(සුමිත් පොතුපිටිය) 

බේරුවල ධීවර වරායේ සිට සහන් පුතා 7 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇති බව බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ මියගොස්  ඇත්තේ මග්ගොන, මාගල්කන්ද , රොක්කලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. කේ. චන්දන උපුල් නමැති පුද්ගලයෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය  බේරුවල ධීවර වරායෙන් මුහුදු සැතපුම් 180 ක් පමණ ඈත සිට බේරුවල ධීවර වරායට පැමිණෙමින් සිටින බව වාර්තාවේ . බේරුවල රේගුව පාරේ පදිංචි සුමනසිරි ප්‍රනාන්දු නමැති යාත්‍රාවේ හිමිකරු විසින් කළ  පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වේ.