
(ගයාන් සූරියආරච්චි)
වැලිඔය පොලිස් වසමේදී කුඩා දැරියකට අමානුෂික පහරදීමේ සිද්ධිය වීඩියෝ කර සැකකරු අනාවරණය කරගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදුන් තරුණයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ එම වින්දිත දැරියට රුපියල් 250,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණ.
වසර 33 කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරගයේ ශූරතාවය පොලිසිය ජයග්‍රහණය කිරීමත්, විශිෂ්ඨ ලෙස තම රාජකාරිය ඉටුකළ පොලිස් නිලධාරීන් 459 දෙනකු සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සේවය අගයා ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයකදී එම තරුණයාට සහ වින්දිත දැරියට එම ත්‍යාග පිරිනැමිණ.
එහිදී පොලිස්පති ත්‍යාග අරමුදලින් රුපියල් දෙකෝටි පනස් නව ලක්ෂ තිස් හත්දහස් පන්සීයක මුදලක් සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.
එහිදී සංකේතාත්මකව පොලිස් නිලධාරීන් 232 දෙනකුට ත්‍යාග මුදල් ලබාදුන් අතර පෞද්ගලික ඔත්තුකරුවන් 16 දෙනකුට ද ත්‍යාග මුදල් හිමිවිය.
මෙම අවස්ථාවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී, අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, සංචාරක හා ආයෝජන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංගග කරවිට, අපරාධ දිසාව බාර හා මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි .... සහ ගරුකරනවා
තෑගි දෙන උන් දැක්කම හිනා යනවා
බත් කටක් කන්න ළඟයි