
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට සහ ප්‍රජා සෞඛ්‍ය සහායක වරයෙකුට පහර දුන් බව කියන මහනුවර දළදා වීදියේ රාත්‍රී ආපනශාලාවක හිමිකරු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර නගරයේ ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසල රාත්‍රී ආපනශාලාවකින් ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් නොකොට මහනුවර නගරයේ දළදා වීදියට අද (12) අලුයම් කාලයේ බැහැර කරමින් සිටි අවස්ථාවක එය නිසි ප්‍රමිතියට වෙන්කොට බැහැර කරන ලෙස මහජන සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දීමෙන් පසු මෙම පහරදීම සිදුවී ඇති බව පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් එම අවස්ථාවේදීම මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට ඇති අතර පහර කෑමට ලක් වූ මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ඝන අපද්‍රව්‍ය පවිත්‍රතා ඒකකයේ අධිකාරිවරි වරයාත් ප්‍රජා සෞඛ්‍ය සහායකවරයෙකුත් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි රටක් පරිහානියට යන විදිහ. නීතියක් නැති, නීතියට ගරු නොකරන රස්තියාදු කාරයෝ ඉන්න රටක කුමන අන්දමකවත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. මහනුවර නගර සභාව ඉතාම අකාර්‍යක්‍ෂම, දූෂණයෙන් පිරුණු තැනක්. එහි සේවයට දක්‍ෂ, තරුණ, අදූෂිත පිරිසක් අවශ්‍යයයි. නිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පුහුණුව ලත් ආරක්‍ෂක බල ඇණියක් ද අවශ්‍යයි. බදු ඉහල දමා, වැටුප් වැඩිකල යුතුයි...
බෙහෙත් වලින් හොරා කාපු ඇමැතියෙක් හිටපු මහනුවර ගැන මොන කතාද? මේ හැමදේටම මුල නුසුදුසු එවුන් පාර්ලිමේන්තුවට ඇරිය හැකියි. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ දුෂීතයෝ නේ