
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමි අතර හමුවක් මන්නාරම රදගුරු නිල නිවසේ දි අද(16) සිදු විය.
රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියෝ මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.
මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සමග LTTE අවතාර කීවා නම් හරියටම ගැලපෙනවා...
හම්බ වුණාට අන්දවන්න ලෙහෙසි වෙන එකක් නැහැ..
පාස්කු ප්‍රහාරය කාලේ රටේ අගමැති... කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැතුව හිටියා. තකහනියේ රදගුරුතුමා හම්බ වෙන්ඩ ගියේ ඡන්දයක් එන හින්දාද?
ලොක්කාගේ ඔළුවේ තියෙන්නේ වෙන කෙනෙක් යාලු කරගන්න ප්ලෑන් එකක්... ඒක ලොක්කාගේ ඔළුව පිටිපස්සෙන් පේනවා...
මෙයා ගැන ලියන එකත් අපේ කලේ නාස්ති කිරීමක්
ඔව් ඉතින් කොළඹ අගරදගුරුතුමන්ව හමුවීමට හැකියාවක් නැහැ නේ