ඉන්දියාව ජනරජ දිනය සමරයි ජනරජ දින ප්‍රධාන සැමරුම් උත්සවය සුපුරුදු පරිදි, නවදිල්ලි අගනුවර ආරම්භ වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු සහ මෙවර ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැකරොන්ගේ ප්‍රධානත්වයෙනි. 26 January 2024
වසර 70 කට පසු සෞදියේ මත්පැන් සැලක් වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි. 26 January 2024
පිළිස්සෙමින් තිබූ දේහය වැඩිදුර පරීක්ෂණයට ගෙන යයි මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් සැක පහළ කිරීමේ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගිය බව මීරිගම පොලිසිය කියයි . 26 January 2024
හැටන් වතු යායක ගින්නකින් අක්කර 10 ක් විනාශයි හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතු යායට අයත් සිත්තර වත්ත කොටසේ හටගත් ගිනන්කින් අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත. 26 January 2024
අධිවේගයේ අනතුරින් විදේශිකයා මරුට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවර පිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි. 26 January 2024
මල්ශාලා සේවකයාට තියුණු ආයුධ ප්‍රහාරයක් කහතුඩුව දියගම සමූපාකාර මල්ශාලාවට කඩා වැදුණු පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි සේවකයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි 26 January 2024
එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 January 2024
නාවික සෙබළා නැන්දම්මා මරා දමලා කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව කුඩා ගල්ලිදවැව ප්‍රදේශයේ නිවසක් තුළ උදැල්ලකින් පහරදී නාවික හමුදා බෑන නැන්දම්මාව ඝාතනය කර ඇතැයි වාහල්කඩ පොලිසිය පවසයි. 26 January 2024
කාලගුණයේ සුළු වෙනසක් හෙට උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්වයේ වෙනස් වීමකට හෙට දින සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 January 2024
පංච පුද්ගල ඝාතනයට ඔත්තු දුන් දෙකක් මාට්ටු බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාරය බළකායේ මිරිහාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ. 26 January 2024
ත්‍රිරෝදය හෙළට පෙරළී මවක් මරුට: පහක් රෝහලට කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනකු ෙ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි . 26 January 2024
මුහුදේ සැඟවුණු තරුණ ජීවිත දෙක කුඩාවැල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයන් තිදෙනකු රළ පහරට හසුව ගසා ගෙන යාමෙන් එක් අකු දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණයකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 25 January 2024
සියනෑ කුමාරී’ පිලී පනී කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ ’සියනෑ කුමාරී’ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතරදී අද (25) රාත්‍රී 8.30 ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 January 2024
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපලා බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල නොගෙවීම නිසා විදුලිය සැපයුම ඊයේ (24) සිට විසන්ධි කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. 25 January 2024
සේරම බළලුන්ටයි බල්ලන්ටයි චීනයේ වයෝවෘද්ධ කාන්තාවක්, ඇය සතු ඩොලර් මිලියන 2.8 ක් වටිනා ඇගේ සියලු දේපොල සහ මුදල්, ඇගේ දූ දරුවන්ට නොදී, ඇය ආදරයෙන් ඇති දැඩි කරන බළලුන් සහ බල්ලන් ට ලබා දීමට තීරණය කර ඇතැයි ‘සවුත් චයිනා මෝනිං’ පුවත්පත පවසයි. 25 January 2024
ප්‍රංශ ජනපති ඉන්දියාවේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දියාවට පැමිණ සිටී. 75 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වනු ඇත්තේ මැක්රොන්ය. 25 January 2024
පුතාගේ පැමිණිල්ලට පියාගේ සිරුර ගොඩගනී සිය සහෝදරියගේ දුක සැප බැලීමට ඉන්දියාවට ගොස් සිටියදී මියගිය සිය පියාගේ මරණය සැක සහිත බව කියමින් කළ ඉල්ලීමක් පිළිගත් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර ඔහුගේ දේහය යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය. 25 January 2024
ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගොස් පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළේය. 25 January 2024
ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කනිෂ්ඨ නීතිඥයාට වට කර පහර දීලා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දහක් බලා සිටියදී පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් අද (25 ) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 25 January 2024
මැංගුස් ගහෙන් මාරයා එයි මැංගුස් කැඩිමට මැංගුස් ගහකට නැගගත් 66 හැවිරිදි දෙදරු පියෙකු එම ගසේ අත්තක් සමග බ්මට වැටිමෙන් මරුමුවට පත්ව ඇතැයි පොල පොලීසිය කියයි. 25 January 2024
ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුකරන සිව් මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය අද (25) දුරුතු පොහෝ දින සිදු කෙරුණි . 25 January 2024
ගංජා සමඟ ණය නිලධාරියා මාට්ටු ලිසිං සමාගමක ආණමඩුව ණය නිළධාරියකු කේරළ ගංජා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි නොරෝච්චෝල පොලිසිය ඉලන්තඩිය ප්‍රදේශයෙදි අද( 25) අත් අඩංගුවට ගත් බව කියයි. 25 January 2024
නරක ශුද්‍ර ජීවීන් එක්ක සටන් කරන්න ජාත්‍යන්තර සහය ශුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම (2023- 2028)ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 25 January 2024
ගමේ වැව් අමුණු හදන්න මේ අවුරුද්දෙත් කෝටි 100ක් කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලි පිළිසකර කිරීමට මේ වසරේ රුපියල් කෝටි 100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ. 25 January 2024
කොකෝවා වවන්න රජයේ වතු බදු දෙයි කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 January 2024
සනත්ගේ නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 ඉරිදා ආරච්චිකට්ටුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 25 January 2024
මැතිසබය වාර අවසාන කිරීම හෙට රෑට පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) අද (26) මධ්‍යම රාත්රියේදී වාර අවසාන කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 25 January 2024
මෛත්‍රීගේ පනතකට කැබිනට් අනුමැතිය අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 January 2024
රිය අනතුරින් පියා -පුතු මරණයට: මව රෝහලේ ආණමඩුව ලබුගල ප්‍රදේශයෙදී අද(25 ) සිදුවු මාරක අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 25 January 2024
මීනගයා දුම්රියේ ආපනශාලාවට සීල් තියයි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාවලට අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබීය. 25 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026