ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක් ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. 27 January 2024
කැනඩා සිහිනයක් පෙන්නා කෝටි හයක් ගරලා හොද වැටුපක් ලබා ගත හැකි කැනඩාවේ රැකියා ලබා දෙන පවසා නොයෙක් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 14 දෙනකු රවටා රුපියල් කෝටි 06 ක ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක වත්තල සුපිරි නිවෙසකදී සැකපිට අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි. 26 January 2024
දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 26 January 2024
අධිවේගී මඟේ අනතුරින් මියගියි කොස්තාපල් සැරයන් නිලයට උසස් කරයි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී ඊයේ (25) සිදුවූ මාරක අනතුරින් මියගිය ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය 26 January 2024
චමරිගේ වටිනාකම ඉන්දියාවට දැනෙයි ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ප්රබලතම ක්‍රීඩිකාවක් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියට (2024) කැඳවා තිබේ. 26 January 2024
උමා ඔයෙන් මෙගාවොට් 120ක විදුලියක් උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. 26 January 2024
මෛත්‍රී - චන්ද්‍රිකා සුසංයෝගයෙන් අලුත් සංධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 26 January 2024
කැකිරාවේ දුම්රිය හරස් මාර්ගයක් දින දෙකක් වසයි කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් සඳහා ලබන පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 26 January 2024
අභයාරාමයට උදව් කළේ රනිල් විතරයි සම්බද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පැවැසූහ. 26 January 2024
නයිට්රජන් වායුවෙන් මරණ දඬුවම දෙයි ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති එම සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙනි. 26 January 2024
රාජ්‍ය අමාත්‍ය සනත්ගේ සිරුර උපන් ගමට හදිසි අනතුරකින් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ දේහය කොළඹ පුද්ගලික මල් ශාලවක සිට ආරච්චිකට්ටුව නිවස පිහිටි ස්ථානයට අද සවස රැගෙන ආහ. 26 January 2024
පාර්ලිමේන්තුව වාර අවසාන කරයි පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ( 26) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරේ. 26 January 2024
සනත් නිශාන්තගේ රියැදුරා රිමාන්ඩ්:කන්ටේනර් රියැදුරා මුදා හරියි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට අද (26) නියම කළේය. 26 January 2024
ගාසාවෙන් මෙරටට කුඩු පැන්නූ ධීවරයින් 12ක් රිමානඩ් ගසා දූපත් ආසන්නයේ සිට හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 75කට අධික ප්‍රමාණයක් මෙරටට ප්‍රවාහනය කළේ යැයි අත්අඩංගුවට ගත් ධීවරයාත්‍රා දෙකක ධීවරින් දොළොස් දෙනෙකු පෙබරවාරි 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26)නියෝග කළේය. 26 January 2024
බෞද්ධාගමට නිගා කළ තව අයෙක් රිමාන්ඩ් මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධර්මරතන හිමියන්ට,ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට හා බෞද්ධාගමට අපහාසයක් වන පරිදි මුහුණු පොත ඔස්සේ හා youtube ඔස්සේ අන්තර්ජාලයට ප්‍රකාශ නිකුත් කළ අජිත් එදිරිසිංහ සැකකරු ලබන තිස් එක දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 26 January 2024
හෝටලයක් හදලා කෝටි දාහතරක් වතුරේ යවලා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හදාරන සිසුන්ගේ වැඩිදුර පුහුණු කටයුතු සඳහා අහංගම හෝටල් පාසල රුපියල් කෝටි දාහතරකට වැඩි මුදලක් වැය කර සංවර්ධනය කර තිබුණද පසුගිය වසරේ ජුනි මස 30 වැනිදා දක්වා එම හෝටලයෙන් කිසිදු ආධුනිකයකුට ප්‍රායෝගික පුහුණුව ලබාදී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 January 2024
ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න එපා ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය. 26 January 2024
අල් කයිඩා සංවිධානයට අනුබල දුන් හතරක් අල්ලන්න රතු වරෙන්තුවක් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළේය. 26 January 2024
ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි 3 අත්සන් කරයි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන වැඩි කර විදේශ විනිමය ඉහල නංවා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය. 26 January 2024
අල් කයිඩා ත්රස්තයන්ට උදවු දුන් 4කට රතු වරෙන්තු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළේය. 26 January 2024
නාන්න ගිය තරුණයා වංගෙඩිවලේ සැඟවෙයි බණ්ඩාරවෙල ලියන්ගහවල ප්‍රදේශයේ වංගෙඩි වලේ දිය නෑමට ගිය විසි දෙක හැවිරිදි තරුණයෙකු දිය වලට ඇද වැටී අද (26) අතුරුදහන් වී ඇති බව ලියන්ගහවෙල පොලිසිය පැවසීය. 26 January 2024
බෞද්ධාගමට නිගා කළ තව අයෙක් මාට්ටු මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධර්මරතන හිමියන්ට,ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට හා බෞද්ධාගමට අපහාසයක් වන පරිදි මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට ප්‍රකාශ නිකුත් කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 26 January 2024
ලාභ ලබන ලිට්රෝ විකුණන්න යයි ලිට්රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 January 2024
බම්බලපිටිය දුම්රිය ස්ථානයට විදුලිය දෙයි බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විසන්ධි කර තිබූ විදුලි සැපයුම නැවත අද (26) පස්වරු 12.30 ට පමණ සක්‍රීය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 January 2024
පුටුවක් හිස් බව මැකෝට දන්වයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් ඊයේ (25) සිට පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද දැනුම් දුන්නේය. 26 January 2024
ජාතික ආර්ථිකය කැඩුවේ පොරොන්දු දේශපාලනය පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 January 2024
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළාට තුනක් රිමාන්ඩ් මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය ලබන 2 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය. 26 January 2024
ලිට්රෝ ගෑස් තවත් කෝටි 150ක් භාණ්ඩාගාරයට යවයි ලිට්රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බවත් ලිට්රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 January 2024
‘මීනගයා’ අපනශාලාව ඉවත් කරයි කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දූම්රියේ ආපනශාලාව ද ඉවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 26 January 2024
සෙල්ෆියක් ගන්න ගිය විදෙස් කත දුම්රියෙන් වැටෙයි දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් අද (26) ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි. 26 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026