
(ආරියරත්න රණබාහු)
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකාරයා දේශපාලකයා නොවිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර දිසානායක මහතා අද (09) මහරගමදී පැවසීය.
තම රජයක් යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොවේ මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා කරන්නේ නෑ. පොලිසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.
මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළු අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වළං වුණත් හෝදන්නන් ඒක නම් කියන්න එපා සර් කියපු කාලකන්නියා නේද මේ? නොදකින් විතරක්... අගරදගුරු පාස්කු ප්‍රහාරය විමසන්න දාන්න කියලා ඉල්ලන්නෙත් මෙයාව හොඳටම වලං හෝදලා තියෙන පාටයි. කුණු කුණු වලටම එකතු වෙනවා කියන එකට හොඳම උදාහරණයක්, නිශාන්ත කන්දප්පා එක්ක ගානියා බැරිස්ටර් පටලවාගෙන ස්විස්ටර්ලන්ත නාටකේත් මෙයාගේ අධ්යක්ෂණයක්නේ...
මේ අය 2024 ඉපදුණු වැඩිහිටි පොලිස් කාරයින්..
ලංකාවේ දූශිත දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන ලෝකෙම දන්නවා .,වෙන කිසිම සිෂ්ට සම්පන්න රටක පවා දකින්න,අහන්ඩ නැති උනත්, ලංකාවේ නම් .දූෂිත නායකයෝ අපේ රටේ හැම ආයතනයක්ම වාගේ දේසපාලණීකරණය කරලා තිබුනේ. යුක්තිය නීතිය සාදරනය විනාශ කරපු කැළෑ නීතිය රජ කරපු ,සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනී මෝරු රජකරවපු කාලයක් තිබුනා .බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දූශිත දේසපාලුවෝ හොඳට තිබුනු අපේ රට හැම අතින්ම විනාශ කරපු එකයි කෙරුවේ .
මේ පාර හෝදන්නේ අනුර මාත්තියාගේ ගෙදර වළං ලුද?
සමුළුවකට ආරාධනාවක් ලැබුණා ඉතින් අපි ගියා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි ජාජබ පාක්ෂිකයෝ කියලා. සමුළුව අවසානයේ එළියට ආපු නිලධාරියෙක් ප්‍රසිද්ධ මාධ්‍යයකට එහෙම කිව්වාලු. ඒක ඇත්ත... ශානි අබේසේකර වගේ කිසිදාක දේශපාලනය මත තම පැවැත්ම පවත්වා නොගත් දක්ෂ, අවංක, එඩිතර පොලිස් නිලධාරියෙක් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති ඇමරිකන් රූකඩ පක්ෂයකට කඩේ ගිහින් තමන්ගේ කීර්තිනාමය විනාශ කර ගනියි කියලා නම් හිතන්න බෑ.
ජයවේවා, ඔන්න දැන් 88/89 ආච්චිගේ අයිඩෙන්ටිය හොයනවා නෙවෙයි, අපේ සබ්බ සේසතම හොරකං කරල තියෙන්නේ. දැන්වත් සිහියෙන් මේ කියන සත්‍ය තේරුම් ගන්න.
ඔව්.එයාල යුක්තිය පසිඳලීම ගමේ ඉන්න පක්ෂ තගාලට දෙනවා කිව්වා නේද? ඉතින් පොලිසිය මොකටද?
වර්තමාන පරපුරේ බලාපොරොත්තුව නීතිගරුක සමාජයක්... මෙතෙක් කල් දේශපාලනයේ අංක 01 නීතිය 02 වෙලා තිබුණු නිසා රට පිරිහුණා. වර්තමානයේ යහපත් නායකයන්ට පමණයි ජනප්‍රිය වෙන්න පුළුවන්.. වර්තමාන පරපුර බුද්ධිමත්...
මගේ ලක් මෑණියන් දෑ හරි පිංකාරයි.
පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන එය වළක්වන්න කටයුතු නොකර රාජකාරිය පැහැර හැරි බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරලා වින්දිතයන්ට වන්දිත් ගෙවන්න නියමවූ නිළධාරියෙක් නේද මේ අනුර ළඟින්ම වාඩි වෙලා ඉන්නේ? එතකොට පාස්කු ප්‍රහාරය එල්ල කල එකම පවුලේ පුතුන් සහ ඔවුන්ගේ පියාත් මාලිමාවේ සාමාජිකයන් නේද? මේ සිද්දීන්වල සම්බන්ධකම් තියෙනවාද? මේ අයට මේවා සංවිධානය කරන්න අරමුදල් සපයන්නේ කවුද?
සාගලටයි සජිත්ටයි දූන්න පණිවිඩයත් දාන්න තිබුණා.
මේවා දකිනකොට හිනා යනවා. පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් වැරදිකරුවෝ වෙලා වින්දිතයන්ට වන්දි ගෙවන්න සිද්ද උන අයත් වේදිකාවේ ඉන්නවා.