(මහින්ද නිශ්ශංක)
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.
බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය ඊයේ සවස 3.25 ට පමණ පීලි පැනීමට ලක් වූ අතර රාත්‍රී 10 ට පමණ පීලි ගත කිරීම අවසන් කළ බව ද පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
ඒ අනුව අද (14) බදුල්ල දුම්රිය ස්ථානයෙන් අළුයම 5.55 ට උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වූ බවත් ඔහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නැරඹුම් මැදිරිය තමයි හෙනේ ඕක බර අඩු නිසා දුම්රිය වේගයෙන් යනකොට පස්ස විසි වෙනවා එක නිසා නැරඹුම් මැදිරියේ බර වැඩිකරන්න