IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ වැඩිහිටි දීමනාවෙනුත් යටි මඩි ගහලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවැසීය.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශය දෙකකට මෙන්ම ග්‍රාම නිලධාරීන් පිරිසකට මෙම චෝදනාව එල්ලවී ඇතැයි කියති.

අදාළ වැඩිහිටියන්ට මෙම මුදල් ලබා දුන් බවට ලේඛනවල සටහන් තබා වැඩිහිටියන්ට ලබා නොදී වංචා කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි ද කියයි.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩිහිටි දීමනා ලබා ගන්නා වැඩිහිටියන් දහසකට ආසන්න පිරිසක් සිටින බවත් එයින් බහුතරයක පිරිසකගේ මුදල් මෙලෙස වංචා සහගත අයුරින්  ලබා ගෙන ඇති බවටත් ‍චෝදනා එල්ලවී ඇතැයි කියති.

තැපැල් කාර්යාලවලින් වැඩිහිටි දීමනාව ලබා දීම සිදු වුව ද එය සෑම මසකම 15 වැනිදායින් පසු ලබා නොදීමෙන් පසු මෙලෙස මුදල් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලැබීමෙන් පසු එම මුදල් ද මෙලෙස වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි කියයි.

මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්ගඑම්ගඑස්ගපීගහේරත් මහතාට තොරතුරු ලැබීමත් සමග දිස්ත්‍රික් ලේකම්වරයා  විමර්ශන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයට භාර දී ඇත.



අදහස් (3)

පුත්තලමේ වැඩිහිටි දීමනාවෙනුත් යටි මඩි ගහලා

පිටරටවැසියා Thursday, 13 June 2024 09:06 AM

කාලකන්ණි, මොවුන් පණුවො ගහල, අපා දුක් මෙලොවදී විඳලා මැරෙන්න ඕන ....

:       0       7

nadeera Thursday, 13 June 2024 10:22 AM

225 ම එළවලා හොදම හොද අලුත් එවුන් ගත්තා කියමුකෝ. එත් මුන් එලවන්න බෑනේ .. ලංකාව නම් කවදාවත් හදන්න පුලුවන්ද ?

:       0       7

Samantha Thursday, 13 June 2024 02:06 PM

අසරණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිවාස දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන දීමනා හොරකම් කරපු නිළධාරි ඉන්න රටේ ඕක මොකක්ද (මේක අවුරුදු 15 කට පමණ පෙර සිදුවීමක් )

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site