IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට

 (මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ  සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මාස 03 ක කාලයක් තුළ විදේශ ගත වීමට අවසර දුන්නේය.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යෑමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥ්ඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල එලෙස අවසර දුන්නේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් පෙරේරා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැදිගේ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.

ඇලෝසියස් මහතාට ප්‍රතිකාර ගැනීමට විදේශ ගත වීම සඳහා අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥ්ඥවරයා කළ ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල විත්තිකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලනාධීකාරියට දැනුම් දීමටද නියම කළේය.



අදහස් (2)

ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට

kotiya Friday, 14 June 2024 03:33 AM

ආයි එයි ඈ.... බලන් හිටපල්ලා.....

:       0       0

Perera Friday, 14 June 2024 06:40 AM

රට යන එක ඉස්සෙල්ලා තහනම් කරනවා ඊට පස්සේ යන්න දෙනවා. ඊටත් පස්සේ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site