
(අංජුල මහික වීරරත්න)
යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ.
සෑම වසරකම ජුනි 21 වන දින සමරනු ලබන ජාත්‍යන්තර යෝගා දිනය ගෝලීය සංස්කෘතික දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් ලෙස ආරම්භ වූ මෙම යෝගා සැමරුම මේ දශකයේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇතැයි ද නරේන්ද්‍ර මෝදි මහතා ජනපතිට එවූ ලිපියේ සඳහන් කර තිබේ.
පුරාණ ඉන්දියානු උරුමයක් වන යෝගා අද ලෝකයේ සියලුම සංස්කෘතීන් සහ සියලුම මහාද්වීප විසින් වැළඳගෙන තිබෙන්නේ යැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලාංකික ජනතාව අතර යෝග ප්‍රවර්ධනය කිරීම මෙන්ම මෙම වසරේද ජාත්‍යන්තර යෝගා දින සැමරුම් සාර්ථක කර ගැනීම සඳහා ගෞරවනීය සහයෝගය දිගටම බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් බලය ගන්න උදව් ඉල්ලලා පස්සෙන් එනකොට වැඩිකල් යන්න නැ. හොද වේලාවට මෝදි උන්නේ.
ඔවු ඔවු අපිත් කැමතියි එයා හුස්ම ගන්නේ නැත්නම්. අපිත් කියන්නේ එයාට හුස්ම ගන්න නැතුව දිගටම ඉන්න කියලා. කොහෙද අපිට හොරෙන් එයා හැමතිස්සෙම හුස්ම ගන්නවනේ.
හරි මචං, අපි පොසොන් අමතක කරලා යෝග ව්යාායාම කරන්නම්කෝ
තව පෝය දෙක තුනකින් මෝදී මහත්තයට ලියුම් ලියන්න වෙන්නේ අපේ නායක සහෝදරයා අනුර කුමාර ජනාධිපතිතුමාට. එතුමා ඇතුළු එම පක්ෂයේ දැන් ඉන්දියානු විරෝධයක් නෑ. ඉතා ඉහල ආදරයක් තියෙන්නේ. අදානි මහත්තයට එක්ක මුකුළු කළ හැටි දැක්කනේ අපේ එන් පී පී කට්ටිය. අනුර ජනාධිතුමා අපේ රට දියුණු කරන ශීග්‍ර විලාසය ඉන්දියානුවන් දැක්කම මෝඩිටයි රාහුල් ගාන්ධිටයි දෙන්නටම වෙනවා අපේ අනුර සහෝදරයාගේ ප්‍රතිපත්ති අනුගමන කරන්න. එසේ නොවුනොත් ඉන්දියානු ජනතාව ඉන්දියාවේ අගමැති තනතුරට අපේ අනුර සහෝදරය ඕන කියල අරගලයක් දියත් කරන්නත් පුළුවන්.
එයාට කියන්න අපිට පොසොන් කියලා .
අපේ එක්කෙනා එහෙ ගිහිල්ලා සතියය්ක් වගේ තාම දෙකක් නෑ මගෙ හිතේ. ඊට පස්සේ එහෙ විදේශඇමති එනවා. ඊට පස්සෙ ලියුමක් එවනවා. අපි එහෙ ප්‍රාන්තයක් වගේ