
( කපිල කුමාර)
සිය පිරිමි දරුවා පහ වසර ශීෂ්‍යත්ව උපකාරක පංතියකට ඇරලවා කෙටි පාරකින් නිවස කරා ගමන් කළ ගිය 34 හැවිරිදි මවකගේ සිරුර මාටුවාගල දැල්වත්ත මාර් ගයේ කුරුගඟ ආසන්නයේ ජලයේ තිබී සොයාගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කිරිඇල්ල බටහිර මුදුන්කොටුව ප්‍රදේශයේ පදිංචි එම්.කේ. සතින්තා නමැති එක් දරු මවකි.
මෙම ප්‍රදේශයට පසු ගිය දින කීපයේ පැවති විශාල ගංවතුර බැස යාමත් සමග තම දරුවාට මග හැරුනු පාඩම් ඉගෙන ගැනීමට කිලෝ මීටර් 5ක දුරක් දරුවාද රැගෙන පා ගමනින් මාටුවාගල ගෙවල් 20 ප්‍රදේශයේ පවතින උපකාරක පංතියට දමා වෙනත් කොටි මාර් ගයකින් නිවස බලා යන අවස්ථාවේ මෙම දියේ ගිලීම සිදුව ඇතැයි පොලීසිය අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd