
අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 02 ක් සිය රියදුරා ලවා ලබාගනිමින් සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු සහ මුදල් ලබාගත් රියදුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අක්කරපත්තුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින්හට කරන ලද දැනුම්දීමකට අනුව අක්කරපත්තුව ප්‍රදේශයේ සිදුකල විමර්ශනයක් අතරතුර, වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් ඉඩම ගොඩකිරීම සදහා අවසර ඉල්ලූ පුද්ගලයාවෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින්, රුපියල් ලක්ෂ 02 ක මුදල සිය රියදුරාට ලබාදෙන ලෙස දන්වා ඇත.
ඉඩම් හිමිකරුගෙන් මුදල් ලබාගත් රියදුරා මුදල් රැගෙන සිය නිවස වෙත යමින් සිටි අවස්ථාවේ පරීක්ෂාවෙන් සිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් සමග ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, වාරිමාර්ග ඉංජිනේරුවරයා ද, අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් වාරි ඉංජිනේරු-රියදුරු කොටුවෙයි