
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය,කිරීයන්කල්ලිය,බංගදෙනිය. වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශ වල පදිංචි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු 25 හා 30 සිමා වල පිරිස් බව කියයි.
ලංකා ගමනා ගමන මංඩලයට අයත් හලාවත ඩිපෝවට අයත් බස් රථයක් වසර කිපයක සිට ආණමඩුව නගරයෙ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් නම් තිරිසන්නු.. රෝහලකට යන කණ්ඩායමකට නේද මේ ගල්පාරවල් වදින්නේ. පුද්ගලික බස්වල රියදුරු, කොන්දොස්තරලාත් සුදුසුකම් බලලා පරීක්ෂණයකින් පසුව එම සේවයට යෙදුවොත් හොඳයි.
මේ ඔක්කෝටම සුවකළ නොහැකි රෝගයක් හැදිලා. ඊර්ෂ්‍යාව... කාලකන්නි ජාතක කරපු එවුන්ගේ පටන් පරපුරම හැඳිගෑවිලාම යන්න ඕනෑ.
අත්අඩංගුවට ගත් රියැදුරන්ට රියදුරු තනතුරද, කොන්දොස්තර තනතුරුද කොන්දොස්තරලාට කොන්දොස්තර මෙන්ම රියදුරු තනතුරු දැරීම ජීවිතාන්තය දක්වා තහනම් කරන්න ඕනෑ...
මෙම බසයේ ගමන් යන්නේ ජීවිත රැක ගන්නට යන රෝගීන් පිරිසක්... වැහි නැති හෙණ ගහනවා මොවුන්ට. මුදල් පසුපස යන දේශපාලුවන්...
සිංගප්පූරුවේ බස් ඩ්‍රයිවර්ලා මට්ටු කරන්න කළේ එක සමාගමකට බස්රථ ධාවනය පැවරුවා. මෙහෙත් ඒක කරන්න තියන්නේ. අයිතිකාරයා බස් එක සමාගමට දෙනවා. සමාගම සේවකයින් දාලා බස් දුවවනවා. තනි තනි බස් නෑ. සේවකයින්ගේ ගුණාත්මක භාවය, බස්රථ වල ප්‍රමිතිය හා ධාවනයේ තත්ත්වය ආදී මෙකී නොකී සියලු දේත් කප්පම් ගැනීම වගේ දේවලුත් පාලනය කරන්න ලේසියි. මාධ්‍යගත පාලනයක් නිසා වාසි බොහෝමයි. සැලසුම් කරන්නත් අපේ යට පුළුවන් වෙයි. නමුත් ඉටු කරන්න ප්‍රතිපත්ති සම්පාදකයෙක් තමයි හොයාගන්න නැති වෙන්නේ...
මුන් සෙට් එකටම කන්සර් එකක් හැදෙන්න ඕනි .රුපියල් 5 ට 10 ට බස් පදින මග මරුවෝ .මුන්ට හැදිච්ච දවසට තමා තේරෙන්නේ
අමුම කාලකන්නි.. මුන්ව දඩුවමක් වශයෙන් අවුරුදු දෙකක කිසිම වේතනයක් නැතුව අපේක්ෂා රෝහලේ වැසිකිලි කැසිකිලි පිරිසිදු කිරිමට යෙදවිය යුතුයි
ප්‍රයිවෙට් උන් ඔහොමමයි...