
(රුවන් පතිරණ )
පාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (09) වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි .
මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකාවන් 26 දෙනෙකු හා දෙමාපියන් 11දෙනෙකු රන්ටැඹේ බාල දක්ෂ පුහුණු කඳවුර බලා පිටත්ව යමින් සිටියදී වරකාපොල තැපැල් කන්තෝරුව ඉදිරිපිට වංගුවත් සමග ඇති අනාරක්ෂිත ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණ .
මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් ශිෂ්‍යාවන් ඇතුළුව දහතුන් දෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ හැර අන් අයගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි . සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ස්ථානයේ නිතරම අනතුරු සිදු වුවත්,අනතුරු වැලක්වීම සඳහා,පොලිසිය,මාර්ග සංවර්ධන අධිකාරිය හො ප්‍රාදේශීය සභාව නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැත ,මාර්ග බාධකයක් හෝ අඩුම තරමෙ දැනුවත් කිරීමේ බෝඩ් එකක්වත් නොමැත.