බඹරගස්කන්දට යට වූ සිවු දෙනා එකට මිහිදන් වෙති බළංගොඩ බඹරගස්කන්ද නාය යාමෙන් ජීවිතක්ෂයට පත් වූ ගවරන්හේන වැහින්තැන්න ගමේ පදිංචිව සිටි එකම පවුලේ සිව්දෙනාගේ මෘතදේහ අවසන් කටයුතු ඕපනායක ඉඹුල්තැන්න පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝසුසුම් මැද අද සවස මිහිදන් කෙරිණි. 15 November 2023
ඉන්දියාව ලකුණු 397 ක් රැස්කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 397 ක් රැස්කිරීමට සමත් විය. 15 November 2023
‘‘බාල බෙහෙතේ මහ මොළකරු කැබිනට්ටුවේ‘‘ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් මෙම සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තතුවට අද (15) අභියෝග කළේය. 15 November 2023
ධීවරයන්ට - නාවිකයන්ට අනතුරු ඇඟවීමක් අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, අද උදෑසන පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 November 2023
කලා නිර්මාණවලින් වාරණය ඉවත් කළ යුතුයි ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 15 November 2023
බසයෙන් මාරයා එයි බණ්ඩාරවෙල දූල්ගොල්ල ප්‍රදේශයේ දී අද (15) කාන්තාවක් බසයෙන් බැස බසයට ඉදිරියෙන් පාර මාරුවීමට ගොස් එම බස් රථයටම යටවී ජීවිතක්ෂයට පත්වී ඇති බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි. 15 November 2023
කෝටි ලක්ෂයක ණය එකතු කර නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි ලක්ෂයක බදු එකතු කර නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2023
කෝටි 3000ක ණය පොල්ලක් ගැන ඇමැති විජයදාස හෙළි කරයි මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000 ක් තවමත් ගෙවා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අද (15) පැවසීය 15 November 2023
වල් අලි පහරින් තිදරු මව මරුට හිගුරක්ගොඩ යුධගනාව පාළුවැව ඉද්මත්තේදී අද උදෑසන වල් අලි ප්රහාරකින් තිදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි. 15 November 2023
කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ(15) පෙරවරුවේ ඇතිවිය. 15 November 2023
රංජිත් බණ්ඩාරගෙන් වෙනම විදියක තීන්දුවක් රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2023
අයි.එම්.එෆ් ලංකාව මිරිකුවා තද කළා වැඩියි අයි.එම්.එෆ් එක ශ්‍රී ලංකාවේ වැසියන් තද කළා මිරිකුවා වැඩි යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2023
රට බංකොලොත් කරපු අයගෙන් සජිත් වන්දි ඉල්ලන්න කියයි රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2023
වතුර කරාමය සවි කර තිබූ කණුව වැටි දැරියක් මරුට: 5ක් රෝහලට ග්‍රෑන්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කොන්ක්‍රිට් කණුවක් කඩා වැටීමෙන් තුවාල ලැබූ එක් දැරියක මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 15 November 2023
අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 November 2023
ආර්ථික ඝාතකයන් ගැන පාර්ලිමේන්තු මතය කුමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දුන් ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය ගැන පාර්ලිමේන්තුවේ මතය කුමක්දැයි සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2023
චීන ජනපති ඇමෙරිකාවේ ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය. 15 November 2023
ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලය පහර දෙයි ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි. 15 November 2023
අත් පා නොමැති කාන්තා මළ සිරුරක් වැවක වව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පැවසීය. 15 November 2023
පොඩි දරුවන්-කාන්තාවන් ඝාතනය නවත්වන්න ඊශ්‍රායල ප්‍රහාරවලින්, බිලිඳන්, කුඩා දරුවන් සහ කාන්තාවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ. කැනඩා අග්‍රාමාත්‍යවරායා මෙසේ පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමිණි. 15 November 2023
ගර්භාෂ දෙකක් ඇති තරුණියක් ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තා වේ. 15 November 2023
වාලම්පුරියක් සමඟ හිටපු සෙබළා අල්ලයි බේරුවල ප්‍රදේශයට රුපියල් ලක්ෂ පහකට අලෙවි කිරීමට රැගෙන ආ වාලම්පුරියක් සමග හිටපු යුද හමුදා සෙබලෙක් බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි . 15 November 2023
හාලිඇළ තවත් පාරක් වැහෙයි හාලිඇල උඩුවර නේපියර් මාර්ගයට අද (15) අලුයම විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණහිට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 15 November 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් අඩාල වූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (15) අලුයම සිට යලි සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 15 November 2023
හරක් හොරකමේ ගිය නාවික සෙබළා මාට්ටු නිවෙස්වල බැඳ දමා සිටින ගවයින් හොරා ගෙන ගිබ බව කියන නාවික හමුදා බලනැවි සෙබළකු ඇතුළු පුද්ගලයෝ තිදෙනෙක් මුන්දලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 15 November 2023
ජීප් රිය කොල්ල කන්න හැදූ එස්.ටි.එෆ් ලොක්කෙක් ඇතුළු හතක් මාට්ටු නිට්ටඹුව ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කිරීමේ ස්ථානයකින් ජීප් රථයක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂාකර බැලීමට යැයි කියා එම ව්‍යාපාරිකයා ද සමඟ රැගෙන ගොස් එය පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 15 November 2023
උතුර සහ වයඹට ගිගුරුම් සහිත වැසි උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 November 2023
දරුවා ඇපයට තියා ලක්ෂ දෙකක් ගන්න ගිය අය රිමාන්ඩ් රෝගී වු දරුවාට ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව කියමින් මව බියගන්වා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන වංචා කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (14) නියම කළේය. 14 November 2023
පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි 14 November 2023
මුදල් රාජ්‍ය ඇමැති අයවැය ඉලක්ක කියයි ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 2024 වර්ෂය1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 14 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026