(ගයාන් සූරියආරච්චි)
ඩුබායි රාජ්‍ය තුල රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නැමැත්තාගේ ගෝලයෙක් ලක්ෂ පහක අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 900 ක් සමග ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 300,000 ක් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12, සෙරැස්තියන් මාවත පදිංචි වයස අවුරුදු 19 පුද්ගලයෙකි.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කෙසලේවත්ත සුචරිත මහල් නිවාසය අසල දී වැටලීමක් සිදුකර වැටලීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කෙසලේවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd