
(සුජිත් හේවාජුලිගේ)
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධූරය භාරගත් හෙයින් අද රට අර්බුදයෙන් මිදී ඇතැයි කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා පැවසීය
බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්රී ලංකාව බවද ඔහු සඳහන් කළේය.
වෙන කිසිම නායකයකු මේ අභියෝගය භාර නොගත් බව පැවසූ මන්ත්රීවරයා රට බංකොලොත් වීමෙන් ගලවා ගැනීමේ සියලු ගෞරවය රනිල් වික්රමසිංහ මහතාට යා යුතු බවද ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිකමක් නැතිව ඇඟට පණ නැතිව ඇති. ඒකයි මේ බල්ටියක් ගහන්න යන්නේ...
දී කිරට බළල්ලුත් සාක්කි.
හේත්තු වෙලා හොරකම් කරන්න සැලසුම් අඳිනවා වගේ...!
මුන්ට චන්දේ දෙන උන්ට ගහන්න ඕනේ. හැබැයි පිනා එක්ක එකතු වෙන්නේ මූ වගේ නාම්බො විතරයි
රට අර්බූදයෙන් මිදිලා නැහැ, ණය බරින් පිරිලා තියෙන්නේ ,මහින්දයා ගේ දෑත් ශක්තිමත් කරන්ඩ ගිහින් පැනපු එකා ගැන මොන කතාද
මේ වගෙ තැනින් තැනට පනින රිලව් ඉදිරි ඡන්දෙන් ස්ථිර ලෙසම ගෙදර.මේ රිලව් පස්සෙ යන මිනිස්සු හිටියෙ ලන්කාවෙ ඉස්සර.එත් අද මන්ත්රී පිල් මාරු කලාට මිනිස්සු පිල් මාරු කරන්නෙ නෑ.රාජිත කොහොමත් මේ ඉන්නෙ හෙලුවෙන්
වලස් පචය යහපාලන කාලේ ගහපු බයිලා ටික වගේ අලුත් ටිකක් අපිට අපහු අහගන්න පුළුවන් වෙයි වගේ
රට ගොඩයන එක මොකක් වුනත් හැමදාම වාසි පැත්තට පනින අය හැමදාම ගොඩ ගියා
තමන්ගේ නරක කලදසාව ආවාම තමන් ගන්නේම වැරැදි තීන්දු කියලා තමන්ම දන්නේ නැහැ. නොවැම්බර් මාසෙන් පස්සේ තමන්ටම තේරෙයි තමන් ගත්තු වැරැදි තීන්දුව..!
දැනට IMF වාරික තුනම දීලා තියන්නේ.. ණයක් හැටියට මිස අනුකම්පාවට නොවේ. ඒ කියන්නේ රටේ ජනතාවට තව තවත් ණය බර පටවන්න එක. ඔයාගේ රනිල් ආවෙන් පසු රටේ ණය බර තවත් වැඩි වෙලා මිස අඩුවෙලා නැහැ. අනාගතයේ ඉපදින්න දරුවන්ටත් මේ බර පටවෙලා තියන්නේ. අනික තවම විදේශ ණය ගෑවිලාත් නැහැ. තත්වය එහෙම තියෙද්දී මෙයා කියනවා රනිල් රට බංකොලොත් වීමෙන් ගලවා කියලා. මෙයාගේ මෝදර ධීවර වරායේ වංචා නඩුව අනාගත පිරිසිදු පාලනය තුල විමර්ශන වෙනවාමයි.
රනිල් එක්ක ජෝගි නටපු තව කෙනෙක්. මේ බානම ගෙදරටම ගාල් කළ යුතුයි.
අනේ මන්දා, බංකොළොත් භාවයෙන් මිදුණා කියන එහෙත් අලුත් බදු එකතු කරනවා ලබන අවුරුද්දේ ඉඳලා අනිත් එක කොහේද ද හොරුන් හදපු රටක් තියෙන්නේ... ජනාධිපති වුණු ගමන් වෙන්දේසිය පටන් ගනී.
ඔය පැනපු අවසන් පිම්ම. දැන් රටේ මිනිස්සු මෝඩ නැහැ. ඔය වගේ මිනිස්සු කුණු කූඩේට දානවා අනිවාර්යෙන්. මිනිස්සු දන්නවා වාසි බලන් එයාලා පනින්නේ කියලා. සුබ ගමන් රාජිත ඇතුළු පවුලේ සැමට. රඟන්න අවසන් රැඟුම ඉතුරු මාස කිහිපය...
ඔක්කොම හොරු තමයි...
චරිත සහතිකයක් දෙන්න චරිතේ හොඳ කෙනෙක් වෙන්න එපායෑ… මොවුන්ගේ චරිතේ…!
රාජිත නම් කුණුගොඩක් තමයි. හැබැයි ඌ කියන කතාවේ ඇත්තක් නැත්තේමත් නෑ. අනිත් අය ඔක්කෝම කොඳුරු තෙල් හත් පට්ටෙකුයි තව චුට්ටකුයි හොය හොයා හිටපු අතරේ රනිල් වැඩේ බාර අරගෙන ගේම ගැහුවා.
කටු නැති දිව. තවත් කෙනෙක්...
පාර්ලිමන්ට් එකේ ඉන්න තව වඳුරෙක්...
ඔය චරිත සහතික දෙන්නේ තමන්ගේ පැවැත්මට යහපතට විනා සත්භාවයෙන් නොවන බව ඉතාමත් පැහැදිලියි.
රාජිත රනිල්ට චරිත සහතික දෙන්නෙ හොදකට නෙවෙයි. වාසියට පැත්ත මාරුකරන්න බලාගෙන. මේවගෙ දේශපාලකයින් ඉන්නතුරු මේරට හදන්න බෑ. තමන්ගෙ ප්රතිපත්ති පාවාදෙන මොවුන් දේශපාලන භූමියෙන් නෙරපා හැරිය යුතුයි.
රට බංකලොත් කළේ කව්ද? උඹලා වගේ මැති ඇමතිලානේ. නැත්නම් අපිද?
මෙයා දේශපාලනය පටන් ගත්තු කාලේ ඉඳලාම කළේ වාසය කොතැනද? එතැනට පනින එකයි. දැන් යට ගහලා තියෙන ධීවර වරායේ නඩු තියෙනවනේ. ඒවා එළියට ආවොත් කෙහෙළියට වුණු දේම වෙයි කියලා බයේ පිම්මකට සැරසෙන්නේ...
හොඳම මිනිහා තමයි චරිත සහතිකේ දෙන්න.
අනේ ටීචර්, මේ ප්රශ්නෙට යටින් ඉරි ගහන්න දීපු උත්තර පහම වැරදිනේ? මොකද්ද ප්රශ්නය පුතා? අංක 4, රාජිතගෙන් චරිත සහතික නො ලැබූ ජනාධිපතිවරයෙකි...
ඔක්තෝම්බර් අග එන ජනාධිපතිවරණෙන් අලුත් ජනාධිපති කෙනෙක් ඇවිත් දෙසැම්බර් අග හෝ ජනවාරි මාසේ මුල පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බ ගමන් රනිල්ගේ නැට්ටේ එල්ලිලා ඉන්න හැමෝටම ගෙදර යන්න වෙන බව දන්නවා. නමුත් ධීවර ඇමැති කාලේ කරපු වැඩ ටික මාට්ටුවෙලා ඊට කලින් රිමාන්ඩ් වෙන එක නවත්වා ගන්න අලියගේ නැට්ටේ එල්ලෙන එක හැර වෙන විකල්පයක් නැත...
මුන් ඔක්කොම යාලුවෝ මල්ලි