
AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ පුවත් නිවේදකයන්, ගුරුවරුන් අපට දකින්න ලැබෙයි. ඉන්දියාවේ ගොවීන්ට තාක්ෂණික දැනුම ලබා දීමට AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ගොවි යුවළක් ද පසුගිය දා හඳුන්වා දීම සිදුවිය.
දැන් ලොව පළමු වරට AI අපේක්ෂකයකුට ඡන්දය දීමට ද අවස්ථාවක් උදා වෙයි. මෙම අවස්ථාව උදා වන්නේ, එලැඹෙන ජුලි 4 වැනිදා ඡන්ද පොළට යන බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ටය.
මෙම පළමු AI අපේක්ෂකයා, ව්‍යාපාරික 59 හැවිරිදි ස්ටීව් එන්ඩකෝට් ය. ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමිනි. AI ස්ටීව් යනුවෙන් එම චරිතය හැඳින්වෙයි.
ස්ටීව් එන්ඩකෝට්ගේ අභිනවයෙන් පක්ෂයක් පිහිටුවාගෙන අතර, ඔහු එම පක්ෂයට තෝරා ගන්නා අපේක්ෂකයන් සියලු දෙනා ද මැතිවරණ ප්‍රචාරක කටයුතු හරහා ජනතාව අතරට යන්නේ AI අපේක්ෂකයන් ලෙසය.
කෙසේ නමුත් ජනතා විශ්වාසය දිනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු යෑමට මෙම AI අපේක්ෂකයන්ට හැකිවුවහොත්, පාර්ලිමේන්තුවට යනු ඇත්තේ සැබෑ අපේක්ෂකයන්ය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයට AI අපේක්ෂකයෙක්
Perera Friday, 21 June 2024 05:18 AM
ඔිකට අපේ රටේ කියන්නේ නංගිව පෙන්නලා අක්කාව දෙනවා කියලා
Montikarlo Friday, 21 June 2024 12:46 PM
අපේ රටෙත් ඕක හොඳයි. ඇත්ත අපේක්ෂකයන්ට ජනතාව ඉදිරියට යන්න බැරි නිසා.
ගුණබන්ඩ Friday, 21 June 2024 12:48 PM
අපේ පැත්තේ ඕකට කියන්නේ " බල්ලෝ කඩේ යවනවා " කියලා.i