
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ඉකුත් ජුනි 3 වෙනිදා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැතැයි කී මන්ත්‍රීවරයා රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදුවූ මේ පහර දීම ගැන කලකිරීමක් පවතින බවද පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් අදාල සිදුවීම හොඳින් දැකබලා ගත හැකි බව සඳහන් කළ මන්ත්‍රීවරයා සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් අදාල සිද්ධිය දුටු බවක් පොලිසියට කියා නැතැයිද කීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අදාළ පහරදීම සිදුවූ බව කියැවිණි. පහර දීමෙන් පසු ගුණතිලක රාජපක්ෂ මහතා යුද හමුදා රෝහලට ඇතුලත් කෙරුණු අතර පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකට ලක් කෙරිණි.
තමා පඩි පෙළකින් වැටී තමා ආබාධයට ලක්වී යැයි කරන ප්‍රකාශ පට්ට පල් බොරුවක් බව කී ගුණතිලක රාජපක්ෂ මහතා චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පිරියයයි
රනිල් ජනාධිපති වුනත් රට පාලනය කරන්නේ මහින්ද සහ හෙන්චයියෝ කියන එකට හොඳම උදාහරණයක් මේක
පොහොට්ටුවේ තක්කඩි ටික තවම ඉතුරුවෙලා තියෙනවා අනික් උන් දැන් වෙන පැතිවලට මාරු වෙලා
පාර්ලිමේන්තුවට මිනීමරුවෝ පත්කලේ කවුද? ජාතික ආරක්ෂාව තරකිරීමේ මන්ත්‍රය විශ්වාස කළ 69 ලක්ෂයක් පොහොට්ටු ඡන්ද දායකයෝ. පාර්ලිමේන්තුව තුළ ඉන්න අයගේ ආරක්ෂාව නැතිව ජාතික ආරක්ෂාව තරකිරීම කොහොමද?. සිංහල ඡන්ද පදනම කොතරම් පහසුවෙන් රවටන්න පුළුවන්ද? අනාගත මැතිවරණ වලදීත්වත් පක්ෂවල කූඨ උපක්‍රම වලට හසු නොවන්නට වග බලාගත යුතුයි. කිසිම පක්ෂයකට වගකීම වගවීම කියන හැඟීම් නෑ.
ඔය පක්ෂයට තාමත් සමහර මිනිස්සු කඩේ යනවා
ගුටි කැවා මදිවට තවත් පොහොට්ටුවේ ලැගලා ඉන්නවා.
බල්ලොත් එක්ක බුදියන්න කලින් හිතන්න තිබුණනේ ලොක්කා. රාජපක්ෂ හැතිකරේ වටේ කැරකෙන්නේ නෑනේ... ඔලුවක් තියෙන මිනිස්සු...
මහජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්න මහජන නියෝජිතයින් මෙහෙම තමයි.. තවතවත් මේ සිස්ටම් එකට කඩේ යන ජනතාවට මහ එවුන්ගෙන් වැරැද්දක් වුණොත් නීතිය ක්‍රියාත්මක වෙයිද...?