
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( පාලන) සාමාන්‍යාධිකාරී (ධාවන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස තනතුරු තුනක් ඇතිකර ඉන් තනතුරු දෙකක් දීර්ඝ කාලයක සිට වැඩ බැලීමේ පදනම යටතේ පත්කර දීමනා වශයෙන් ලක්ෂ තුනකට වැඩි මුදලක් ගෙවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) අවධානය යොමුවිය.
මේ අතර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාර්ග බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ව සාකච්ඡා කෙරුණු බව කමිටුව පවසයි.
විශේෂ අවසර පත්‍ර මගින් මගී ප්‍රවාහනය සඳහා බස් රථවලට ගමන් වාර ලබාදීම පිළිබඳව කමිටුව නිලධාරීන්ගෙන් විමසූවේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් බස් රථ සඳහා වැඩි වාර ගණනක් ලබාදී ඇත්තේ අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉහළ පුටුවල කවුරුත් නැද්ද අප්පා හොරකම් නොකරන?