
(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ ගොඩගම ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම දැරියගේ සුළු පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (13) දින නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හයිලෙවල් පාර ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ශ්‍රි ලංකා යුධ හමුදාවේ පොදු සේවා බලකායේ වැටුප් හා ලේඛන අංශයේ සේවය කල වැලිවත්තගේ දිනිදු ලක්මාල් නමැති 43 හැවිරිදි යුද හමුදා ක්‍රෝපල්වරයෙකි.
පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිළධාරී හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මෙහිදී මීගොඩ පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී.
පහරකෑමට ලක් වූ දැරිය එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි ද අනාවරණය වූ බව මෙහිදී පොලිසිය කරුණු දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියට පහරදුන් සුළු පියා රිමාන්ඩ්
Prabha Thursday, 13 June 2024 03:37 PM
කුකුල් චමින්දට හම්බ වුණ සාත්තුව මූටත් රිමාන්ඩ් එකේ දී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Manjula Bandara Thursday, 13 June 2024 04:41 PM
කොල්ලනේ, ඔන්න තව එකක් එනවා...අපිව සතුටු පුවතක් ඕනේ..
Lalla Friday, 14 June 2024 09:35 AM
රණවිරුවෙක් නේද? ඔය අයගේ ලොක්කෝ සෑහෙන ගණනක් රටේ ඉහළ පුටුවල ඉන්නවා නේද? ඒ අයත් ඔහොම වෙන්න බැරිද? අර තවම වැඩ කරන ලොකුම ලොක්කෙක් කොළඹ හතේ පාසලක ළමයකුට අතින් පයින් පහර දීම මතකද?