
(ආරියරත්න රණබාහූ)
ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩනයේදී පැවසීය.
මෙතෙක් කල් නයි පොළඟුන් මෙන් ම විරසක වී සිටි සියලු දේශපාලඥයෝ ජාතික ජන බල වේගයට එරෙහිව එකම වේදිකාවක ළඟදීම දකින්නට හැකි වනු ඇතැයිද ඒ මහතා කීය.
ලන්ඩන් නුවර ක්‍රිස්ටල් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජන හමුව අමතමින් ඒ බව පැවසූ දිසානායක මහතා එහිදී මෙසේදී කීය.
ඔබ මේ අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා.
මහා ගංවතුරක් ගැලුවාම නයි මුගටි සියලුම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලුදෙනාටම අද එකට එකතුවීමට සිදුව තිබෙනවා.
අපි ශ්‍රී ලංකවේ නව දේශපාලනයක් ඇති කරනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා. යයිද කිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුනුත් එකයි මොවුනුත් එකයි, මේ ඔක්කෝම යාලුවෝ මල්ලී...
ලන්ඩන් වලටත් බසු දාලා ඇදලානේ ජෙප්පෝ... මම දැක්කා හැම දිස්ත්‍රික්කයකින්ම වගේ බස් ඇවිල්ලා තිබුණා...
ලොක්කා, ඡන්ද දායක අපි මේ ලක්බිමේ, ඔය සෝබන ඔහේ දැම්මාට, අපිනේ තීරනය කරන්නේ.... මෙහේ ගං වතුරෙන් අපි යටවෙලා රතු අලි පැටියා රට...
ඡන්දය තියෙන්නේ ලංකාවේ. ඡන්දය දිනට බලන්නකෝ...!
"ඔබ මේ අවස්ථාවට සහභාගි වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා." ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා නෙමෙයි බං... අප ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.
ඡන්ද වැඩවලට මෙයාලාට මාර විදිහට සල්ලි යොදවන්නේ... ඒත් ඉතින් සල්ලි තිබ්බ පලියට ඡන්දෙ දිනන්න බැහැ. නැතිනම් මෙදාපාර ක්‍රිකට් ලෝක කුසලානය දිනන්නේ ඉන්දියාව.
ලංකාවට එක නීතියක්, එක ව්‍යවස්ථාවක් ඕනේ. මුළු රටේම මිනිස්සුන්ට තේවසලාම්, ෂරියා, කඳුරට... සියලු නීති අයින් කර, එකම නීතියකින් හැමෝම පාලනය කරන්න ඕනේ. පළාත්සභා, ප්‍රාදේශීය සභා වගේ සුදු අලින් අතුගාලාම දාන්න ඕනේ...
වැටුප් ගන්නෙත් නැතිලු... පක්ෂයට ලැබෙන මුදල් වලින් රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ..? සමාජවාදය ගැන මහ ඉහළින් කතා කළාට ධනවාදී රටවල් ගැන කළින් විවේචනය කළාට යන්නේ එම රටවලටමනේ...!