හිමිනම ඝාතනයේ තොරතුරු එළියට මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී ඊයේ 23 හිමිනමක ඝාතනය කළ සැකකරුවන් එම හිමිනමගෙන් යමක් ඉල්ලා ඇති බවත් එහිදී ඇති වූ බහින්බස්වීමකදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පසුව හිමිනමට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය. 24 January 2024
‘‘යුක්තිය නවත්වන්න‘‘-මනව හිමිකම් සංවිධානය විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසත් මෙහෙයුමේ මෙතෙක් ගමන් මග සමාලෝචනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 24 January 2024
දෙපිරිසේ ගැටුමෙන් තුනක් රෝහලේ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුට අද (23) මීගහකිවුල දිසා රෝහලට හා හා බදුල්ල ශීක්ෂණ රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි. 23 January 2024
පාඨලීගෙන් පැමිණිල්ලක් ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහජන උපයෝගිතා කොමිසමට අද (23) පැමිණිල්ලක් කළේය. 23 January 2024
වන සංරක්ෂණ ඉඩම් කෘෂිකර්මාන්තයට වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය. 23 January 2024
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් එක්දින තරග පල්ලෙකැලේට ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 23 January 2024
හිමිනම ඝාතනයට පැමිණි මෝටර් රිය ගිනිගනී ? මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද 23 සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි. 23 January 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ගැන තොරතුරු එළියට තංගල්ල මහාධිකරණයේ නඩුවකට පෙනීසිටීම සදහා ඊයේ (22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ඇතුළු පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට අනාවරණයවී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවැසීය. 23 January 2024
වාහන ‘ඕපන් පේපස්’ නම් පැරණි අයිතිකරු අමාරුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන මෝටර් රථ පාවිච්චි කරන වාහන හිමියන් හැකි ඉක්මණින් ලියාපදිංචි මාරු කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 23 January 2024
කොච්චර ‘හූ’ කිව්වත් පොහොට්ටුව ගමට යනවා අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (23) පැවසීය. 23 January 2024
මොරගොල්ලෙන් මෙම වසරේ මෙගාවොට් 30ක් ජාතික පද්ධතියට මෙම වසර අවසානයේ වැඩ අවසන් වීමට නියමිත මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30 ක් ජාතික විදුලි පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 23 January 2024
උද්ධමනය ගැන බය හිතෙන අනාවැකියක් ‘වැට්’ බද්ද සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 23 January 2024
ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගේන එකක් ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගෙන එන එකක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 January 2024
O/L පෞද්ගලික අයදුම්කරුවන්ට කොන්දේසි ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2023/2024 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කරන පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ කොන්දේසි කිහිපයක් පනවා තිබේ. 23 January 2024
කැරට් ගැන සුබ කතාවක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නුවරඑළිය, බෝපත්තලාවේ හා මැණික්පාලම ගොවිපොළවල කැරට්, ගෝවා සහ රාබු වගා මේ වනවිට ඉතාමත් සරුවට වැවී ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්හ. 23 January 2024
පොලී අනුපාතය වෙනස් නොවෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවතින මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව ප්‍රකාශ කළේය. 23 January 2024
පාරිභෝගිකයන් රකින ඔන්ලයින් පනතක් ළඟදීම ඔන්ලයින් ක්‍රමවලින් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධිවිධාන ඇතුළත් වන පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 January 2024
වෛද්‍යවරුන්ට ඉහළ දැමූ 35,000ක දීමනාව අත්හිටුවයි මෙම ජනවාරි මස සිට වෛද්‍යවරුන්ට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 35,000 ක දීමනාව තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 23 January 2024
ලවණ බාධකයට කතානායක දෙහි කපයි මාතර ලවණ බාධකය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය එකතු වී මහා ජාතික අපරාධයක් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 January 2024
සජබ අලුත් ජාවාරමක් පටන් අරගෙන සමගි ජන බලවේගය බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණ වලට ගෙන්වන ජාවාරමක් පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 23 January 2024
මිදිගමදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේදී කාර් රථයක් ගැටී රථයේ සිටි දේශීය මඟ පෙන්වන්නා සහ විදේශීය සංචාරකයෙක් රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය. 23 January 2024
අ’පුර රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව, එම කිඹුලා විසින් ඇද ගෙන යන අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී ඇති අතර දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ. 23 January 2024
නිවාස ඔප්පු වැඩසටහන කැබිනට් අනුමැතියට නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 January 2024
ලවණ බාධකයට නිවැරදි කරන්නැයි මාතර ගොවීහු පෙළ ගැසෙති නිල්වලා ගග හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය. 23 January 2024
ඔන්ලයින් පනතට හසුවන දේවල් මෙන්න ඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්,අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 January 2024
ලක්ෂ 30 ක මත්ද්‍රව්‍ය සමඟ තවත් ජාවාරමෙක් මාට්ටු ඩුබායි රාජ්‍යයේ සිට .මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’’පෑලියගොඩ කලණ ’’නැමැත්තාගේ, මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන ’’ ’’බොරලැස්ගමුවේ බෙන්සි’’ නැමැත්තා රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනා කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 23 January 2024
ඉඩම් ආරවුලට හිමි නම මරා දමයි මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 23 January 2024
’සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ඔන්ලයින්’ පනතට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළ අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 23 January 2024
විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැදට තල්ලු වෙයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ පැවසීය. 23 January 2024
ඔන්ලයින් පනත විවාදයට කැමති අය ඡන්දය දිනයි ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය වැඩි ඡන්ද 33කින් ජයග්‍රහණය කළේය. 23 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026