
(සුජිත් හේවාජුලිගේ)
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුමැතිය ලබාදීම ලබන මස මැද භාගයේදී සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පළමුවෙන්ම මහජනතාවගේ අදහස් ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාවේ තීරණය විදුලි බල මණ්ඩලයට දැනුම් දෙන බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
විදුලි ගාස්තු ලබන මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කරන්න දවසක්වත් පරක්කු වෙන්නේ නෑ. ඒත් අඩුකරන්න මාස ගණනාවක් යනවා. ඔහොම තව මාස 2-3ක් අල්ලගෙන ඉඳලා, ඡන්දෙ කිට්ටුව ලොකු ප්‍රචාරයක් දීලාම අඩු කරමු. එතකොට අපේ ගොනා අපිට හොඳයි.
ඔය රනිල්ගේ සට්ටැඹි කොමිසම අකුලලාම දාන්න. ඕකේ සාමාජිකයින්ට පඩි ගෙවනවාට වඩා හොඳයි... බලු කපුටු දානයක් දුන්නා නම්. ඔන්න දුන්නා මහජන මතය...
දැන් ලංකාවේ ලයිට්බිල යුරෝපයේ ගානට පොඩ්ඩයි වැඩියි හරි ෂොක් නේද?
ඉස්සර මිනිස්සු කිව්වෙ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා එදා එහෙම කිව්වට දැන් නම් කියන්න වෙන්නේ සියලුම දේශපාලුවො කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා වෙනස් කරන්න ඕන