
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.
අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැතැයි ද ෆොන්සේකා මහතා පැවැසීය.
පක්ෂ නායකයන් වූ පළියට ජනපතිවරණයට ඉල්ලූ විට රටේ ජනතාවට විකල්පයක් නැතිවන බව කී සරත් ෆොන්සේකා මහතා මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බව සඳහන් කළේය.
පක්ෂවල ප්‍රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී ෆොන්සේකා මහතා තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවෙන් රට හදන්නට නොහැකි බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටින සියයට පනහක් දූෂිත බව පැවැසීය.
එම නිසා පාලකයා තෝරා ගැනීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇතැයි එසේ නොවුනහොත් රට නැවත ගොඩ ගත නොහැකි තරම් අගාධයකට ඇද වැටෙනු ඇති බව ද ෆොන්සේකා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් විශ්‍රාම ගිය හෝ පැනල ගිය හමුදා නිලධාරීන් රාජ්‍ය නායක තනතුර දරන්න සුදුසු නෑ. මතකනේ අනාගත්ත රජාට වුන දේ. සිවිල් සමාජයේ ජීවත්වන අයෙකුට පමණයි මහජන මතය සහ අවශ්‍යතාවයන් වටහාගත හැක්කේ.
ඔබතුමාට වඩා හොදින් කලහැකි වන්නේ හමුදාපති කාර්ය මිස දේශපාලනය නොවේ. යනයන තැන ආරවුල් ඇතිකර ගැනීම දේශපාලන නායකත්වයට නොගැලපේ.
වෙලාවකට හිතෙනවා කිසිම දේශපාලන දැනීමක් නැති මෙතුමා, ඇස් උඩ තියාගෙන කියන මෝඩ කතා වලට ඇයි අපි, කාලේ නාස්ති කරගෙන බලන්නේ කියලා......
ඒ වගෙම හමුදා ප්‍රධානීන් වුණාට ඒ සියලු දෙනා දේශපාලනයට සුදුසු නැහැ .
බෙදපු හාල් ඉවරලු…. තවත් කිලෝ දහයක් දුන්නේ නැත්නම් මාලිමාවට කතිරෙ ගහනවලු…
දැන් හිතෙනවා ලක්ෂ්මන් කිරිඇල්ල කියපු දේ හරිද කියලා. ඕනෑම ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන්.
ඔය කියන්නේ සජිත් ගැනනේ... එහෙනම් මොකටද ඒ පක්ෂයට වෙලා ඉන්නේ..?
ඔහෙලගෙ කෙනෙක්ද අර සේරම දාලා පැනලා ගියේ...? ඔහේ ගන්න.. ඉතින් මොනවා කරන්නද?
කලබල නොවන්න මෙතුමා රාජ්‍ය පාලනය ඉල්ලුවේ නැහැ... ඉල්ලන අයගේ හැටි කිව්වේ... ඒ කියපු කතාව වැරැදි නැහැ නේද?
කැසිනෝ කාරයන්ගේ සහ ජාවාරමුන්ගේ මුදලින් පාසල් වලට බඩු බෙදන කතාව සත්‍ය නම් රටේ ජනතාව සූදානම් වෙන්න සීනි බදු වගේ සහන දීමට, හැබැයි සජිත් දිනුවොත්.
දැන් කාටත් වැටහෙන්න ඕන සජිත් අමුතුවෙන් යමක් නොකරන පරණ පාරෙම යන තාත්ත්තගෙම පුතා බව
පාසල් වලට බඩු බෙදන්න සල්ලි කොහෙන්ද ඇහුවම ජපන් වලින් මොනවදෝ කිව්වෙ මේක තමයි.
කට හින්දා මේ මිනිහා සවුත්තු වෙනවා
ඔය පුතාල දෙන්නගෙ තාත්තල දෙන්නම රාජ්‍ය පාලනය නිම කලේ රටට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා. ඒ හින්දා කොහෙත්ම සුදුසුකමක් නෑ
දේශපාලනය විතරක් නෙමෙයි දින්දු කියන එක දුම්රිය රියදුරු රැකියාව හමුදාවේ තනතුරු ගන්න එක
මට වෙන මුකුත් එපා. මෙතුමාත් එක්ක සතුටින් සමාදානෙන් ඉන්න එකෙක්ව නම් කරන්න. අර නොමල ගේකින් අබ හොයනවාට වඩා අමාරුයි ඒක.
ඔබතුමාට අනුව ඔබතුමා හැර අනෙක් සියලු දෙනා දූෂිතයෝ.
ගෝටාට වඩා අන්ත වේවි මෙයාට දුන්නොත්
සේරටම වඩා පුළුවන් කාටද කියන්නකෝ? ඔයාටද පුළුවන් අද රට පාලනය කියනඑක විහිලුවකට අරගෙන කාගෙවත් දිගුකාලීන සැලසුමක් නැ
ෆොන්සෙකා කියන්නෙ කුහක, ගුනමකු, කුකුල් කෙන්ති කාරයෙක්. යුද්දෙ කලාට මෙ මිනිහා දෙශපලනෙට ගෑලපෙන්නෙ නෑහ. අපරදෙ 2010මෙ පිස්සට චදෙ දුන්නනෙ.එක එයා ඔප්පු කරලා තියෙන්නෙ. කෑලනියෙන් සීට් එක දෙන්න එපා. දිනපු ගමන් අනිත් පෑත්ත්ට පනිනවා.JVP එකටත් කියන්නෙ ඔය පිස්සා ලන් කර ගන්න එපා .
ලොකේ ගොඩාක් රට වල නායකයන් උනා හමුදා නිලදරින්. රුසියාව එක උදහරනයක්. නමුත් ලන්කාවට එක වලන්ගු නෑ. ඔව්න්ගෙ නායකවත්වය කිසියම් කාරියක් කිරිමට පමනක් හොදයි. ඔව්න් විසාල ලෙස රජයෙ සම්පත් විනස්ස කරනවා. පිරිස් බලය කරියශමව යොද ගන්නෙ නෑ. ඉවසිම අත්තෙම නෑ. රටෙ සම්පත් ගෑන හෑගිමක් නෑ. කොටින්ම ඉගෙන ගන්නෙත් උපදි සාහතිකයක් ගෑනිමෙ අරමුනෙන් පමනයි උපාඩි ගන්නෙ දෑනුම ලබා ගන්න නොවේ. තමන්ට විරුද්ධ අයගෙන් අසිමිතව පලි ගෑනිමෙ පිපාසයකින් ඔව්න් පෙලෙනවා. ගෝටා, ෆොන්සෙකා හොද උදහරන.
අපිට විශාම ගිය හමුදා ලොක්කෝ වැඩක් නැ. රටේපාලනය කළ යුත්තේ සිවිල් සමාජයෙන් ජනප්‍රිය උගත් වැදගත් මහත්තයෙක් විය යුතුයි
තනියම පක්ෂයක් හදාගෙන ඡන්දෙ ඉල්ලලා කර ගත්ත හරිය අපිට මතකයි නේ!! ඔබ හමුදාපතිකම හරියට කරන්න ඇති, ඒත් ඔබ දේශපාලනයට සුදුසු නෑ. රනිල් ලගට යන්න පාර හදා ගන්න දගලන බව දේශපාලන හය හතර දන්න ඕන කෙනෙකුට තේරෙනවා.
මොනවා උනත් මේ මනුස්සයා කියන කතාව සහතික ඇත්ත....ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ලග තිබුණු දර්ශනයේ බින්දුවක් වත් මේ සජිත් ගාව නෑ.....අමු ම ගොනෙක්... කියන්නේ මොනවද කියල එයාවත් දන්නේ නෑ.... හපොයි... පරණ කියමනක් තියෙනවා.. ඔලුවේ තරම තමයි කටින් පිටවෙන්නේ කියල...... මිනිහා හිතන්නේ කිසිම සම්බන්ධයක් නැති බරපතල ඉංග්‍රීසි වචන ටිකක් කීවාම තමයි තමයි කෙරුමා කියලා.....අනේ මන්ද? එක්කෝ සජිත් ට පිස්සු නැත්නම් සජිත් පස්සේ යන උන්ට පිස්සු....
කවුරු ජනාධිපති තනතුර සදහා ඉදිරිපත් වුනත් ඔහුගේ ලේකම් (ජනාධිපති ලේකම් ) ලෙසට පත්වීමට ඉඩක් තියෙන කෙනාටත් බලවත් රාජයෝගයක් නැත්නම් අපේක්ෂකත්වය ගත්තා වුනත් ජයග්‍රහණය අපහසු වෙන්න පුළුවන් කියලා හිතෙනවා
විනය පිරිහිනු අසෝභන චරිතයක්. දේශපාලනයේ වත් සාමාන්‍ය ජිවිතයේ වත් ඇසුරු නොකල යුතුයි
හදහනේ රාජයෝගය තියනවාලු එක තමයි මේ ලෙඩේ
විනය පිරිහිනු හරිම පහත් ගතිගුණ වලින් පිරුණු චරිතයක් ඉතිරිය ජනතාවට බාරයි
මේ වගේ කුහක මිනිහෙක් මම කවදාවත් දැකලා නැහැ මෙයාගේ හිතේ තියෙන්නේ තනිකරම ජනාධිපති වෙන සිහිනය ඒක කවදාවත් ඉටු වෙන්නේ නැහැ ඒ මොකද මෙයාට තියෙන පළපුරුද්ද මොකක්ද රටක් පාලනය කරන්න හමුදාපති උනා යුද්දේ දින්නා කියලා රටක් පාලනය කරන්න පුලුවන්ද අනිත් එක මෙයා තනියමද යුද්දේ දින්නේ ඒක මුළු ත්‍රිවිද හමුදාවම එකතු වෙලා දහස් ගානක් ජිවිත පුජා කරලා තමයි යුද්දේ දින්නේ මෙයාට කිසිම කෙනෙක් එක්ක හොදින් ඉන්න බැහැ ඉතින් මේ වගේ කුහක මිනිහෙක් රටක් පාලනය කලොත් ඒ රටම විනාශය කර යනවා ඒ මොකද මේ කුහක මිනිහගේ හිතේ තියෙන්නේ පළිගැනීමේ චේතනාව, මෙයා ලබන මහා මැතිවරණයෙන් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම පරාද වෙනවා දිනයයි වේලාවයි ලියලා තියාගන්න ගිය පාර අපි මෙයාට නොවෙයි චන්දය දුන්නේ ඇත්තම කතාව ඒක තමයි මෙයා මේ රටට මොනවාද කරලා තියෙන්නේ ඇත්තටම මෙයාගේ පක්ෂයේ නායකයෝ තමයි වගකියන්න ඕනේ මේ වගේ කුහක මිනිහෙක්ව පක්ෂයට බඳවාගෙන වගකිවයුතු තනතුරකුත් දුන්නාට
මේ මිනිහ මාලිමාවෙ එවුන් වගේම කුහකයෙක්..ලන්කාවේ ඕනිම ගමක් ගත්තොත් ඒ ගමේ ඉන්න කුහකම පවුල් ටුක jvp.මේ මිනිහත් ඒ වගේ.හමුදාවෙ හිටිය මිනිස්සුන්ට තිබ්බ විනය මේ මුනිහට නෑ.මහා කුහක උද්දදච්චමිනිහෙක්.බල තන්හාවෙන් ඉහවහා ගිහින්.සජිත්ගෙ මවිල් ගහක් වටින්නෙ නැති මිනිහෙක්.යුද්දෙට හමුදා නායකත්වය දුන්න.ඒකට අපි ගරු කරනව.එ නිසාම එදා ජනාධිපතිවරනයේදි චන්දෙත් දුන්න.ඒත් ඒක අර කාලකන්නි ටික හොරකම් කලා.අද සජුත්ට ඇතු ජන කැමැත්ත පලාතකින් මේ මිනිහට යන්න බෑ.
මොහු රට පාලනයට සුදුසු අයකු නොවේ තමන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්තාව සලසා දුන් පක්ෂය ට හා එහි නායකයින්ට ගරහමින් මොහු තවත් තැනකට හේත්තු වෙන්නයි හදන්නේ .කුමන පක්ෂයකින් හෝ මෙවැනි කට වාචාලයින් නොගත යුතුය .
මෙතුමගෙ අනාගත අපේක්ෂා අදාල නැහැ, හැබැයි කියපු කතාව ඇත්ත.කැසිනො කාරයන්ගෙ මුදල් අරගෙන ළමුන්ට බඩු බෙදනඑක , එික මූනට කියන්න හිටියෙ මෙතුම විතරයි අභ්‍යන්තරය දන්නෙ.
එදා මහින්ද මහත්තයාට විරුද්ධව යනකොට මිනිස්සු මෙයාව උඩදාගෙන, මහින්ද මහත්තයාට හොඳටම බැටදුන්න බලතන්හාව කියලා. ජාත්‍යන්තර විරෝධය හමුවේ නොසැලුනු මහින්දගේ දේශපාලන නායකත්වය නොතිබුනානම් ඉතිං මෙයා යුද්ධය දිනනවාත් බොරු. ජනාධිපතිකම් ගැන අපි කතා නොකර ඉමු.
මේ වගේ මිනිස්සු දේශපාලන පක්ෂ වලට බදවා ගත්තොත් විනාශයක් තමා. මොහු ඕන වේලා තියෙන්නේ රට හදන්න නෙමෙයි ජනපති වෙන්න
කුනු ගොඩවල් එක පැත්තකට වෙන එක රටට හොදයි. පසුගිය දවස් වල අරගලයේ පැත්තකින් සෙට් වෙලා රටේ ලොක්කා වෙන්න හිතුවා. මොහු හොද වැඩක් කරලා තියනවා නම් ඒ නම අද වෙනකොට විනාශ කරගෙන
කට තිබුන පලියට දොඩවන්න ගියාම මේ මනුස්සයා කවුද කියලා තේරෙනවා මෙහෙම ගියොත් ජනපතිකම තියා පාර්ලිමේන්තුවටවත් එන්න බැරිවෙයි ඊලග ජන්දෙන්
මෙතුමා කියන කතාව මේකයි. ගිය මැතිවරනේදී කොළඹින් තමන්ගේ ආසනය වත් දිනා ගන්න බැරිවුණු ජනතා අප්‍රසාදයට ලක්වුණු පුද්ගලයෙක් නැවත පක්ෂෙට ඇවිල්ලා සජිත්ට හේත්තුවෙලා සියලු තීරණාත්මක දේවල් ක්‍රමයෙන් ඔහුගේ ග්‍රහණයට නතුකරගෙන බොහෝ තීරණ ඔහුට උවමනා පරිදි මෙහෙයවමින් කටයුතු කිරිමට ඉඩ දීම මේ ආරවුලට හේතුවයි. එම පුද්ගලයාගෙ අනුදැනුම මත තමයි සමහර පරණ හමුදා නිලධාරින් ඇතුළු පුද්ගලයින් පක්ෂයට බඳවා ගනිමින් සිටින්නේ. එතුමා හට බොහෝ අරියාදු කල අය අඩුම තරමින් මෙතුමාගෙන් නිකමට වත් විමසන්නේවත් නැතුව පක්ෂයේ ඉහල තනතුරු වලට පවා බඳවා ගන්න එක එතරම් හරි වැඩක් නෙමෙයි නේද? එතකොට බොහෝ දුෂිත අයත් ඉහල තනතුරු වලට එනවා. අනිත් කාරනාව මේ බදු බෙදා දීමේදී මේවට වියදම් කරන උදවිය සජිත් බලයට අවොත් නිකම් ඉඳීවිද? ඔවුන් වියදම් කරපු ඒවාට වඩා දහස් ගුණයක් විශාල ප්‍රතිලාභයක් අනිවාරයෙන් නැවත ඔවුන්ට ලැබෙන පරිදි සියලු ආරථික වශයේ වැදගත් තැන් ඔවුන්ට අනිවාරයෙන් දෙන්න වෙනවා. නැවත රට පරණ පාරේම ගිහින් ජාවාරම් කාරයන්ගේ ග්‍රහණයට නතුවෙනවා. නැවත බිඳ වැටෙනවා .තේරුම් ගන්න. මෙතුමා කියන්නේ ඔන්න ඔය ටික.
ඔබද රට කාටවත් බාරදෙන්න ඉන්න බලධාරියා කට නිසා තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගත්තා නේද?