
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියෝග කළේය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර සහතිකයක්වත් නැති, දියවන්නාවේ ඉන්න තක්කඩින්, ගරු මන්ත්‍රී, ගරු ඇමැති ....
ඒ අයට හොර සහතික හරි තියෙනවා. දියවන්නාවේ ඇමති කී දෙනෙක් ඉන්නවද ,ලියන්න කියවන්නවත් බැරි වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති අය .ඒ අය ගැන මොකද කියන්නේ
ව්‍යාජ සහතික දීල හරි කමක් නෑ හරියට රැකියාව කලානම්. ලොකුවට සහතික තියෙන බොහෝ අයට තම රැකියාව කරගන්න බෑ.පොතේ ගුරාල පමණයි. වැඩ බැරි ටාසන්ලා...හතේ පන්තියට ඉගෙනගත්ත ඩී එස් සේනානායක මහතාට තරම් දුර දැක්මක් නිවනක් ඉන් පසුව අගමැතිකම ගත්ත මහ උගතුන්ට තිබුනේ නෑ කියල අද තත්ත්වය දැක්කම තේරෙනව නේද? බල ලෝභය පමණයි....