
(සුජිත් හේවාජුලිගේ )
ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙන්කර තිබූ නාරාහෙන්පිට මුහන්දිරම් ඊබී දාබරේ මාවතේ නිල නිවසේ දොර ජනෙල් අගුළු සහ සවිකිරීම් සියල්ල ගලවාගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම භාණ්ඩ ගලවාගෙන යාමෙන් රජයට ලක්ෂ විස්සකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අයකර ගැනීමට මෙතෙක් කටයුතු කර නැති බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙසේ ගලවාගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ ධීවර අමාත්‍යාංශයේ භාණ්ඩ ලේඛනයෙන් ලබාදී තිබූ තිබුණු සියලුම භාණ්ඩය.
පසුගිය වසරේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තා මේ පිළිබඳව විගණනයට කරුණු වාර්තා කර තිබිණි.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගිය සතියේ ඉදිරිපත් කෙරුණු ධීවර අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd