
(අංජුල මහික වීරරත්න)
පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම විමර්ශන කමිටුව පත් කර ඇත.
ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතන වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතය.
මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයේ නඩුව අයිටීඑන් කොපිකඩේ වගේ අවුරුදු 40ක් විතර ඇද ඇද යයි වගේ.
ඔයත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ. උසාවියෙන් බේරිලා ඉන්නේ ජනාධිපති මුක්තිය යටතේ. නැති නම් මෛත්‍රීට වගේම අධිකරණ දඬුවම් , අච්චු ලැබෙනවා. නිකම් බයිලා ගහන්නේ නැතුව ඉන්නවා. අනෙක මහ බැංකුව කොල්ලකෑවේ කවුද කියලා අපි අමතක කරන්නේ නෑ. ඒකටත් දඬුවම් විඳින්න වෙනවා.
තමුන් ඒ කාලේ රටේ අගමැති වෙලා හිටියේ?අවුරුදු 5 ක් තිස්සේ තටම තටම ඉදලා දැනුයි මතක් වෙලා තියෙන්නේ ?
මහ බැංකුව මංකොල්ලය ගැනත් කොමිසමක් දාමූ
ඔය මොනවා කලත් වැඩක් නෑ මා පුතී, අවසානයේ කතෝලික සභාව කියන්නේ පරීක්ෂණ හරියට උනේ නෑ. සාධාරනය ඉටු උනේ නෑ. කතෝලික සභාව නොම යැව්වා වගේ දේවල්. ඔයිට හොදයි අගරදගුරු ගෙන් ඇහුවා නම් පාස්කු ප්‍රහාරෙට කාවද එල්ලන්න ඕනේ කියලා. ඒ කියන එකාව එල්ලලා දාලා ඔය ප්‍රශ්නේ ඉවර කලා නම් කතෝලික සභාවත් සතුටින්. අපිත් සතුටින්.
ජනාධිපතිවරණ කැම්පේන් එක පටන්ගත් වගයි.
සීඅයිඩි ලොක්කෝ දෙන්නා එන්පීපී එකේ විශ්‍රාමික පොලිස් සංසදයට එකතු වුණ එකට ගුලියක් අඹරන්න හදන වැඩක්.. රාජපක්ෂලාට කෙළවෙන එකෙන් බේරා ගන්න. පොලීසියේ අවංක නිලධාරීන්ට උගුල් අටවන්න හදන්නේ.. අපි අහුවෙයි ඕවට ..
අඩේ උඹට පිස්සුද බං
රැවටීම කලාවක් නම් රනිල් එහි පිකාසෝ වෙයි
රනිල් මහත්තයා මැතිවරණ නාට්‍ය පටන් ගත්තා.
ඔය කමිටු වලට වෙනදේ හොයන්නත් කමිටුවක් දැම්මොත් හොදයි. තව සිය ගාණක් මිනී දිහා බල බල කිසිදු කම්පනයකින් තොරව අගමැති හිනාවෙවි ආතල් එකේ හිටපු හැටිත් කියන්න
ප්‍රහාරය සිද්දවෙන අවස්ථාවේ "හිටපු ජනාධිපති (ආරක්ෂක ඇමති), අගමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමති" ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහාත් කමිටුවක් හෝ කොමිසමක් පත්කර වාර්තාව ඉදිරි මැතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කරන්න.
ඒ සම්බන්ධව කිසිම දෙයක් අහන්න අපි උනන්දු නැහැ. ඔබේ නාට්‍ය දැන් ඉවරයි. අපට අවශ්‍ය වන්නේ ඉක්මනින්ම එම ධුරයෙන් ඉවත් වී ජනාධිපති මන්දිරයෙන් පිටවීමයි.
මේ මගුල තවම ඉවරයක් නද්ද? දලදා මාලිගවට ගාපුවත් ඔයපල්ලකෝ.
අනේ නිකම් හිටහන් .කරන්නම ඕන නම් බටලන්දෙන්ම පටන් ගනින්
මොන්ටිසෝරි දරුවෙකුට දීලා අහමුද .ඔය සිද්ධිය කලින් දැනුම් දීලා තිබිලත් එය වලක්වා නොගත්තානම් කවුද වැරදි කියලා.රටම අද විහිලුවට පත්වෙලා
කලින් දැනුම් දුන්න නිසා අඩු ගාණේ ඒ ගැන නිකමට ජනතාව දැනුවත් කරන්නම් ඔය විපත වෙන්නේ නැනේද? නිකන් බොරුවට වටේ කැරකෙනවා.
මිනි මරුවන්ගේ ඡන්දෙන් ජනාධිපති වෙලා, මිනිමරුවෝ අල්ලන් යනවා. මොන විහිලුවක් ද මේවා