
(යොහාන් භාසුර)
මැතිවරණ කල්දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා එක කථාවක් ද, එහි ලේකම්වරයා තවත් කථාවක් ද, කියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (12) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කොළඹදී විශේෂ රැස්වවීමකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බව කී නාමල් රාජපක්‍ෂ මහතා ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්‍ෂ සහ ආණ්ඩු විනාශ වූ බව ද සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල්දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂ එක ආසනයකට වැටුණු බවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයෙක් සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත් වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වීම නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ නිරන්තයෙන් සාකච්ඡා කරන බවත් එම සාකච්ඡාවල විශේෂ අමුත්තක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ අය කියන කතා අපි විස්වාස කරන්න ලෑස්ති නැහැ. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටට පෙන්වපු ආසියාවේ ආශ්චර්යය හොඳටම ඇති...
අපි පත්කරපු ජනාධිපතිනේ... කියලා බලන්නම් සමහරවිට අපි කියන දේ පිළිගනීවි.
ඔබලාට දේශපාලනයට එන්න ඡන්දෙ දෙන මිනිස්සු මේ දූපතේ නැහැ.
හොර පෙරකදෝරුවා ලෝකෙටම පේන්න බොරු බේගල් ගැහැව්වාට, ඔවුන් ඡන්දේ නොතියන තරමටම කැමැතියි. පොහොට්ටුව ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි. රැස්වීමක් තියා හරිහමන් ජනාධිපති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරුව තවත් කයිවාරු ගහනවා...
ඔයාට පිස්සු තිබුණා කියලා අපිටත් පිස්සු හදන්න එපා... පසුගිය අයවැය මගින් ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන්කර තියෙනවා ජනාධිපති කියලා තියෙන්නේ නියමිත කාලයේ ජනාධිපතිවරණය පවත්වනවා කියලා. 2019 වගේ ජනතාව රවට්ටලා ඊළඟ වතාවේ දිනන්න නම් හිතන්නවත් එපා ගොයියෝ...!
මෙයා විරුද්ධයි කිව්වාට මොහු ඇතුලු හොර නඩයම (සමගි හොර නඩය ඇතුළුව) උත්සාහ දරන්නේ ඡන්දය කල් දැමීමට...
පොහොට්ටු ජනපති අපේක්ෂක... බලාගෙන ඉන්න පෝලිමේ ඇවිත් ඔයාට ඡන්ද දෙනකම්. රාජපක්ෂ නම තියෙන කාටවත් ඡන්ද නොලැබෙන බවට මහජනතාව සහතික වෙලා අවසන්...
හැබැයි ඡන්දෙ කල් දාන්න පනතක් ගෙනාවොත් තමුන් සහ තමුන්ගෙ සහචර හොරනඩය ඒකට පක්ෂව අත සහ කකුල දෙකම ඔසවයි , නැට්ටත් එක්කම.
ඊයේ මැදමූලන අප්පච්චි ඡන්දෙ ගැන හොල්මන් කතාවක් ඇද බෑවා. අද අනිත් ගොන් නාම්බා ඒ කතාවටම, තවත් ලුණු ඇඹුල්, ගොරකා එහෙම දාලා අළුත් අච්චාරුවක් විදියට රටට පෙන්නන්න තටමනවා. කොහොම උනත් අප්පච්චි, නාම්බා ජොඩුව ජප කරන මන්තර අහන, බත් කන ගොන්නු දැන් මෙරටෙහි දැකගත හැක්කේ මැදමූලන පළාතේ බව පැහැදිලිවම පෙනෙනවා!!!
ඕක කල් දාන්න හදන්නේ අපිද ?උඹලාම ගෙනාපු දුර්වල මිනිහෙක් නේ .ඉතින් පාර්ලිමේන්තුවේ බහුතරය තියන නිසා විශ්වාසභංගයක් ගේන්නකෝ .නිකන් වැල් බයිලා කෙලින්නේ නැතුව
අප්පයි පුතයි හරියට ආසන දෙකේ බණ කියනවා වගේ එකෙක් කියලා අවසන් වෙන්න ඉස්සර වෙලා අනෙකා කියවන්න ගන්නවා මොනවා කලත් පොහොට්ටුව ඉවරෙටම ඉවරයි. ඒක නැවතත් ගොඩ ගන්න ජාතික සංවිධායකට සැබෑම වුවමනාවක් තියෙනවා නම් සුනාමි ආධාර ගසාකෑමේ සිට රාජපක්ෂ පවුලේ සැවොමත් (චිචී ,සිරිලිය වගේ ඒවා සමග) රාජපක්ෂ ආණ්ඩු යටතේ මැති ඇමැතියෝ හොරකම් කළ සියලු වත්කම් අන්තිම සතය දක්වාම මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට තැන්පත් කරන්න ඕන එහෙම කලොත් පමණක් තමුන්ට ජනාධිපති සිහිනය සැබෑකර ගන්න පුළුවන් වේවි ඉතින් කියවකියවා නොසිට ඒ කටයුතු කරන්න සූදානම් වෙනවා නම් තවත් වාර තුනකින් පමණ ජනාධිපති වෙන්න පුළුවන් වේවි
ලංකාවේ මිනිස්සු අන්තිම අසරණ තත්ත්වෙට වට්ටලා ලැජ්ජා නැතිව තවත් දේසපාලනයේ කරන්නයි හිතාගෙන ඉන්නේ. වෙන රටකනම් ඔබලා සියළුම දෙනා ඉන්නේ මෙලහකටත් හිරේ. නමුත් අපිට අවංක පාලකයෙක් තාම නැති නිසා ඉන්න උන් හොරුන්ගෙත් හොරු නිසා ඔබලා තවම නිදහසේ ඉන්නවා. ජාතියෙන් සමාව ඇරගෙන ඔය දෙසපලනයෙන් ඉවත්වෙන්න රටේ මිනිස්සුන්ට පව් නොදී. ඔබලාට චන්දේ දෙන කෙනෙක් ඉන්නවනම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ. මේ රට ඔබලාට ලියලා දීලා නෑ. වෙන දාන්න රැකියාවක් කරලා ජීවත් වෙන්න. ආයේ හොරකම් කරනවා බොරූ මේ රටේ.