලිස් නිලධාරීන්ට බිය වී කළු පාලම අසල සේදවත්ත ඇළට පැන පලායාමට තැත් කළ තිදෙනකුගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 January 2024
මණ්ඩලයේ තවත් 51 ක් ගෙදර නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (20) පැවසීය. 20 January 2024
ජනපති අප්‍රිකා කලාප රාජ්‍ය නායකයින් හමු වෙයි උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. 20 January 2024
ගාල්ල විභාග මධ්‍යස්ථානයක අවුලක් ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එම දරුවන්ගේ දෙමව්පියෝ පවසති. 20 January 2024
මාළු ව්‍යාපාරික ඝාතන කොන්ත්‍රාත්තුවට තවත් දෙකක් මාට්ටු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට මාළු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි යුද හමුදා සෙබළාට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනකු ගොඩකවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 20 January 2024
පස්සර නාය යෑමක් පස්සර නමුනුකුල කන්ද පාමුල අද 20 අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 20 January 2024
පුපුරන ද්‍රව්‍ය සමග කතක් අත්අඩංගුවට සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසයි 20 January 2024
මත්කුඩු කිලෝ 200 සමග 11ක් මාට්ටු හෙරොයින් කිලෝ 200 කට අධික තොගයක් සමග සැකකරුවන්ද 11ක් දෙවුන්දර දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි. 20 January 2024
කැබිනට්ටුවේ ඔළුගෙඩි මාරුවක් ළඟදීම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. 20 January 2024
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා කලින් ගෙදර යයි කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකුට සහ සායිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සේවයෙන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස් ඩී යූ එම් රංගා මහතා සනාථ කළේය. 20 January 2024
හිටපු සෙබළා ඝාතනයට සහාය දුන් දෙකක් සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් ලෙස පවසමින් පැමිණ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි හිටපු යුද හමුදා සෙබළකු පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධියට අනුබල දුන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 20 January 2024
වැස්ස අලුත් වේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 January 2024
විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ගැනීම ජූනි මස සිට නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය. 19 January 2024
බැස්ටියන් මාවතේ කඩ ඉවත් කිරීම පණිවිඩයෙන් නතර වේ පිටකොටුව බැස්ටියන් මාවතේ පාවෙන අවන්හල අවට අනවසරයෙන් ඉදිකර තිබූ කඩ ඉවත් කිරීමට පිටකොටුව පොලිසිය අද එම ස්ථානයට ගිය ද ලැබුණු පණිවිඩයක් හේතුවෙන් නැවත හැරී යාමට පොලිසියට සිදුවිය. 19 January 2024
‘පැට්ටා මංජු‘ගේ සමීපතයෙක් නිවසේ සගවා තිබු ලක්ෂ 22 ක් සොයාගනී විදේශගතව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’පැට්ටා මංජු‘ නැමැත්තාගේ සමීපතමයෙකුගේ නිවසේ බංකරයක සගවා තිබු රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් සොයා ගත් බව පොලිසිය පවසයි. 19 January 2024
ගමේ පාර හදන්න මුල පුරන්න ආ රාජ්‍ය ඇමතිට ගමෙන් විරෝධයක් පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක් ආ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මහජනතාවගෙන් එල්ල වූ විරෝධයක් හේතුවෙන් අතර මගින්ම හරවා යෑමට සිදු වූ බව වාර්තා වේ. 19 January 2024
වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවන්න වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් උගන්ඩාවේ දී අද (19)පැවසීය. 19 January 2024
රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (19) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 19 January 2024
වසර 3කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු සෑම වසර 3 කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. 19 January 2024
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 19 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026