ජේ ඒ එල් ජයසිංහ

විදෙස් රටවලින්   ගෙන්වන ලයිටර් විශේෂයක් නිසා මෙරට දේශීය ගිනිකූරූ නිෂ්පාදන ආයතන වලට යන එන මං නැතිවී ඇතැයි එම ආයතන හිමිකරැවෝ පවසති.

පිටරටින්  ගෙන්වන තත්ත්වයෙන් බාල ලයිටර්  ඉතා අඩු මුදලකට අලෙවි කිරීම  නිසා ලංකාවේ දැනට ඉතිරිවී තිබෙන ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලා හතරත් වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ඔවුහු කියති.

විදෙස් රටවලින් තොග ගණනේ මෙරටට ගෙන්වන ප්ලාස්ටික් ලයිටර්  ගෑස් වලින් දැල්වෙන අතර ඒවායේ ගෑස් අවසන් වූ පසු ඉවත දැමීමෙන් විශාල පරිසර දූෂණයක්ද  ඇතිවන බව පරිසර වේදීහුපෙන්වා දෙති.

මහනුවර පල්ලේකැලේ ශ්‍රී ලංකා ආයෝජන කලාපයේ දැනට ඉතිරී වී තිබෙන ගිනිපෙට්ටි  කර්මාන්ත ශාලාවල අඩු ආදායම් ලාභී පවුල් වල තරුණ තරුණියන් රැසක් සේවය කරන අතර,මෙම විදෙස් රටවලින් ගෙන්වන ලයිටර්  වෙළඳාම මෙරට ව්‍යාප්ත වීම තුලින්,එම තරුණ තරුණියන්ගේ රැකියාවන්  අහිමි වීමේ තර්ජනයක්  උද්ගත විය හැකි බව දේශීය ගිනිපෙට්ටි කර්මාන්ත ආයතනවල සේවයේ නියුතු සේවක සේවිකාවන්  සහ දේශීය කර්මාන්ත සුරැකීමේ සංවිධාන පවසයි.