පා ගමනට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් හා දේශපාලන ක්‍රියාකාරීන් පහළොස් දහසකට අධික පිරිසක් සහභාගි වෙනවා යැයි කියන උද්ඝෝෂණයට හා පාගමන වලක්වමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳු වත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. 30 January 2024
වේත්‍රධාරී නරේන්ද්‍ර මැතිසබෙන් සමුගනියි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42 ක පාර්ලිමේන්තු සේවය නිමවා අද (30) විශ්‍රාම ලැබුවේය. 30 January 2024
මැතිසබේ අනංග සිද්ධියට තුනක් අල්ලයි පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 30 January 2024
ආණ්ඩුවේ ආයතන වල ’’හබ’’ විසඳන්න පනතක් රාජ්‍ය ආයතන අතර පැන නැගෙන ආරවුල් විසඳීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
ලංකා -තායිලන්ත ගුවන් ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සහ තායිලන්ත රාජ්‍යය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
සජබ උද්ඝෝෂණයට කොටුවෙනුත් වාරණයක් සමගි ජන බලවේගයේ ‘‘ වෙනසක් හදන වසරක්‘‘ උද්ඝෝෂකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලය,සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුම මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහහතා වරණ නියෝගයක් නිකුත් කළේය. 30 January 2024
හම්බන්තොට වරායේ කළුගල අපනයනය කරයි සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත. 30 January 2024
වරාය නගරයට වෙනසක් කොළඹ වරාය නගර (සංවර්ධන පාලන) නියෝග සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
ඝාතන තැතක් වරදී:කඩු ගිනි අවි සමඟ දෙකක් මාට්ටු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක්, රැගෙන මෝටර් රථයකින් යමින් සිටී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසයි . 30 January 2024
බැංකු පනත සංශෝධනයට 1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
නවක වදය ගැන පැමිණිලි අසූ දෙකක් නවක වද සිද්ධීන් දැනුම් දීම සඳහා ආරම්භ කරන ලද ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි අසූ දෙකක් ලැබී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය 30 January 2024
‘වැට්’ සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 January 2024
‘ටික් ටොක්’ කරන්න ගිහින් රෝහලින් නවතියි ටික් ටොක් සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි 30 January 2024
මහ කන්නයේ වී ගන්න වැඩසටහනට කැබිනට් අනුමැතිය 2023/24 වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
ලංවීමෙන් දැනුම් දීමක් විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 January 2024
කෘෂි විද්‍යා විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක් ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විභාග අපේක්ෂකයන්ට ඒ සඳහා ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 30 January 2024
‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 30 January 2024
ජීවන වියදම පහළ දමන්නැයි පන්දම් විරෝධයක් ජීවන වියදම පහත දමන ලෙස ඉල්ලා ජාතික ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අනුරාධපුර,ශ්‍රාවස්තිපුර හන්දියේදි පැවැත්වුණි. 30 January 2024
මත් කරල් සමඟ අයෙක් අල්ලයි මන්නාරම සාවුත් භාර ප්‍රදේශයේදී මත්කරල් 31 390 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි. 30 January 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි. 30 January 2024
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 January 2024
බදු පොලු තැබූ මත්පැන් සමාගම් 9 ට වැඩ වරදී සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. 30 January 2024
ලෙඩුන් සූරා කෑ පෞද්ගලික රෝහලට දඩයක් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කළාය. 29 January 2024
පියාගේ පොලිස් පට්ටම විකුණන්න ගිය දුව අත්අඩංගුවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසා ගන්දර පොලීසියේ සැරයන්වරියකට පහර දී අසභ්‍ය වචනයයන් බණවැදී කලහකාරීව හැසිරුණු බව කියන 31හැවිරිදි තරුණියක සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. 29 January 2024
සෆාරි ජීප් ගාස්තුත් ඉහළ දමයි යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා අද (29) පැවසීය. 29 January 2024
චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව සංධානයක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 January 2024
කෝටි 1500ක අපනයන ආදායමක් මෙරට පසුගිය වසරේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 1500 කට (බිලියන 14.94) ආසන්න බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය. 29 January 2024
ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා අද (29) නිරුපද්‍රිතව බේරාගෙන සීෂල්ස් රාජ්‍යෙය් වික්ටෝරියා නගරයට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වී.ජී. වික්‍රමසූරිය මහතා පැවැසීය. 29 January 2024
උරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පු උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 29 January 2024
ජනරාල් දයා රත්නායක සජබට ජනරාල් දයා රත්නායක මහතා කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේදී අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. 29 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026