
(අංජුල මහික වීරරත්න සහ අනුරාධපුර බී.ජී චතුරංග)
හිතුවාටත් වඩා කලින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තන්තිරිමලයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විවෘත කරමින් අද (21) පැවසීය.
ඒ වෙනුවෙන් පහළ මල්වතු ඔය ජලාශයේ සියලු වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා කඩිනමින් මුදල් ලබා දෙන බව කී ජනාධිපතිවරයා රට බංකොලොත් බවින් මුදා ගැනීමට මහා මෙහෙවරක් කළ ගොවි ජනතාව කිසිවිටක අමතක කරන්නේ නැති බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මම කීප වතාවක් අන්තිරිමලයට පැමිණ තිබෙනවා.අගමැති ලෙසත් විවිධ අවස්ථාවලදී ලැබුණු ආරාධනා පරිදි මා මෙහි පැමිණ තිබෙනවා. ජනපති ලෙස මට ආරාධනා කළ විට යුතුකමක් ලෙස මා මෙහි පැමිණියා.
ලාංකිකයන් ලෙස බෞද්ධයන්ට වැදගත් උත්සව දෙකක් තිබෙනවා.පළමුවැන්න වෙසක් උත්සවයයි.වෙසක් පොහොය දිනය මුළු ලොවම සමරනවා. එය ලෝකයට අයත් ලෝකය විසින් ගරු කරන දිනයක්. ලාංකිකයන්ට විශේෂම පොහොය වන්නේ පොසොන් පොහොයයි.ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ නොපැමිණියා නම් මහා විහාරය බිහිවන්නේ නැහැ. අපේ ත්‍රිපිටකය ආරක්ෂාවන්නේ නැහැ.එසේ නම් මෙහි ථෙරවාද බුද්ධාගම නැතිවෙනවා.ඒ නිසා අපට මේ උත්සවය විශිෂ්ටයි.
ථෙරවාද බුදු දහම ආරක්‍ෂා නොවුනා නම් මියන්මාරයට, තායිලන්තයට, කාන්බෝජයට, ලාඕසයට, වියට්නාමයට,බුදුදහම ලබාගන්නට බැරිවෙනවා.
ඒ නිසා මේ උත්සව දෙකම අප ඉතා උසස් මට්ටමින් සිදු සිදුකරනවා. පළමු කාරණය තිබෙන්නේ අධ්‍යාත්මික අංශයයි.අපගේ අධ්‍යාත්මික වැඩ කටයුතු කළ යුතුයි. බුද්ධ ධර්මය කියන්නේ අපගේ උත්සව නොවේ. හැමදාම බුදුන් වහන්සේගේ ධර්මය අනුව අපගේ ජීවිත සකස් කර ගත්තා. ප්‍රධාන වශයෙන් දන්සල් හැම තැනම තිබෙන අයුරු අපට දැක ගන්න පුළුවන්. එමෙන්ම වෙසක් උත්සව සමයේත් විශාල දන්සල් ප්‍රමාණයක් තිබුණා. මේවා දුටු විට මේ රට බංකොලොත් වෙලා තිබුණාද කියලා අපට හිතන්නවත් බැහැ. සැතපුමෙන් සැතපුමට අපට දන්සල් දැකගන්න පුළුවන්. පොසොන් උත්සවයට පමණක් දන්සල් විසි දහසක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දන්සල් පැවැත්වීම හොඳ දෙයක්. අපි පසුකර පැමිණියේ අමාරු යුගයක්.මම රට භාරගන්නා විට පොහොර ගේන්න මුදල් තිබුණේ නැහැ.බෙහෙත් ගන්න මුදල් තිබුණේ නැහැ.ඉන්ධන ගන්න මුදල් තිබුණේ නැහැ.තව ටික කලක් ගියා නම් සබන් ගන්නවත් මුදල් නැති වෙන්න තිබුණා.
මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න තිබූ එකම මාර්ගය කෘෂිකර්මයයි.ඒ පිහිටෙන් 2022- 2023 වසර වල යල කන්නය සාර්ථක කරගන්නට හැකි වුණා. එමෙන්ම 2023 වසරේ හොඳ මහකන්නයක් තිබුණා.එමෙන්ම 2024 වසරේත් හොඳ මහ කන්නයක් ලබාගන්නට හැකි වුණා.ඒ අනුව රටේ ආර්ථිකය නංවන්නට හැකි වුණා. සංචාරකයන් එන්නට පෙර අපේ ගොවි මහතුන් ඒ වැඩකටයුත්ත කරලා දුන්නා. අප එය අමතක කරන්නේ නැහැ. ඒ පිහිටෙන් මේ වසරේ අවසානයට හොඳ යල කන්නේකුත් ලබාගන්න හැකිවේවි.
ඒ නිසා අප ගොවි මහතුන්ට හැකි පමණින් උදව් කරනවා. ඉඩම් සංවර්ධන පනතේ බලපත්‍ර යටතේ ඉඩම් ලබා දී තිබෙනවා නම් ඒ සියල්ලම සින්නක්කර ඔප්පු බවට පත් කරනවා. බලපත්‍ර ලබා දී තිබෙන ඉඩම් මනින්නට සිදුවෙනවා මිනින්දෝරුවන් සීමා සහිතයි. එකම ප්‍රශ්නය එයයි. තමන්ට අයිති ඉඩම වගා කරන්නට ජනතාව කටයුතු කළ යුතුයි. ඒ සඳහා අප කෘෂි නවීකරණ වැඩසටහන් හඳුන්වා දෙනවා.හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම අප කෘෂි නවීකරණ වැඩසටහන් අරඹනවා. එදා මේ රට ගොඩගන්නට ගොවි මහතුන් කළ සේවය මා කිසිවිටක අමතක කර නැහැ.
එමෙන්ම අපේ ආගමික වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා සියලුම උපකාර කරනවා. අප හිතුවාට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් පිට වෙන්නට උත්සාහ කරමින් සිටිනවා. ඊට වැඩි කල් නැහැ. ඒ වෙනුවෙන් පහළ මල්වතු ඔය ජලාශයේ සියලු වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනවා. ඒ සඳහා කඩිනමින් මුදල් ලබා දෙන්නම්. සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූයේ මල්වතු ඔය ආශ්‍රිතවයි.ඒ නිසා මේ ප්‍රදේශය දියුණු කිරීම අපේ යුතුකමක්යැයි ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර හතළිස් පහකට වැඩි කාලයක් දේශපාලනේ කරලා පස් වතාවක් අගමැති වුණා. රටම හොරාකාලා බන්කොලොත් කරන්න දායක වෙච්චි පින් ජනපතියා කියන කතාවලට ජනතාව රැවටෙන එකක් නැහැ...
මේක මරු කතා බංකලොත් බවෙන් හෙට නිදහස් වෙනවා කියල ගිය සතියේ කීව, දැන් වෙන කතාවක්. යන යන තැන මතුරනවා මම විතරයි මේක බාරගත්තෙ කියලා. හැබැයි වුණේ රාජපක්ෂල එක්ක කරපු ඩීල් එක තමයි. ණය නොගෙවා, තව තවත් ණය අරගෙන, තියෙන ඒව විකුණලා මේක ස්ථාවරයි කියනවා. මේ කතා හොදයි තව මාසෙකින් මැරෙන්න ඉන්න අයට, මොකද එ අයට කොහොමත් එකයි.
එහෙනම් අපේ බදු කරලා හොරුන්ගේ ඒවා ආයේ කරගන්නවාද? නැත්නම් ඡන්දේට පස්සේ බදු පිට බදු ගහනවාද?
මේකා හීනෙන් කියවනවද කොහෙද. ගෙවන්න තියෙන ණය ගෙව්වේ නැති වුණාම සේරම හරි කියලා හිතාගෙන ඉන්නේ
උබලම තමයි මේ රට බංකොලොත් කරේ, මොකද අපි මේ රට පාලනය කරේ නැහැනෙ, අපි තවත් ඔය සුරංගනා කතා වලට රැවටෙන්නේ නැහැ තොපි ඔක්කොම හොරු, සතොස කඩනකන් බලා ඉදල, මහ බැංකුව කඩනකන් බලා ඉදල, මිනිස්සුන්ට හොර බෙහෙත් පොවල ඔක්කොම සල්ලි පිල්ලි ගහල දැන් එනව අපිට බණ කියන්න අපි රැවටෙයි ඕවට
දැන් කී පාරක් කිව්වද ? ඉස්සෙල්ලා හරියට කියහන් ඉවරද නැද්ද කියල සුමානෙන් සුමානෙට කියනවා ආයෙත් බංකලොත් බවෙන් මුදෝනවා ආයේ සතියෙන් ඉවරයි කියල
එහෙනම් ඉතින් බංකොලොත් බවෙන් ගොඩගන්න දන්න ජනාධිපති කෙනෙක් තවදුරටත් අවශ්‍ය නෑ දැන් අවශ්‍ය වන්නේ ආයිත් හොරකමට පුරුදු ජනාධීපති කෙනෙක් නේද?
මේ මනුස්සය මේක දැන් කාලෙක ඉඳන්...හැම මාසෙම දෙපාරක් විතර, මේකම කියනවා
පන්සල් ගිහින් මුසාවාදා කියල පන්සිල් ගත්තද ? නැත්තම් එතනදිත් බොරුවට කට හෙල්ලුවද ? යකෝ පර්ලිමෙන්තුවේ කියන බොරු මදිද ? පන්සලට ගිහිනුත් පච කෙලින්නේ ?
මීට කළිනුත් ඕක කිව්වා. මොවුන් ගහන බොරු මොවුන්ටම මතක නැහැ.
බංකොලොත් කරපු ඔහෙලාම හැම උප්පර වැට්ටියක්ම දානවා. ආයෙත් තව කල්ප කාලෙකට බලයට එන්න... ණය වාරික පොලියත් එක්ක ගෙවන්න වෙනකොට තමයි බංකොළොත්ද? නැද්ද? කියලා තේරෙන්නේ... ඔය කියන ඒවා එදා කරන්න මොලයක් තිබුනේ නැද්ද? රට බංකොලොත් වෙනකම්ම ඉන්න වුණාද? ඔය රට බංකොළොත් කරනකොට පාර්ලිමේන්තුවේ උන්නු අයම තමයි තමුන්ව පත්කළේ... මේ අපේ ඡන්දෙන් නෙමෙයි. අපි කරන්න ඕනෑ බංකොලොත් කරපු අය එක්කම ඉදිරියට යන එකද? ත්‍රිපිටකය මතක් වෙන්නේ ඡන්ද කිට්ටු වුණාම. දැන් ඉතින් ඔන්න ඔහොම වැඳගෙන ඉන්නවා, වෙන කරන්න දෙයක් නැහැනේ.
ලන්කාවේ තියෙන සම්පත් පවා විකුණලා, ලෝකෙටම ණයකාරයෝ වෙලා ? දේසපාලුවන්ට නම් අවුලක් නැතුව ඇති...
කොහොමද නිදහස් වෙන්නේ...? තවම සත 5ක් ණයවලට ගෙවන්නේ නැතිව.. නියමෙට අසරණ මිනිස්සු අන්දනවා.
ඒ ගොල්ලොම බංකොලොත් කියලා ආපහූ දැන් බංකොළොත් නැහැ... කියනවා. ණය ගෙව්වෙත් නෑ අපිට වුණු සෙතකුත් නැහැ.
නිදහස් මං කියන්නේ නැ.. නිදහස් මොනාද කියලා
ඡන්ද ව්‍යාපාරය පටන් අරන් නේද? රට බංකොලොත්බවින් මෙතරම් ඉක්මනට මිදුනේ කොහොමද ? ප්‍රාතිහාර්යයක් වෙන්න පුළුවන්. එතකොට. ඩොලර් බිලියන 100 ක ණයකන්ද ගෙවන්න වෙන්නෙ නැතිද ? ණය ගෙවන්න වෙන දාට කාටකාටත් තේරෙයි ලංකාව බංකොලොත්ද නැද්ද කියල.හැබැයි එදාට රනිල් පෙන්ෂන්. ඉදිරියේදි රට පාලනයකරන අය තමයි මේ උගුලට අහුවෙන්නේ.