
(සුජිත් හේවාජුලිගේ)
පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරයි.
සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන හෝ එවැනි අදහසක් හෝ නොතිබූ අවස්ථාවක ඔහු වෙබ් අඩවියක පළවූ අසත්‍ය ප්‍රවෘත්තියක් පදනම් කරගෙන පක්ෂයට විරුද්ධව නඩු දැමූ බවද සඳහන් කළේය.
පක්ෂයේ නායකයා කිසිම දවසක ඔහුට කතා නොදෙන ලෙස නොපැවැසූ බවද පක්ෂයට නඩු දාපු කෙනෙකු විදියට ඔහුට කාලය වෙන් කිරීම සුදුසු නැති බව තමාට අවබෝධ වීම නිසා එවැනි තීරණයක් ගත් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමාට කතා කිරීමට පක්ෂය කාලය වෙන්කර නැතැයි පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදීය.
තමාට විවාදයේදී අදහස් දැක්වීමට කාලය ලබාදෙන්නේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් මීට දින දෙකකට පෙර විමසූ අවස්ථාවේදී කාලය නොදෙන ලෙස ඉහළින් දැනුම් දී ඇතැයි පවසා කාලය දීමට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන්නේදැයි විමසූ බව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ කතා ගැනීමට කාට හෝ කඩේ යෑමට අවශ්‍යදැයි එහිදී විමසා සිටි ෆොන්සේකා මහතා විපක්ෂයෙන් කාලය නොලැබුණ හෙයින් තමා කතාව පැවැත්වීමට ආණ්ඩුවේ අනුග්‍රහය ලබාගත් බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතානෝගේ මුලින් deal එක සරත් ෆොන්සේකාව ආරක්ෂක ඇමැති කිරීමටයි. දැන් ඉතින් පරදින බව හොඳාකාරවම දන්න නිසා ඒ දීගෙත් ඉවරයි වගේ. සමහර විට ඉදිරියේදී පුතානෝගේ තවත් කෙරුම් එලිවීමට නියමිතව ඇත.
සජිතුත් එකයි, ෆොන්සේකාත් එකයි. මේ වගේ මිනිස්සු එක්ක රට හදන්න ඡන්දෙ දෙන්න නම් අපි හරක් වෙන්න ඕනෑ.
සහතික ඇත්ත... SF ගේ තියෙන්නේ ඒකාධිපති ගතිගුණ 2009 ඉඳන් කිසිම දේශපාලන නායකයෙක් එක්ක සුහදව වැඩකළේ නැති හැම මොහොතකම ආරාවුල් ඇතිකිරීම එයාගේ ජොබ් එක...
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව කතාකරන්න අවස්ථාවක් දෙන්නේ නැති විපක්ෂ නායකයෙක් ලෝකයේ වෙන කොහේවත් රටක නැතුව ඇති. පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට දෙන කාලය විපක්ෂයේ මන්ත්‍රීවරු සියළු දෙනා අතර සාධාරණව බෙදා දිය යුතුයි කියලා නොදන්නා ලෝකයේ එකම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙයා වෙන්න ඇති. විපක්ෂයේ ඉන්න විට තමන්ගේ මිනිසුන්ටවත් කතා කරන්න ඉඩ නොදෙන මෙයාලා ආණ්ඩුව පිහිටුවොත් විපක්ෂයට විතරක් නොවෙයි රටේ අනිත් මිනිස්සුන්ටත් කට අරින්න බැරි වෙයි.
ඔව් කතාව නොදීපු එක හරි. පක්ෂයට එරෙහිව නඩු දාපු කෙනෙකුට කොහොමද ඒ පක්ශයේ කාලය දෙන්නේ. ෆොන්සේකාට තියෙන්නේ බල තන්හාවක්. හමුදාව තුළදී හමුදා නායකත්වයක් තිබ්බත් දේශපාලනය තුළ වාචාලයෙක්, මෝඩයෙක්.... කිසිම වගකික්මක් නැති කෙනෙක්... දැන් කරුණා අම්මාන් unp එකට ඇවිත්.... ෆොන්සේකාත් unp. මරු එකතුව නේද?
නම කපුරුහාමි වුණාට කට ගඳයි කියලා කියමනක් තියෙනවා. සමගි ජනබලවේගය ගැන ආයේ කතා දෙකක් නැහැ...
පක්ෂය ඇතුලේ ප්‍රශ්න වෙනයි.. පාර්ලිමේන්තුවේ කතා කිරීමට මන්ත්‍රී කෙනෙකුට තියෙන අයිතියයි දෙකක් නොවේද?
SF හමුව මානසිකත්වය මත සිටින අයෙක් නිසා බොරු නොකියන බව සහතිකයි.
දම්පාට වෙච්චි රතු කන්නාඩි දාගෙන ඉන්න කට්ටියට සජිත් පුදුම හතුරෙක් වුණාට මේ රටේ ජනතාවට සජිත් ඇත්තම නායකයෙක්. හොද හදවතක් තියෙන මනුස්සයෙක්...
ෆොන්සේකා මහතාට සුදුසු තැන සහ නියම ගෞරවය තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ තුළ. එතුමා 2010 වසරේ එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවටත් තේරී පත් වුණා. නමුත් තණ්හාව නිසා එහෙ මෙහේ පනිමින් තිබුණු ගෞරවයත් නැති කරගත්තා. අවසානයේ එතුමා ලැජ්ජාව නැතුව, එතුමාගෙන් පළිගත්තු ගෝඨාභය හමුවෙන්නත් ගියා. මේ රටේ කුරීරු යුද්ධය දිනන්න නායකත්වය දුන්නු වීර සෙන්පතිවරයක් හැටියට, මට නම් අදටත්, ඉදිරියටත් ඇතුමාට එම ගෞරවය තියනවා.
කාලය අනිවාර්‍යයෙන් දෙන්න ඕනේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට. පක්ෂය පැත්තකට දාපල්ලා. සජිත්ගේ තියෙන්නේ ගොන් වැඩ
සරත් ෆොන්සේකා ගැන ප්‍රවෘත්තියක් පල වුණොත් කවුරු හරි එක්ක කචල් එකක් දාගෙන තමයි.
යූටියුබ් (හෙළ රහස්) යටතේ අංක විද්‍යාව සම්බන්ධ විද්වතෙක් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අංක හයට සම්බන්ධ දෙදෙනෙක් අතරේ කියලා තියෙනවා දෙදෙනාම 24 දිනක උපන් දෙදෙනෙක්. ඉතින් සජිත්ට එම වාසනාව අඩුයි කියලා කියන්න පුළුවන් අංක හයට සම්බන්ධ කෙනෙක් තමයි හිටපු ජනාධිපති විජේතුංග මහතා සජිත්ට සමාන වෙන්නේ මයිත්‍රිපාල මහතා විද්වත් මැතිඳුන්ගේ අදහස නිවැරැදි නම් සජිත් රනිල්ට එකතුවෙනවා නම් හොඳයි.. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන අනුරටත් තියෙන්නේ අංක හය කියලා අහන්න ලැබුණා...
SF හමුදා නිලධාරියකු ලබන ඉහළම තනතුරෙන් පිදුම් ලැබුවා. තවත් තනතුරු ඉල්ලා ලෝකයාගෙන් හිඟාකනවා. ඇත්තටම මේ මිනිහාට පිස්සුද දන්නේ නෑ. දැන් වයස 73ක්... දේශපාලනේට ඇවිත් කුජීතවුණා. වෙන හමුදා නායකයෙකුවත් දැන් සිවිල් සමාජයේ තැනක් නෑ. ඒ තරමට හමුදා නායකයින් ගණන් ගන්නේ නෑ. කරුණාකරලා දැන්වත් තමන්ගේ පාඩුවේ ඉන්නවද? පෙන්ෂන් එක ලබෙනවානේ. හිඟා කන්න ඕනෑ නෑනේ. තවත් බලු වෙන්න එපා. තන්හාව, ආසාව දැන්වත් සන්සිඳෙන්නේ නැද්ද? කරුණාකරලා තවත් බලු නොවි ගෙදර ඉන්න...
SF හමුදා නිලධාරියකු ලබන ඉහළම තනතුරෙන් පිදුම් ලැබුවා. තවත් තනතුරු ඉල්ලා ලෝකයාගෙන් හිඟා කනවා. ඇත්තටම මෙයාට පිස්සුද දන්නේ නෑ. දෑන් වයස 73ක් . දේශපාලනෙට ඇවිත් කුජීත වුණා. වෙන හමුදා නායකයෙකුවත් දෑන් සිවිල් සමාජේ තැනක් නෑ. ඒ තරමට හමුදා නායකයින් ගණන් ගන්නේ නෑ. කරුණාකරලා දෑන්වත් තමන්ගේ පාඩුවේ ඉන්නවාද? පෙන්න්ෂ එක ලැබෙනවානේ. හිඟාකන්න ඕනෑ නෑනේ. තවත් බලු වෙන්න එපා. තන්හාව, ආසාව දැන්වත් සන්සිඳෙන්නේ නැද්ද? කරුණාකරලා තවත් බලු නොවී ගෙදර ඉන්න. කොහොමත් වෙන රටවල හමුදා නයකයින්ට වගේ ලන්කාවේ අයට දේශපාලනේ සිවිල් සේවය කරන්න බෑ. ඔවුන්ට සුදුසුකම් නෑ. සුදුසුකම් තිබුණත් කරන්නත් බෑ. ඉවසීම නෑ. සම්පත් විශාල ලෙස නාස්ති කරනවා. බඩියෝ 5,6 තියාගෙන වාහන 3,4 තියාගෙන පුරුදු වෙලා පෙන්න්ෂ ආවාම ඒවා නැතිව ඉන්න අමාරුයි.