
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ඉවහල් කර ගනිමුයැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
"පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.
විශේෂයෙන් වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මගපෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදයද බිහි වූයේ පොසොන් පොහෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය. එමෙන්ම ලෞකික ලොව්තුරු මාර්ගය පෙන්වා දුන් ජාතික නේතෘවරයා ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකිය.
දේශීය පොළොව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හත්ථි පදෝපම සූත්‍රය අනු දැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත් කර ගත යුතුය.
බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වෙමින් සැමට පිංබර පොසොන් මංගල්‍යයකට සුභාශිංසන එක් කරන බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් ඇති ජනපතිතුමෝ, දැන් නම් "ලංකාවේ සාමාන්‍ය ජනතාව - සැවොම එක්ව අපායට යනමගේ ගොඩාක් දුර ගිහිං ඉවරයි"
මු අපිට මිහිදු මග ගන්න්කි යලා මු යන්නේ හිට්ර්ගේ මග
බොහෝම හොදයි ඒක වචනෙට වඩා ක්‍රියාවෙන් පෙන්නුව නම්.මිහින්තලා පුදබිමට මේ රජය යටතේ කරන කෙනෙහිලිකම් එක්කද මිහිදු හිමි ගිය මග යන්නෙ ? බුදු දහම ආරක්ශා කිරීම ව්‍යවස්ථාවේම සදහන් වෙන රටක අද සිද්දවෙන දේවල් ගැන මේ රටේ බෞද්දයො කම්පා වෙනව.මේව පාලනය කිරික්ම රටේ නායකත්වයට අයිති දෙයක්
ඔව් ඉතින් අසරණ මිනිස්සුන්ට තුරුනුවන්ගේ සරණයි අන්තිමට
මුන් සේරම අපිව මහ මගට තල්ලු කරාට පස්සේ මිහිදු මග මිසක් වෙන යන්න මගක් නැ තමයි
මිහිඳු හිමියන් කියලා නැහැ විකුණගෙන කන්න කියලා. ඉතින් කොහොමද මිහිඳු මග යන්නේ..?
කලබල වෙන්නවත් සතුටුවෙන්නවත් එපා මේ මිහිඳු කියන්නෙ අපි සැවොම දන්න මිහිඳු හිමි නොවෙයි. මෙයා කියන මිහිදු මග යන්නෙ අර චන්ද 134 ලැබුන දවසෙ ඉඳල, අපි උත්සාහ කරන්නෙ ඔය මගෙන් ගැලවෙන්න.
අඩු ගානේ මහනායක ස්වාමීන් වහන්සේලා එවන ලිපි අනුව වැඩ කරන බවක් පේනවාද?
ඕන්න... කෙලින්ම " හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් " . අංගුලිමාල රහත් වුනත් බටලන්දේ ගේ පව් හේදෙන්නෙ නෑ මයි ,මහ බැංකුව කොල්ල කාපු එකට පටිසන් දෙනවා මයි, කියපු, කියන , කරන බොරු කන්දරාවට අවීචියට යනවාමයි. පිංජනා මොන උප්පරවැට්ටියක් දැම්මත් මේ පාර කූරු ගනින්න වෙනවා මයි.
මේ වැවයි, දා ගැබයි, කෙතයි ගැන කතා කරන්නේ කුඹුරු ගොඩ කරලා කෙසෙල් හිටවන්න කියපු ගොබිලා නේද? ධර්මය ගැන දෙසන්නේ බටලන්දේ වදකාගාරය මෙහෙයෙව්ච වදකයා නේද? චුල්ල හත්ථි පදනම සූත්‍රය ගැන දෙසන්නේ මහ බැංකුව කොල්ලකෑව ජඩයා නේද?
මුව දක්කමු අපායට
මිහිඳු මගේ දවල්ට විතරක් යන්න කිව්වනම් නේද හරි.? මොකද රෑට ලයිට් කැපුව හින්දා කළුවරයි නේද?
පන්සල් වන්දනාවේ යන,ජනතාව ගොනාට අන්දවන , දූෂිත දේශපාලුවන්ටත් අපිට කියන්ඩ තියෙන්නේ ඔය ටිකම තමා?
ඔබ මෙහි තාවකාලික පාලකයා මිස සදාකාලික අයිති කරුවා නොවෙයි. එමනිසා සිංහලරටේ ඉඩම් දෙමළාට හම්බයාට සින්නක්කරව දෙන්න එපා. ඒ සඳහා උඹට වරම් දී නැත.