IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි‘‘

(පී.එම්. රාජපක්ෂ)

ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය.

පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනය වුවත් දැනුවත් භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය වර්ෂ 2018දී ලක්ෂ 96ක් වූ පිළීකා රෝගී මරණ ගණන වර්ෂ 2030දී එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ද කීවාය. පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බව පෙන්වා දුන් වෛද්‍යවරිය, දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බව කීවාය. මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා අවම කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.

මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලුව පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල සිදුකරන ප්‍රතිකාර වලට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් අමතර ඖෂධ ලබාදීම, ආහාර සහිතව නේවාසික පහසුකම් ලබාදීම, මහජනයා දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා සංගමය මගින් සිදුකරන බව වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

 



අදහස් (1)

‘‘2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි‘‘

Saravita Wednesday, 19 June 2024 03:33 PM

දොස්තර නෝනා සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව බුලත්විට සැපීම කරන්නේ නැති තරම් වෙනවා (සාමාන්‍යයෙන් විටට හුනු ස්වල්පයක් ගන්නවා විටක් කෑමට පෙර වැඩිපුර සීනි සහිත තේ පානය කර සිට එවෙලේම විටක් කෑවොත් යම් අසාත්මිකතාවක් කලාතුරකින් ඇතිවෙන්න පුළුවන්) විටට කන හුණු සමග සීනි එකතුකර බලන්න. මේක මම කාලෙකට පෙර දැකපු දෙයක්. මම මගේ නෑයෙක්ගේ සායන අවස්ථා කීපයක් වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලට ගියා.. රෝගීන් අසුන්ගෙන සිටිද්දී මම ඔවුන් දෙස බැලුවාම වැඩි පිරිසක් හිටියේ මුස්ලිම් ජනතාව කියලා මම දැක්කා. ඔබතුමිය ඉහළම උගත් කෙනෙක් වුණත් උසස් පෙළ විභාගයට වැඩි අධ්‍යාපනයක් නැති අපි දැකලා තියෙනවා පාරම්පරිකව පිළිකා රෝගය වැළඳී තියෙනවා කියලා. සමහරක් අය බුලත්විට කටෙන් ඉවත්කරන්නේ ආහාර ගැනීමට විතරයි කියලා දැක්කා සමහරු විට එක හක්කක තියාගෙන තේ බොනවා. රාත්‍රියේ නින්දට යන්නේ බුලත්විට කටේම තියෙද්දී ඒත් ඔවුන්ට නම් කිසිදාක පිළිකාවක් දැක්කේ නැහැ. එනිසා පිළිකා ජානවලින් හා විස සහිත (ක්ෂණික) ආහාර මගිනුත් ඇතිවෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඒ ගැන පරීක්ෂණ කරනවා නම් ඉතාමත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site