ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවිය.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා නිල ගුවන් යානය ලෙස භාවිතයට ගන්නේ නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යානයකි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පිරිවර රැගෙන ජපානය බලා ගමන් ආරම්භ කළ එම ගුවන් හමුදා යානය පැපුවා නිව්ගිනියාවේදී ඉන්ධන පුරවා ගැනීමට ගොඩබෑ අවස්ථාවේදී දෝෂය හටගත්තේය. එය යානයේ එක් තටුවක දෝෂයක් බව ද පැවැසෙයි.
වෙනත් ගුවන් යානයක් ද නොතිබුණු බැවින්, අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ සහායකයන් කීප දෙනකු පමණක් හොංකොං හරහා සාමාන්‍ය මගී ගුවන් යානයක මගීන් අතරේ අසුන්ගෙන ටෝකියෝ අගනුවර බලා ගිය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි
UPALI Monday, 17 June 2024 02:42 PM
තවමත් ඔහු පළමු පන්තියේ ආසනවලද යන්නේ...!
Chandima Monday, 17 June 2024 04:18 PM
ඒකනේ අපේ ජනාධිපති හෙලිකොප්ටර් 3ක් අරන් යන්නේ...!
ගම්කබරයා හෙවත් නාකි මයිනා Monday, 17 June 2024 04:38 PM
ආපෝ.. මගේ බල්ලාවත් සාමාන්‍ය මගින් එක්ක එකට ප්ලේන් වල යන්නේ නැහැ. චික් විතරක් උන්ගේ ගඳ... මතකයිනේ ශ්‍රී ලන්කන් එකට වුණුදේ? මට ඕනෑ වෙලාවට මගේ "පිරිවර " 75 ක් එක්ක එකට එන්න ප්ලේන් එකක් දෙන්න බැහැ කිව්ව පීටර් කාරයාව එළවලා දැම්මා.. සමාගම ඒ වෙලාවේම රජයට පවරාගත්තා. මගේ මස්සිනාව ලොක්කා කරලා දැම්මා... ඔය දැනටත් ෂෝක් එකට දුවන්නේ. මගේ වැඩ එහෙමයි හාන්දුරුවනේ...!
Prabha Tuesday, 18 June 2024 04:47 PM
චා චා ඒක තත්වෙට හරි නෑනේ.ලංකාවේ ජනාධිපතිගෙන් චුට්ටක් අහන්න ඒ වගේ වෙලවාට මොකද කරන්නේ කියලා