
(අංජුල මහික වීරරත්න)
ගොයම කහ වීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර යොදන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ දිනවල ඇතැම් ප්‍රදේශවල වගා කර ඇති වී වගා කහ පාට වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව කියයි.
ගොයම් කහ පැහැතිවීම රෝග තත්ත්වයක් නොව ගොයම් ගසට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම නිසා සිදුවන ඌණ පෝෂණ තත්ත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.
බොහෝ ගොවි ජනතාව වී වගාව සඳහා යුරියා පොහොර යොදා ඇතත් (මියුරේට් ඔෆ් පොටෑෂ් MOP) හෙවත් බණ්ඩි පොහොර යෙදීමට පියවර නොගැනීම ගොයම් ගස් කහ වීමට හේතුවී තිබෙන්නේ යැයිද වී පර්යේෂණායතනය සඳහන් කරයි.
වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක් බැගින් රජය විසින් සහනාධාර වශයෙන් ලබා දෙන අතර මේ වනවිට රුපියල් මිලියන 4500කට ආසන්න මුදලක් ගොවි ගිණුම් වලට බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොයම කහ නම් බණ්ඩි යොදන්න
පිටරටවැසියා Thursday, 13 June 2024 04:33 PM
දියවන්නාවේ ඉන්න ගොඩක් කට්ටියත් "කහ පැහැති වීමේ" රෝගයෙන් පෙළෙනවා ජරාව නැතිව ...!!! මොකද, අතලොස්සකට විතරනේ ඇමැති සැප ...!!!