
(රෝෂන් තුෂාර)
මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධ නලින් සුරංග චූදිතගේ බවට සැක කරන රුපියල් ලක්ෂ හැටපහක මුදලක් අධිකරණ බාරයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
ඇඹිලිපිටියේ බණ්ඩාරනායක අමල් නමැති පුද්ගලයා සන්තකයේ තිබී මෙම මුදල් අත්අඩංගුවට ගෙන ඇති අතර අමල් නමැති අය සුරංගගේ බිරිඳගේ සහෝදරයකු වන බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙම මුදල් අධිකරණයට ඉදිරිපත් කළේය.
බණ්ඩාරනායක අමල් සැකකරු ලබන 25වෙන දින දක්වා රක්ෂිත බන්ධනා කාලගත කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2022 .06.27 වෙනි දින මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කරන බවට ලද තොරතුරක් අනුව තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක් සමග ස්කිපර් වරයෙකු සමග තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදල් විශුද්ධ කරනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.
එම ධීවර යාත්‍රාවේ ස්කිපර් වරයා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයෙන් පසු මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාර ගතව සිටින විධානගමගේ නලින් සුරංග යන අය විසින් ලබාදුන් මුදල් සම්බන්ධයෙන් විමර්ශනයේදී ඔහුගේ බිරිඳ ගේ නමට රාජ්‍ය බැංකුවක 2023 වසරේ අගෝස්තු 28 වෙනිදින රුපියල් එක්කෝටි අසූ තුන් ලක්ෂයක මුදලක් තැන්පත්ව ඇති බවටත් එම මුදල් වෑන් රථයක් අලෙවි කර ලබා මුදල් බවත් එම වෑන් රථය මරණීය දණ්ඩනය ලද නලින් සුරංග යන විසින් ඔහුගේ අනියම් බිරිඳගේ නමට 2017 වසරේදී මිලදී ගත් එකක් බවට අනාවරණය වී තිබිණි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමරන්න කීයක කප්පමක් ගත්තද කියල අහගන්න.