ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ6ක් අල්ලයි යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 January 2024
පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද නැද්ද යන කාරණය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් ප්‍රකාශයට පත් කළේය. 23 January 2024
සී.සී.ටී.වී. කැමරා රථවාහන වැරදි 125 ක් හදුනාගෙන සී.සී.ටී.වී. කැමරා හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ඊයේ දිනය තුළ කොළඹ අවට නිරීක්ෂණයෙන් රථවාහන වැරදි 125 ක් හදුනාගත් බවත් එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බවත් පොලිස් මුලස්ථානය පැවසීය. 23 January 2024
ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි. ඒ, පාර්මේන්තුවේ විශේෂ ආර්ථික කමිටුවක් පැවැත්වෙද්දීය. 23 January 2024
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම් සිදුවූයේ ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේය. වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන්ය. 23 January 2024
චීනයේ භූමි කම්පාව ඉන්දියාවට දැනිලා චීනයේ සිංජියැං පළාත ඊයේ (22) සවස රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්රබලක්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැනුණු බවත්, නවදිල්ලි අගනුවර ගොඩනැගිලි පවා දෙදෙරා ගිය බවත් වාර්තා වේ. 23 January 2024
විදුලි බල ඇමතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව විදුලිබිල ගෙවා නැතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් අපහාසයක් කළ රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය. 23 January 2024
අලුත් ක්‍රමයකට පොල් පැළ හදයි පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ ඉතා සාර්ථක බව එම පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පැවසුවාය. 23 January 2024
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීය. 23 January 2024
ජනපති අද එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 11ක විදෙස් සංචාරයකින් අනතුරුව අද (23) දිවයිනට පැමිණෙයි. 23 January 2024
සවස් කාලයේදී තැනින් තැන වැසි සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 January 2024
’යුක්තිය’තවත් 955ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ට සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 23 January 2024
හරක් කටා සමග සබඳතා පැවැත් වූ අයෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කට සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයකු ඊයේ 22 වැල්ලම්පිටියහල් මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 23 January 2024
මෙම මස සිට තවත් පිරිසකට දීමනාවක් ‘සමෘද්ධි’ ප්රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146 කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 23 January 2024
දිනේෂ් ෂාෆ්ටර්ගේ සිම් පතට ලැබුණු නියෝගය ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා සඳහන් කළේය. 22 January 2024
ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණය අධිකරණය ඉල්ලයි සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසින්හ අද නියෝග කළේය. 22 January 2024
සීදූවේ හොර බෙහෙත් ආයතනය පරීක්ෂාවට සීදුව , අමන්දොළුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ ’’ ඉමුනොග්ලොබින් ’’නිෂ්පාදන කළ අයිසෝලෙස් බයෝටෙක් පර්මා ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායක් විසින් අද දහවල් පස්වරුවේ පරීක්ෂා කිරීමකට ලක් කරනු ලැබූහ . 22 January 2024
බෙලිඅත්තේ ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 6ක් බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 January 2024
සියයට 91කට සරම්ප එන්නත දී අවසන් මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 22 January 2024
වැඩබලන ආරක්ෂක ලේකම් සමන් දිසානායක ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක මහතා වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබේ. සමන් දිසානායක අද (22) සිට එම ධූරයේ කටයුතු කරයි. 22 January 2024
අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් රිමාන්ඩ් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකුගෙන් (කසිප්පු මුදලාලිගෙන්) රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය. 22 January 2024
සමන් පෙරේරාගේ කුරුණෑගල නිවස පොලිසියේ දැඩි පරීක්ෂාවට බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ කළ වෙඩි තැබීමෙන් ඝාතනය වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ කුරුණෑගල නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් පස්වරුවේ පරීක්ෂා කළේය. 22 January 2024
වීසා නැතුව රට පනින්න ගිය සර්පයා බැංකොක් සිට පුකට් වෙත පියාසර කරමින් තිබූ තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක සර්පයකු ඇදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. 22 January 2024
යුක්තිය මෙහෙයුමට තව 910ක් මාට්ටු යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (21) සහ අද (22) දිනට ගතවූ පැය 24 ට සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 910 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 22 January 2024
රථවාහන වැරදි ගැන සොයන්න තෙවන ඇහැ බල ගන්වයි කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන වැරැදිකරුවන්ට නිවෙසටම දඩ පත් යැවීමේ ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සී.සී.ටී.වී මෙහෙයුම් කොට්ඨාසයේදී ආරම්භ කෙරිණි. 22 January 2024
ඔන්ලයින් පනතට මැතිසබා කමිටුවේ අනුමැතිය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ලැබී ඇත. 22 January 2024
උද්ධමනය තවත් ඉහළ යයි ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාස මෙරට උද්ධමනය සියයට 4.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (22) නිවේදනය කළේය. 22 January 2024
නව වේත්‍රධාරී කුෂාන් ජයරත්න නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා නව වේත්‍රධාරිවරයා වශයෙන් පත්කිරීමට නියමිතය. 22 January 2024
රාම් දෙවොල විවෘත කෙරේ උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, දහවල් 12.20 ට විවෘත කෙරුණි. 22 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026