
(ආරියරත්න රණබාහූ)
යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙහිඅත්තකන්ඩියේදී පැවසිය
විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත් වූවන් තමන්ට ඡන්දය දුන් එම ජනතාව අමතක කළ බව පැවසූ දිසානායක මහතා ඔවුන් කටයුතු කළේ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කිරීම සඳහා යයිද කිය
එම නිසා මෙවර මෙතෙක් කල් කළ දේ නොකර නිවැරදි දේ වල් කිරීම සඳහා ජනතාවට කාලය එළැඹ ඇතැයිද ඔහු පැවසීය
ජාතික ජන බලවේගය නායකයා මේ අදහස් පල කළේ දෙහිඅත්තකන්ඩියේ පැවති ගොවි ජනරැළිය අමතමි.
නි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් අපි හැමදාමත් රැවටුනා, ඒත් සමහර අය තමන් රැවටුන බව වත් දන්නෙ නැහැ, ඒකයි කරුමේ. සමහරු ඔබව කියන සත්‍ය දැක දැකත් බොරු සහ යථාර්ථවාදී නොවන තර්ක ඉදිරිපත් කරමින් තමන්ගෙ වෙනස්වීමට ඇති අකමැත්ත සහ සුපුරුදු ගැති බව පෙන්වනවා.
මේ කියන කතාව අසත්‍ය යැයි කිව හැක්කේ ගෝසතරවාදින්ට පමණි. මන්ද ඔවුන්ගේ කැමැත්ත වන්නේ තවදුරත් මෙම මජර ක්‍රමයම පවත්වා ඉන් විසිවෙන කුණු කැබලි බුදීමයි.
ළමුන්ට අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැත.මුදල් ගෙවා අධ්‍යාපනය ලැබුවත් මේ රටේ එහි පල ප්‍රයෝජනයක් ගැනීමට වැඩ පිළිවෙලක් නැත. ඔවුුනට විදෙස්ගතවීමේ හැකියාවද දිනෙන් දින අසීරු තත්ත්වයට පත්වේ. රෝගයක් සෑදුනොත් මුදල් තිබේ නම් පන බේරාගත හැක. පාරෙ තොටේදී අසාධාරණයක් සිදු වුවහොත් බලවත් අයට වෙන නීතියක් දුබල අයට වෙන නීතියක්. බලවතුනට නීතිය පවා නැමේ. මෙවන් අසාධාරණකම් ඉවසමින් නිවටයන්සේ සිටිමට සමහරුනට හැකි වුවද මෙහි කෙලවරක් දැකිය යුතුය. එබැවින් වෙනසක් කරමු.
ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට හිතවත් , මෙච්චර කල් දර දිය ඇද්ද කට්ටිය යනු : යමක් කමක් තියන අයට ගරහන , අනුන් විවේචනය කරන, මහන්සිවී වැඩක් පොලක් නොකරන, තවමත් දෙමව්පියන්ගෙන් යැපෙන කම්මැලි පිරිසට, බලයට පත් වූ පසු අමතක නොකරන බවයි . ඉතාම අගය කල යුතු දෙයක් .
අහිංසක අපේ ආදරණීය බලාපොරොත්තුව, සදා ජය!
එකම වයින් බෝතල් දෙකක තිබෙන විට වෙනස් හැඩ ලෙස පෙනේ . මෙයාලා කරන්නෙත් අනිත් අය කරන දෙයම තමයි හැබයි වෙන පාටකින් . ගාල්ලේ නලින් හේවගේ ගේ ගෙදර කුස්සිය ඉටි කොල වලින් හදල තිබීමයි අනුර කුමර බ්‍රෑන්ඩ්ඩඩ් ෂර්ට් ඇඳීමයි වෙන්නේ කොහොමද පක්ෂේ අරමුදලින් මේ අයව නඩත්තු කරනවා නම් ? අකුරු කියවීමට බැරි ඒ වගේම චන්දෙට ලියාපදිංචි වෙන්න බැරි අයත් එදා මෙයාලගේ මැයි රැලියේ හිටියා . ඒ අරක්කු වලටයි බත් පැකට් එකටයි නෙවෙයිද ? අපේ රටේ මිනිස්සුන්ගෙන් බොහෝ අය දේශපාලනයේදී අන්ධයි . දැන් මේ කමෙන්ටුවට විරුද්ධව කුලියට කමෙන්ටු දාන කාඩර්ලා හිටු ලියල ලියාවි .
ඉස්සෙල්ලාම කියන්න ඔයාලා හරියට කරපු එක දෙයක්. 1965 ඉඳන් දේශපාලනය කළත් බලයක් කියලා ලැබුණේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ පාලන බලය විතරයි. ඒකත් ෆේල්. ඇයි ඒ? ටෙන්ඩර් නැතුව තමුන්ගේ පක්ෂයේ හිතවතුන්ට කොන්ත්‍රාත් දීලා අහුවෙලා. අනික පරාද වෙලා යනකොට කොම්පියුටර් ලැබ් එකේ තිබුණු කොම්පියුටර් 100 ත් ගලවාගෙන ගියා.. ඔයාලගේ පක්ෂෙට ලැබුණු ඒවා කියලා. අදටත් ප්‍රාදේශීය සභාවේ ජෙනරේටරේට වෙච්චි දෙයක් නෑ. එහෙම උදවිය තමයි මේ වරදින්නේ නැති පාලනයක් ගැන කතා කරන්නේ... ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභා මට්ටමෙන් වැරැදි හදාගෙන එන්න.
ඔය කියන්නේ මෙයාලාට බලය ආවොත් ආයෙත් ඡන්ද නැත කියන එකයි. කරුණාකර මොවුන් විශ්වාස කරන්න එපා. මොවුන් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් විනාශ කරනවාමයි. රාජපක්ෂ හොර මුලට වඩා බිහිසුණුයි මොවුන්...
ඔව් ඒක හරි.ඒ වරදින්නෙ නැති ආණ්ඩුව කිසිසේත්ම එන්පීපී එක නෙවෙයි.සටේජ් උඩ දක්ෂ ව්වේචනය කළාට රටක ආර්ථිකය හසුරවනවා කියන්නෙ බොහෝ වෙනස් දෙයක්.මේ මිනිස්සුන්ට රට කරන්න දුන්නොත් මේක තවත් මියන්මාරයක් විම වළකන්න බෑ..ආර්ථිකව මිනිස්සු පීඩනයට ලක්වෙන රටක් වෙනවා.ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට තවත් ගෝටා බයල එපා.එදා 69 ලක්ෂයක් කරපු දේම ආයිත් කරන්නද කියන්නෙ? අවස්ථා දෙකකදී මේ රටේ දේපල,මිනිස් ජීවිත විනාස කරපු මෙ මිනිස්සු ගැන කොහොමද විස්වාස කරන්නෙ? ඊට වඩා රනිල් හොදයි.මේ නිසා මේ රටට එන්පීපි රජයක් එපා.මොකද නැවත ආපස්සට යන්න බෑ.
පාර්ලිමේන්තුවේ ඔබේ පක්ෂයෙන් 30 කට වඩා ජනතාව පත්කරලා යැව්වා. කෝ අද ඒ කට්ටිය. ඔබගේ පක්ෂයෙන් ජනාධිපති ඡන්දයට ඉල්ලුව අය අද කොහෙද ඉන්නේ. නැවතත් වෙන්නේ ඔය ටික නේද? පවතින ආණ්ඩුවේ ජනතාව කලකිරිමෙන් මාකට් කරලා පාර්ලිමේන්තු යවනවා ඊට පස්සේ වෙන පක්ෂවලට මාරු වෙනවා
“ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගයේ අපි විතරයි” යනුවෙන් ජාතික ජන බලවේගය නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා විසින් කියන ලද බව මාධ්‍ය වාර්තා කර ඇත. සැබවින් ම මෙය ඉතා යහපත් ප්‍රවණතාවයකි. ලංකාවාසී සියලු පුරවැසියන් ට හොඳ ආරංචි මාත්‍රයකි. හේතුව ජාතික ජන බලවේගය හෙවත් මාලිමාවේ නායකයා වන, අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයා ද වන බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් වාදී පක්ෂයකි. එම පක්ෂයේ න්‍යායන්, මතවාදය ගොඩ නැගී ඇත්තේ මාක්ස්- ලෙනින්වාදය මතය. එම පක්ෂයේ මැතිවරණ ලාංඡනය සීනුව වුවත් පක්ෂයේ මූලික ලකුණ ලෙස ගෙන ඇත්තේ දෑකැත්ත හා මිටියයි. දෑකැත්ත හා මිටිය කොමියුනිස්ට් වාදයේ අන්තර්ජාතික පොදු ලකුණයි. කොමියුනිස්ට් වාදය කෙලින්ම පෝෂණය වනුයේ මාක්ස් ලෙනින් වාදය මතයි. එනම් ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් 1847 "කොමියුනිස්ට් වාදයේ මූලධර්ම" යන ලියැවිල්ල ද 1848 කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් දෙදෙනා විසින් කොමියුස්ට් පක්ෂයේ ප්‍රකාශනයද?
ප්‍රාග්ධනය" කෘතියේ දෙවන කොටස) පසු කාලයේ කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ මත තව දුරටත් අර්ථ විවරණය කළ, වී.අයි. ලෙනින්ගේ සහ ලියෝන් ට්‍රොස්කිගේ මතවාද මතයි. කෙටියෙන් සඳහන් කරතොත් මාක්ස්-ලෙනින් වාදය මතයි. මාක්ස්-ලෙනින් වාදය ද්‍රව්‍යවාදය මත පිහිටා ඇත. විඥාණවාදය සපුරා බැහැර කරයි. ද්‍රව්‍ය වාදය නම් නාස්තික දෘෂ්ටියයි. නාස්තික දෘෂ්ටිය බුදුරදුන් වදාළේ උච්ඡේදවාදය ලෙසයි. නාස්තික දෘෂ්ටිය හෙවත් උච්ඡේදවාදය කර්මය, පින් පව්, කර්ම විපාකය, සත්වයාගේ පුනර්භවය, කර්මය ක්ෂය කිරීමට හැකි බව, සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අරහත්බව, අනාගාමි, සකදාගාමි, සෝතාපන්න බව, ධ්‍යාන අභිඥා, මාර්ග ඵල, ආර්ය අෂ්ටාංගික මාර්ග පටිපදාව දේව ලෝක, බ්‍රහ්ම ලෝක, අමනුෂ්‍ය භව, සතර අපාය, පටිච්ච සමුත්පාදය... සූවිසි ප්‍රත්‍යය, චතුරාර්ය සත්‍යය, කොටින්ම කියනවා නම් සම්බුදු රදුන්ගේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය පිළිගන්නේ නැත.. එපමණක් නොව ලොව ඇති කිසිඳු විඥාණවාදී දර්ශනයක් පිළිගන්නේ නැත. විඥාණය ගැන කතා නොකරන තැනක ආගමක් ද නැත.
බලවේගයේ අපි විතරයි” යන ප්‍රකාශය අනුව, 1. ඔබ සහ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මතවාදය වශයෙන් මාක්ස්-ලෙනින් වාදය මේ කාලය වන විට බැහැර කර ඇත්ද? හෙවත් ප්‍රතික්ෂේප කර ඇත්තේද? 2. කොමියුනිස්ට්වාදී පක්ෂයක නායකයකු වන ඔබ ආගමට අනුව ජීවත්වනවා යැයි කියනවා නම් ඔබ කුමන ආගමක් අනුවද එසේ ජීවත් වන්නේ... ඔබ අදහන ආගම කුමක්ද? මේ ප්‍රශ්නවලට අනුර කුමාර දිසානායක මහතා, පැහැදිලි ලෙස ජනතාවට උත්තර දිය යුතුයි. හේතුව ඔබ ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලීම කරන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය. මේ ව්‍යවස්ථාව පැනවීමට පෙර පටන් මේ රට බෞදධාගම රැකි කේන්‍ද්‍රස්ථානයයි. එහි 9 වන ව්‍යවස්ථාවේ “ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14 වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය." යනුවෙන් සඳහන් කර ඇති බැවිනි. ඉහත ප්‍රශ්නයන්ට නොව උත්තර දීම අනුර කුමාර දිසානායක මහතාගේ යුතුකම හා වගකීමයි. එය දැන ගැනීම් විශේෂයෙන් මේ රටේ බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකමකි...
කිසිවෙකුත් හැංගි මුත්තම් නොකළ යුතුයි...
යළිත් වරක් වරදින්නේ නැති ආණ්ඩුවක් පිහිටවමු කියලා ජවිපෙ කාරයෝ කියන කොට තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මිනිස්සු ඉණට අත් තියාගෙන බලාගෙන ඉන්නවාලු. මොකද එක පාරක් දීලා වැඩේ හොඳටම වරද්ද ගත්තු නිසා...
දියුණු රටක් වෙනුවෙන්, නිදහස් හෙටක් වෙනුවෙන් අපි සියලු දෙනාම එක්වී ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් පිහිටවමු. ඒ හැර වෙන විකල්පයක් නැහැ අපිට...
ජයවේවා..!
අඬා වැලපෙන, නෙලාගනු බැරි ජනපති සිහිනේ...
ජයවේවා..!
ලන්ඩන් ගියා, අන්න දැන් ලන්ඩන්වලත් ජෙප්පන් තීන්ත ගානවා.
අනුරට තව කොච්චර කලක් මේ සැබෑ නොවන හීනෙ දකින්නද? එක අතකට පව්...!
දැන් නම් AKDට තරඟයක් නෑ වගේ පුතානෝ පච වෙනවා. බයියෝ නම් මුහුදට පනින්න වෙයි හෙට අනිද්දා සල්ලි දීලත් පුටු 100කට මිනිස්සු ගන්න බෑ...
ජය නියතයි...!
බොරු කීම කලාවක් නම්, පිකාසෝගේ ලපයක්...!
හැම මැතිවරණයකටම පෙර පැවැති ජවිපේ ජනහමු වලටත් මේසා ජනතාවක් සහභාගී වුණු නේද?
යලිත් වරක් නොවරදින්න තමා කිව්වේ මැයි 9 මහින්ද අයින් වෙනකොට ගිහින් අගමැතිකම බාරගන්න කියලා. ඒක නොකර දැන් මෙතන මඟුල් කියවනවා.