
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට තීරණය කර තිබුණත් එවැනි යුද්ධයකදී නිසැකවම ඊශ්‍රායලයට පරාජය අත්වන බව ඉරානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවේය.
හිස්බුල්ලා සංවිධානයට ලෙබනනය ආරක්ෂා කරගනිමින් සිය සංවිධානයද ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන බව ඉරානය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල රජය බලයේ සිටීම සඳහා අනුවණ තීරණයක් ගතහොත් ඉන් දෙරට නව යුද්ධයකට තල්ලු වී ඉන් ලෙබනනයේ යටිතල පහසුකම්වලට බරපතළ හානියක් සිදුවනු ඇති බවත් නමුත් අවසානයේ පරාජය ඊශ්‍රායලයට අත් වනු ඇති බවත් ඉරානය පැවැසුවේය.
ඇතැම්විට ඊශ්‍රායලය තමන්වම විනාශ කර ගැනීමට උත්සාහ දරණ කාලය එළඹ තිබිය හැකි බවද ඉරානය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය විදේශ කටයුතු අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පසුගියදා ඉරානයේ සහාය හිමිවන හිස්බුල්ලා සංවිධානයට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඔහු කියා සිටියේ හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට එල්ල වී ඇති තර්ජනයට පිළිතුරු දීම සඳහා අවශ්‍ය තීරණ ළඟදීම ගන්නා බවයි. ඉරානය සහ දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානවලට පිළිතුරු දීම සඳහා ඊශ්‍රායලය ගන්නා ක්‍රියාමාර්ග වලදී ලෝකය කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය ලබාදිය යුතු බවද ඔහු පැවැසුවේය.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ආරම්භ වුවහොත් අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට ඇමෙරිකාව තීරණය කර ඇතත් කිසිම විටෙකත් ඇමෙරිකානු හමුදා ඊට මැදිහත් නොවනු ඇති බව ඇමෙරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් ජයගත් කෙනෙක් මේ ලෝකයේ නැත. යුදවැදීම අනුවන ක්‍රියාවකි. සාමය සංහිඳියාව ඇතිකර ගැනීමට මොලය පාවිච්චි කළහැකි නම් ජීවිත සහ දේපල විනාශය වළක්වාගත හැකියි...
ඇමෙරිකාව කියන සාපය මේ ලෝකයේ තියෙනකම් යුද්ධවලින් අඩුවක් නැතිවෙයි.
ඊශ්‍රායලයේ ලෝක සිතියමින් අතුගා දැමීමට ප්‍රතිඥා දී ඇති ඉරානය සහ ඔවුන්ගේ ප්‍රොක්සි කණ්ඩායම් කණ්ඩායම්වලින් ආරක්ෂා වීම සඳහා ඊශ්‍රායලය විසින් ඔවුන්ගේ ආරක්ෂාව පතා සටන් කිරීමට ඔවුන්ට සම්පූර්ණ අයිතිය ඇත. හිස්බුල්ලා හමාස් හව්ති යනු සියලුම ත්‍රස්තවාදී සංවිධාන ඉරානයේ බළල් අත්. හමාස් සංවිධානය ලබා ඊශ්‍රායලයට පහර දීමෙන් ගාසා තීරයේ යුද්ධය ආරම්භ කරන ලද්දේ ඉරානය විසින්... ගාසා තීරයේ සිදුවූ සියලු ජීවිත හා දේපල හානිවලට සම්පූර්ණයෙන් වගකිය යුත්තේ ඉරානය... මැදපෙරදිග රාජ්‍යයන් අතරින් ඉරානය පමණයි... මෙසේ ත්‍රස්තවාදීන්ට උදව් කරමින් ඊශ්‍රායලය විනාශ කිරීමට උත්සාහ කරන්නේ. මැද පෙරදිග අනෙකුත් සියලුම රාජ්‍යයන් එනම් සෞදි අරාබිය එක්සත් අරාබිය මී රාජ්‍යය, කටාරය, ජෝර්දානය වැනි සියලුම රටවල්ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පිළි අරගෙන ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සහ ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා.. ඉතින් ඉරානයද මැද පෙරදිග ත්‍රස්තවාදි ක්‍රියා නතර කර දමන්නේ නම් සහ ත්‍රස්තවාදී සංවිධානවලට පෝෂණය කිරීමෙන් වැළකී සිටින්නේ නම්මැද පෙරදිගට සාමය ලබාගැනීම අපහසු කටයුත්තක් නෙමෙයි.
යුරෝපා රටවල සිටින සහ අමරිකාව සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ අයිති කරුවන් ඊශ්‍රායල් අය සහ දේශපාලනය කරන අයත් විශාල ප්‍රමාණයක් එ අයයි