එජාපය කථිකයන් පුහුණු කරයි රනිල් වික්‍රමසිංහ නම් දොස්තරගේ බෙහෙත් නිසා ශ්‍රී ලංකාව නම් අසාධ්‍ය රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිට ටිකට් කපාගෙන ගෙදර ඇවිත් දැන් සුවයෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවසීය. 22 January 2024
‘වැට්’ බදු නැති භාණ්ඩවල වෙළෙඳසැල් ජාලයක් ‘වැට්’ බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් රටපුරා ස්ථාපිත කිරීමට බලාපොරාත්තු වන බව හිටපු වෙළෙඳ අමාත්‍ය මෙන්ම වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 22 January 2024
ආයුර්වේද වෛද්‍යවරු පාර අවහිර කරති වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 දීමනාවක ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (22) දහවල් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන - පුරහල පාර අවහිරවීමෙන් වාහන තදබදයක් ඇතිවිය. 22 January 2024
සා.පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2023(2024)) සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් හෙට (23) සිට ලබන පෙබරවාරි මස 15 වැනිදා දක්වා කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි. 22 January 2024
‘රකිමු පණ මෙන් හස්ති නිජ බිම්’ ආණ්ඩුවට දශක 3 ක් තිස්සේ විසඳාගත නොහැකි අලි - මිනිස් ගැටුම විසදන්න ජාත්‍යන්තර සහය ගැනීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (22) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 22 January 2024
අපි IMF එකට බයේ හැංගුනේ නැහැ ජනතාව ඉදිරියේ කයිවාරු ගසන දේශපාලන පක්ෂ මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ සමගි ජනබලවේගය බයේ හැංගුනේ නැති බවත් එම ගිවිසුම ජනතාවාදී ලෙස සංශෝධනය කරන බව ඔවුන් හමුවේ සෘජුව ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 22 January 2024
දොස්තර ක්රිශාන්තට ඇප කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (22) නියෝග කළේය. 22 January 2024
කිරළව පාළම සකසන්නැයි විරෝධතාවක් දැනට මාස දෙකක පමණ කාලයක සිට ආපදාවට ලක්ව ඇති කැකිරාව හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කරන කිරළව පාලම පිළිසකර කර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් එම පාලම මත විරෝධතාවයක නිරතව සිටීති. 22 January 2024
රජය වෘත්තීය සමිතිය එක්ක හැප්පෙන්න හොඳ නෑ රජය කළ යුත්තේ වෘත්තීය සමිති සමඟ හැප්පීම නොව ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 22 January 2024
වන අලි ගැටලුවට විසඳුම් සොයා ගොවිහූ පාරට බසිති වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා රජයට බලපෑම් කළ විරෝධතා පා ගමනක් හා උද්ඝෝෂණයක් අද(22) මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 22 January 2024
හිටපු ජනාධිපති දියණියගේ නිවසට හොරු පැනලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල ,වික්‍රමසිංහ පුර දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න දේපළ තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි 22 January 2024
අයියා මල්ලිට කතුරෙන් ඇනලා බොරැල්ල සර්පන් ටයින් පාරේ නිවසකදී වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට කතුරකින් ඇණ ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි 22 January 2024
ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සැක මහාචාර්යවරයා මරුට ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සකසහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු මියගොස් ඇති බව පොලිසිය කියයි . 22 January 2024
’’ඔන්ලයින් පනත’’ හෙට අනිද්දා විවාදයට සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (online safety bill) පාර්ලිමේන්තුවේදී හෙට (23) සහ අනිද්දා (24) විවාදයට ගැනීමට නියමිතය. 22 January 2024
ඔන්ලයින් පනතට ඒකාබද්ධ විරෝධයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ’ඔන්ලයින්’ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 22 January 2024
කුඩු සළිදුගේ බැංකු ගිණුම් 48ක කෝටි 106 ක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුරේ සළිදු හෙවත් කුඩු සළිදු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් බැංකු ගිණුම් 48 ක් පවත්වාගෙන ගොස් ඇති බවත් වසර තුනක් ඇතුළත රුපියල් කෝටි 106 ක් එම ගිණුම්වල සංසරණය වී ඇතිබවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය. 22 January 2024
එළවලු මිල පහළට පසු ගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති. 22 January 2024
දයාසිරිගේ වාරණය දීර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම හෝ බාධා වන ප්‍රකාශන නිකුත් කිරීම වළක්වමින් එම පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පසුගිය 08 දින නිකුත් කළ වාරණය නියෝගය ලබන 29 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද නියෝග කළේය. 22 January 2024
ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි. 22 January 2024
ගම්පහ යුක්තිය කිසි බලපෑමකට යට කරන්නේ නෑ සංවර්ධන ව්‍යාපෘති සකස් කළ යුත්තේ නිලධාරීන්ගේ හිතුමනාපයට නොව පොදු මහජන අවශ්‍යතා සලකා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 22 January 2024
අක්කර දෙකේ වගාවටත් පතරොම් තුවක්කු අක්කර දෙකක් වගා කරන ගොවීන්ටත් වන සතුන්ගෙන් වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමට නීති සංශෝධනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 January 2024
සුපිරි මඟේ බෙලිඅත්ත පිවිසුමේ වෙඩි වරුසාවක්: 5ක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට මීට මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබිමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි තහවුරු නොවු ආරංචිමාර්ග කියයි. 22 January 2024
හෙලිකොප්ටරයෙන් ගිය පිලිපීන ජනපතිට දොස් පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් (කණිෂ්ඨ) හෙවත් බොංග්බොංග් ට දොස් අහන්න සිදුවී තිබේ. ඒ, ඔහු පසුගිය සිකුරාදා (19) බිරිඳ සමඟ එරට පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරැඹීමට හෙලිකොප්ටරයකින් යෑම සම්බන්ධයෙනි. 22 January 2024
නිධන් සෙව් හතරක් පොලීසියට මාට්ටු වරමකින් කියූ බව කියන මැණික් කළයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිව් දෙනකු කිරිවත්තුඩුව කැන්ද- කැටියවත්ත ප්‍රදේශයේදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි 22 January 2024
ගල් ඉන්නකින් පහරදී අයෙක් මරලා බීමතින් පැමිණ තම බිරියට පහර දුන් මස්සිනාට පොරවකින් හා ගල් ඉන්නකින් පහරදී මස්සිනා විසින් ඝාතනය කර ඇතැයි දෙහි ඕවිට පොලිසිය පවසයි. 22 January 2024
කොළඹ දඩ කොළ සිද්ධියට බස් ගැමුණු විරුද්ධයි රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 22 January 2024
අද පැහැදිලි අහසක් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 January 2024
බීමතින් අනතුරු කළ හතරක් අල්ලයි බීමතින් මෝටර් රථයක් පදවා කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් හප්පා පලා ගිය රියැදුරු ඇතුළු 4 දෙනකු වත්තල හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 22 January 2024
කොස්ගොඩ ඝාතනයකට යුද හමුදා ලාන්ස් කෝප්රල් මාට්ටු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා මාළු වෙළෙන්දකු ඝාතනයට පැමිණ අසාර්ථක වූ මෙහෙයුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්ඇප් පණිවිඩයකින් මීට මාස හතකට පෙර කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට පොලිසිය සොයමින් සිටි යුද හමුදා ලාන්ස් කෝප්රල් වරයෙකු 21 දා කහතුඩුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහසයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි . 22 January 2024
වැරදුණු කුරුමානමින් අහිංසක තරුණයා මරු තුරුළට සිය මිතුරාගේ ජංගම දුරකථන උපාංග අලෙවිසලේ හිමිකරු අසුනේ ජංගම දුරකථනය ආරෝපනය කර ගනිමින් සිටි 22 හැවිරිදි තරුණයකුට එල්ල වූ වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි. 22 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026