විගණන වාර්තාවෙන් ලංගමය ගැන හෙළි වූ දේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත් වැඩියාව සඳහා ලබා දුන් කෝටි 277ක් වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බව විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වේ. 24 January 2024
හොර බෙහෙත් සිද්ධියේ සැකකරුවන්ට ඇප දීම ගැන තීරණය කල් යයි ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ ’’ ඉමුනොග්ලොබින් ’’නිෂ්පාදන බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන්ට ඇප දීම සමබන්ධයෙන් පෙබරවාරි 01 සලකා බලන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද නියම කළාය. 24 January 2024
මං ද්විත්ව පුරවැසියෙක් නොවේ තමා ද්විත්ව පුරවැසියකු නොවේ යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසලතිලක මහතා පාර්ලිමේන්තුවේ මංගල කතාව කරමින් පැවසීය. 24 January 2024
දේශිය බිත්තරයක මිල රුපියල් 3කින් ඉහළට වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි කිරීමට සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ. 24 January 2024
පොලීසියේ ලොක්කෙක් යැයි පවසා කප්පම් අරන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටි ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් බවට වාර්තා ලැබී ඇති බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 24 January 2024
බුදු දහමට නිගා කළ විමල බුද්ධි යළි රිමාන්ඩ් ස්වාමීන් වහන්සේ නමක්ව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමේ සැකයට අත්අඩංගුවට ගෙන ඇප නියම ව යළි රක්ෂිත බන්ධනාගාර ගත වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ සැකකරු ලබන 29වන දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (24)නියෝග කළේය. 24 January 2024
පනත් 4කට කතානායක සහතිකය පසුගිය දිනවල සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 24 January 2024
යුද හමුදාපතිගෙන් ගුවන් කරනමක් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද හමුදාපති ලුතින් ජනනල් විකුම් ලියනගේ මහතා උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පිම්මක් පැන්නේය. 24 January 2024
වාලම්පුරියක් විකුණන්න ගිහින් එස් ටී එෆ් දැලේ මිල කළ නොහැකි වාලම්පූරියක් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු වාකරේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගනු ලැබ ඇත. 24 January 2024
මගේ ගෙදර රත්තරන් අශ්වයෝ නැහැ තමාගේ ලොකු දුවගේ ගෙදර රත්රන් අශ්වයන් සිටියා යැයි කියන කතාව බොරුවක් බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 January 2024
අලුත් දෙළුම් ප්‍රබේද දෙකක් එයි ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට නවතම ප්‍රභේද දෙකක් වන ’’මලී PINK’’ සහ ’’ලංකා RED’’ නමින් අද(24) සිට වගාව සඳහා හඳුන්වා දුන්නේය. 24 January 2024
රිය අනතුර 5 ක් රෝහලට යවයි මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම මැද එළිය ප්‍රදේශයේදී අද(24) දහවල් වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. 24 January 2024
ලංකාව කරන්නේ ලෝකෙ අනිත් රටවල් කරන දේමයි ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරන්නේ ලෝකයේ සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාවලියම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 January 2024
ඔන්ලයින් පනත’ට අදත් විරෝධය පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන ‘ඔන්ලයින් පනත’ට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිය සමිති නියෝජිතයෝ එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක් අද (24) පෙරවරුවේ පැවැත්වීය. 24 January 2024
රත්තරං නම වැටුණ හැටි කියයි තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 January 2024
බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයේ මහ මොළකරු අල්ලයි බෙලිඅත්තේදී පෙරේදා (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 24 January 2024
සමාජ මාධ්‍යය නිදහසක් අනවශ්‍යයි මරණාධාර සමිතියක වුනත් ව්‍යවස්ථාවක් තිබෙන රටේ සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබෙන්න විදියක් නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 24 January 2024
අරුවක්කාලුවේ වැඩ මාර්තුවේ අවසන් අරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 January 2024
සරම්ප රෝගීන් වැඩිවෙලා මහා බ්‍රිතාන්‍යයේත් සෙසු යුරෝපා රටවලත්, සරම්ප රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 24 January 2024
ඔන්ලයින් පනතට ජාත්‍යන්තරයත් විරුද්ධයි සමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 January 2024
ධීවරයෝ 7ක් පෝරකයට ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ චෝදනනාවන්ට වරදකරුවන් වු ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම නියම කළේය. 24 January 2024
TIN අංකය හැඳුනුම්පතින් එයි ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 24 January 2024
සීනි බදු වංචාවේ ලිපි ගොනු නීතිපතිට සීනි බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඒ පිළිබඳ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 January 2024
රිය අනතුරින් කාන්තාව මරුට: පාරේ සිටි ගවයින් 8කුත් මැරිලා යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය,අලිමංකඩ ප්‍රදේශයේදී බස්රථයක් වෑන් රථයක ගැටී අද(24) උදෑසන සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 24 January 2024
පොල්දූව වටරවුමේ විරෝධයට වාරණයක් සමාජවාදී තරුණ සංගමය අද(24) දින පොල්දූව වටරවුමේ සංවිධානය කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇත. 24 January 2024
ක්‍රීඩා පුහුණුකරු මත්පෙති-කුඩු සමඟ අල්ලයි මහනුවර ප්‍රදේශයේ ජාතික පාසලක බාහිර ක්‍රිඩා පුහුණුකරුවකු මත්පෙති 4100 සහ කුඩු ග්රැම් 2 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 24 January 2024
විදෙස් රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ දෙකක් මාට්ටු විදේශ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ අසූ තුනකට අධික මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු කඳාන ප්‍රදේශයේදී) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. 24 January 2024
වන අලි ප්‍රහාරයෙන් වෙළෙන්දා මරුට වාලච්චේන සිටි වැලිකන්ද සෙවනපිටිය නගරය අසල බදාදා පොලේ වෙළඳාමට පැමිනෙමින් සිටි වෙළෙන්දෙකුට අද අලුයම 4.00 ට පමණ වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 24 January 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයන් ආ වාහනය හමුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා ඝාතකයන් පැමිණි බව කියන ජිප් රථය ගාල්ල හැව්ලොක් පෙදෙසේ රථගාලේ නවතා තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි. 24 January 2024
නුවරඑළියට මල් තුහින වැටේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026