ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක් ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 ක් යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 29 January 2024
රාජ්‍ය ඇමැතිවරයෙක් දිවුරුම් දෙයි වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 29 January 2024
නාන්න ගිහින් මුහුදේ අතුරුදන්වෙයි මුලතිව් මාතලන් මුහුදු සීමාවේ දිය නාමින් සිටි පිරිසකගෙන් තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි. 29 January 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 29 January 2024
සරසවි සිසුවියකට නවකවදය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට සරසවි සිසුවියකට නවක වදය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සබඳතම විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි. 29 January 2024
සවස් කාලයේ පළාත් කිහිපයකට විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 January 2024
මාවනැල්ලේ කුඩා කඩ 30ක් ගින්නට බිලි මාවනැල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරියට කුඩා කඩ 30ක් පමණ ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 29 January 2024
තිබ්බේ ඌරාට වැදුනෙ පියාට කෑගල්ල දැඩිගම ජයලත් කන්දේ දඩයමේ ගිය පිය පුතු දෙපළක් අතරින් දඩයමක් දුටු පුතා එල්ල කළ වෙඩි පහරකින් පියාට වැදී 47 හැවිරිදි පියා මියගොස් අතැයි පොලිසිය කියයි. 29 January 2024
කතරගම අනතුරකින් අයෙක් මරුට පහක් රෝහලට කතරගම සෙල්ල කතරගම මාර්ගයේ පස්සරයාය හංදිය ප්‍රදේශයේදී අද 28 රාත්‍රී වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියක ගස් දෙකක හා බූම් ටක් රථයක ගැටී සිදුවූ අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කළ බව කතරගම පොලිසිය පවසයි. 28 January 2024
දරු මුණුපුරු 180ක ආදරය ලැබූ වීර මාතාව දිවියට සමු දෙයි අපේ රටේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මවට පිරිනමන වීර මාතා සම්මානය වසර කීපයක් හිමිකරගත් බදුල්ල අන්දෙනිය මාවතක ඊයේ මෙලොවින් සමුගත්තාය. 28 January 2024
උමාඔයෙන් තවත් එළිය උමාඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60 ක් ජාතික පද්ධතියට එකතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 28 January 2024
ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. 28 January 2024
අයි.එම්.එෆ් දෙවන වාරිකයට කැපකිරීම් 110ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගමන ආරම්භ කර ඇත්තේ කැපවීම් 110 සමඟ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. 28 January 2024
ක්‍රිකට් තහනම ඉවතට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම වාහාම ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව තහනම ඉවත් කළ බව නිල වශයෙන් ඉදිරියේදී නිවේදනය කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 28 January 2024
සනත් නිශාන්ත සැමට සමු දෙයි ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද 28 ආරච්චිකට්ටුව රාජකදලුව ශුද්ධවු පවුලේ දේවස්ථාන සුසාන භූමියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද සවස සිදු කෙරිණි. 28 January 2024
පාවෙන නගරය මංගල ගමන් අරඹයි ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ’අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 28 January 2024
මොනාලිසාට සුප් ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි මොනාලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් වාර්තා වේ. 28 January 2024
ඉන්දීය කෝවිලක අනතුරක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, කෝවිලක සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 17ක් තුවාල ලැබූ බව වාර්තා වේ. 28 January 2024
චිත්‍රපට දුම්රිය කොටගල - හැටන් අතරදී පීලි පනී විදේශීය රටක චිත්‍රපටයක රූගත කිරීම් සඳහා මේ මස 24 වැනිදා සිට හෙට (29) දක්වා වෙන්කරගෙන තිබූ මැදිරි 6 ක විශේෂ දුම්රිය කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී අද (28) පස්වරුවේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2024
දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර මහතා පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ දමා ඇති බවත් සාමාන්‍ය පාර්සලයක් යන පුද්ගලයාට අවම බරක් දැණෙන ආකාරයට මෙම ගාස්තු ඉහළ දැමීම සකස් කර ඇති බවත් බණ්ඩාර මහතා කීය. 28 January 2024
එක්සත් රාජධානියේ රාජකීය නෞකාව නිල සංචාරයක එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත ‘එච්එම්එස් ස්පෙයි’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (27) පෙරවරුවේ සේන්දු විය. 28 January 2024
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බොරලැස්ගමුවේදී මාට්ටු බන්ධනාගාර නියාමකවරයෙකුගේ නමින් බොරලැස්ගමුව පිරිවෙන පාරේ නිවාස සංකීර්ණයක සුඛෝභෝගී නිවසක් කුලී පදනම මත ලබාගෙන ඔහු සමග එක්ව හොරයින් මත් කුඩු ජාවාරමේ නිරත වූ ’’ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ’’ බඩෝවිට ආශා’’ නැමැත්තිය අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි 28 January 2024
කාන්තා හිංසන දැනුම් දීමට දුරකතන අංකයක් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත 28 January 2024
මැතිසබේ මුල් පුටු හතකට අලුත් මුහුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභ හතක මුල් පුටු ( සභාපති තනතුරු) වෙනස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. 28 January 2024
ගාලු සංවර්ධනයට විශේෂ කොමිසමක් ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 28 January 2024
රතු මුහුදේ අර්බුදයෙන් කොළඹ වරායේ මෙහෙයුම් කඩිනම් කරයි මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්වය හේතුවෙන් කොළඹ වරායට ළගා වන නෞකාවන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ අනුව බහලු මෙහෙයුම් ධාරිතාවය ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 28 January 2024
ලොකු පොලී පෙන්නා කෝටි 500 ගැරූ බස්නායක නිලමේ,නිලියක රිමාන්ඩ් වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය. 28 January 2024
තේ පෝර අඩු කරන ගිවිසුම හෙට අත්සන් කරයි තේ වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා සහන මිලට තේ පොහොර ලබාදීම සඳහා වන ගිවිසුමට හෙට අත්සන් කරනු ලබයි. 28 January 2024
වෘත්තීය පුහුණුවේ ලොක්කෙක් තැන් දෙකකින් පඩි අරගෙන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයකු ලෙස සේවය කරමින් ආයතන දෙකෙන්ම දීමනා සහ ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 January 2024
මේ විවිධ ආණ්ඩු කළ වැරදි නිවැරදි කරන යුගයයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට රුපියල් කෝටි පහක කෘෂි උපකරණ බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 28 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026