
(දමිත් වික්‍රමසේකර)
ලබන ඔක්තෝබර මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර දීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පළමු අදියර යටතේ කර්මාන්ත ක්ෂේත්රය සඳහා භාවිත කරනු ලබන වාහන සහ බර වාහන මෙරටට ගෙන්වීමට නියමිතය.
මීට පෙර ලබන වසරේ මුල සිට වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබූ අතර එම යෝජනාව මෙලෙස ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
කර්මාන්ත ක්ෂේත්රය සඳහා භාවිත කරනු ලබන වාහන සහ බර වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් පසුව යතුරු පැදි සහ ත්‍රිවිල් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඉන් පසුව පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන මිල පරාසයක් මත පදනම්ව කුඩා මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසරය ලැබෙනු ඇති බවත් අවසාන කාණ්ඩය ලෙස සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී වාහන සඳහා අවසරය ලබාදීම සිදු කෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ දින්නම ඕක නවත්වනවා .මේ අවුරුදු දෙකට ඩොලර් බිලියන 17 ණය අරන් තියනවා අමතරව දැන් මුළු ණය ඩොලර් බිලියන 100 .ඕවා ගෙවන්න පටන් ගත්තම 2027 ආයේ රට වැටෙනවා
ලංකාවට තව ත්‍රී වීල් ඕනෙද? ලංකාවේ ලක්ෂ කීයක් ත්‍රී වීල් එළවන තරුණයින් ඉන්නවද ? ඉපදුන දා ඉඳල injection එකේ ඉඳල දීල OL /AL වෙනකල් නොමිලේ උගන්වල ත්‍රී වීල් වල හිටවන්න රටක් රටේ මිනිස්සුන්ට වියදම් කරන්න ඕනෙද? මෝටර් සයිකලුත් ඇතිවෙනකල් තියෙනවා . දෙනවා නම් ලංකාව ඇතුලත assemble කරන්න කියන්න. වාහනත් ,ලංකාව ඇතුලත ඇසෙම්බල් කරන ඒවා රජයේ වාහන වලට ගන්න ඕනේ.අඩුම ගානේ රට ඇතුලේ කර්මාන්තයක් හැදිලා , සල්ලි ටිකක් වත් ඉතිරි වෙයි. හැම රෙද්දම පිටරටින් ගෙන්වන්න, රටේ ඉන්න ගෑනු ටික සෞදියට දක්කල මදිවෙයි
මුලින්ම 225ට රේන්ජ් රෝවර් වෝග් වාහන ගෙන්වන්න.
වැඩ කරන ජනතාව සහ රට විරුවෝ නැහිල හොයන විදේශ විනිමය පල් හොරුන්ට කොල්ලකෑම සඳහා දීම මොන අපරාධයක්ද? මේ මුදල් ගත්ත ණය ගෙවීමට භාවිතා කළ යුතු නේද?
ත්‍රීවීල් වෙනුවට අඩු වියදම් කාර් රථ ටැක්සි සඳහා යෙදවීමට තවමත් සැලසුමක් නැද්ද ?කවදාද රටක් විදිහට අපි ගොඩ නැගෙන්නේ ?මේක තමයි හොඳම වෙලාව ත්‍රීවීල් භාවිතයෙන් ඉවත් කරලා ටැක්සි කාර් සඳහා යන්න .රජයට පුළුවන් ඒ සඳහා අනුග්‍රහය දක්වන්න .ණය පහසුකම් සලසන්න
ජිවිතයට අවශ්‍ය බඩු මිල අඩු වෙන්නේ මොන මාසේද?