
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගංවතුර තර්ජනයෙන් පීඩාවට පත් නොවන ලෙස සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා ඇරැව්වල වෙළ මැද හන්දිය හරස්කොට වාහන ගමනාගමනයට බාධා වන පරිද්දෙන් ප්‍රදේශවාසීහූ එක්ව අද (09) දා උද්ඝෝෂණයක් ඇරැඹුහ.
පිළියන්දල සහ මහරගම නගර සභා සීමාවන් වෙන්වන ස්ථානය සුළු වැසි තත්වයකට පවා මාර්ගය සම්පූර්ණයෙන්ම යට වී ගමනාගමනයට බාධා වන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත් ඊට විසඳුමක් නොලැබීම නිසා අද (09) දහවල් ප්‍රදේශවාසීන් මෙසේ උද්ඝෝෂණයක් ආරම්භ කොට මාර්ගය හරස් කළහ.
මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර ඉදිකිරීම් ඉවත්කළා නම් හරි. එහෙම කළා නම් මේ ආපු අයම තමයි ඒකටත් විරුද්ධ වෙන්නේ...!
කුඹුරු ඉඩම් ගොඩකරලා හතර වටේම, ඇළමාර්ග බ්ලොක්වෙලා, මේවා මුලින් නතර කරන්න ඕනෑ.