අල්ලස් ගත් කම්කරු ලොක්කා රිමාන්ඩ් සේවකයින්ට අර්ථසාධක අරමුදල් නොගෙවූයේ යැයි කියන හෝටල් හිමියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් කම්කරු දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. 31 January 2024
යුක්තියට තවත් 729ක් මාට්ටු යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (30) සහ අද (31) තුළ ගතවූ 24 ට මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 729 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 31 January 2024
අධිවේගී මාර්ගවලට අවම වේග සීමාවක් අධිවේගී මාර්ගවල ධාවනය කරන රථ වාහනවලට අවම වේග සීමාවක් පනවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 31 January 2024
කතුන් 3ක් සමග ට්‍රිප් ගිය හිමිට වැඩ වරදී අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය සමීපයේ වැලි පැන්නපොලිස් වසමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක නායක හිමිනමක් තරුණ රූමත් කතුන් තිදෙනෙකු සමග ගිහි ඇදුමින් සැරසී කතරගම ලුණුගම් වෙහෙර තිස්සමහරහම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී දායක සභාවේ ගම්වැසියන් කීප දෙනෙකුට හසුවී ඇතිවූ සමස්ථ දායකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් එම විහාරාධිපති හිමියන් සඳුදා රාත්‍රියේම පන්සල හැර ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කිය. 31 January 2024
වහළය මත සූර්ය පැනලවලින් විදුලි ඒකක කෝටි 63ක් දෙයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් විදුලි ඒකක කෝටි 63 ක් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය. 31 January 2024
බැසිල්ගේ වගකීම නාමල්ට එළෙඹන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 31 January 2024
සිරමැදිරියේ සිටි තරුණයා රෝගී වී රෝහලේදී මරුට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුරාධපුර,දෙවන පියවරේදි සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 ක තරුණයෙකු පොලිස් සිර මැදිරියේදි රෝගාතුරව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 31 January 2024
ස.ජ.බ විරෝධතාවේදී පොලීසියේ තිදෙනෙකුට තුවාල සමිගි ජන බල වේගය විසින් රජයට විරුද්ධව ආරම්භ කර තිබූ විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් සැරයන්වරුන් තිදෙන තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 31 January 2024
සනත්ගේ පුටුවට ජගත්: ගැසට්ටුව නිකුත් කෙරේ අභාප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මන්ත්‍රී පුරප්පාඩුවට ජගත් ප්‍රියංකර මහතා පත් කරන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබීය. 31 January 2024
අනියම් අනියම් ගැටුමෙන් වෙඩි පත්තුවෙයි කරුවලගස්වැව තබ්බෝව ධීවර ගම්මානය ප්‍රදේශයේදී සිදුවී ඇති වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි. 31 January 2024
බැංකුවට පැන්න හොරාට වැඩ වරදී බේරුවල ගාලු පාරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මූණලා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අද අලුයම3.45 ට පමණ 31 January 2024
ඇෆ්ගන් පිල දිවයිනට ටෙස්ට් තරගයකට,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේය 31 January 2024
තැනින් තැනට තද වැස්සක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී වළාකුළු සහිත අහසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 January 2024
පැරෂුට් සෙබළුන්ගේ සුවදුක් බලන්න ශවේන්ද්‍ර රෝහලට 76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලබන 4 වැනිද පැවැත්වෙන නිදහස් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන පෙරහුරුව අතර තුර පැරෂුට් සංදර්ශනයකකට පුහුණු වෙද්දී හදිසියේ අනතුරකින් තුවාල ලැබූ සෙබළුන්ගේ සුවදුක් විමසීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා අද සවස ජාතික රෝහලට පැමිණියේය. 30 January 2024
උරුමය පළමු ඉඩම් ඔප්පු දසදහස සූදානම් උරුමය පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි. 30 January 2024
යතුරු පැදිය බසයේ ගැටී විදේශිකයෝ දෙදෙනෙක් මරුට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදි සංචාරකයන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් හා බස් රථයකයට යටවීමෙන් සංචාරකයන් දෙදෙනා මියාගොස් ඇතැයි මිදිගම පොලිසිය කියයි. 30 January 2024
‘‘දුර්දාන්ත ආණ්ඩුව ජනතා ඡන්දයෙන් පිළිතුරු දෙනවා‘‘ රනිල් - රාජපක්ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පස්වරුවේ පැවසීය. 30 January 2024
පාර්ලිමේන්තු අනංගයන්ට ඇප පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කණිෂ්ක සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (30) දින නියෝග කළාය. 30 January 2024
මිනිස් මොළයට චිපයක් බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 30 January 2024
සෞඛ්‍ය සේවකයෝ අදත් පාරේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා දීමනාවක් ලබාගැනීමට ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 30 January 2024
ලෝක ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතියක් බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 30 January 2024
ඇමෙරිකාවේ ආයුධ අලෙවිය වැඩිවෙලා ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. 30 January 2024
ඉම්රාන්ට දස වසරක සිරදඬුවමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළැයි චෝදනා එල්ල වී තිබුණු අතර, දස වසරක සිරදඬුවම් නියම වූයේ විශේෂ අධිකරණයක් හමුවේ එම චෝදනා විභාග කෙරුණු අවස්ථාවේදීය. 30 January 2024
ලෝක ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතියක් බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 30 January 2024
අමුතු ජාතියේ රියදුරු බලපතක් ලැබිලා සැහැල්ලූ වාහන සහ යතුරු පැදි සදහා රියදුරු බලපත්‍රයක් ඉල්ලම් කළ පුද්ගලයකුට පැදවීමට අවසර හිමි වාහන ඛාන්ඩය සඳහන් නොකර තිත් පේළියක් පමණක් ඇත රියදුරු බලපත්‍රයක් මෝටර් රථ දෙපර්තෙමින්තුව මගින් එවා ඇතැයි එප්පාවල යකල්ලේගම පදිංචි ඞී ආර් සුරංග සෙනවිරත්න මහතා පවසයි. 30 January 2024
සජබ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක් සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ කළ විරෝධතාවයට ජාතික පුස්ථකාලය අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 30 January 2024
පොහොට්ටුවේ තීරණය කී පසු ගොඩක් අයගේ තීරණය එළියට ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් නායකයා සමග ඉදිරියට යනවාද? වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? යන කාරණය පොදු ජන පෙරමුණ ප්‍රකාශයට පත්කළ පසු පක්ෂය සමග ඉදිරියට යනවාද? පෞද්ගලික මතයට ඉඩ දෙනවාද? යන්න පොහොට්ටුවේ බොහෝ දෙනෙක් තීරණය කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 30 January 2024
ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2024
නිවාස අධිකාරිය අනුන්ගේ ඉඩම්වල ගෙවල් හැදූ කතාවක් එළියට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිටි සමහර නිලධාරීන් අනුන්ගේ ඉඩම් වල නිවාස හදා ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය. 30 January 2024
සනත්ගේ අඩුව පුරවන්න බිරිය? කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතා සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ සහ දරුවන් ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ එය සිදුවීමටත් නොවීමටත් පුළුවන් බවයි . 30 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026