
(අංජුල මහික වීරරත්න)
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.
පොහොට්ටුව සමග ගොස් ජයග්රහණය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ කදවුරේ සිටින කොටසක් පවසන බව කී රාජපක්ෂ මහතා එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට යා හැකි බව වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රධාන ප්රතිපත්තිය හොරුන් ආරක්ෂා කිරීම.
කොටින්ම කීවොත් පට්ට හොරෙක්, කුපාඩියෙක්, තගරියෙන් වෙන්න ඕනෑ...!
ඕන හොටු අපේක්ෂකයකුව දාගන්න මොලයක් යන්තම්වත් තියෙන කෙනෙක්වත් එයාට ඡන්දෙ නම් දෙන්නේ නෑ.
මැක්කෙක් ගිය උඩ... තව ටික දවසකින් තමුන්ට හරිම තැනට යන්ඩ වෙනවා...
මේ ඉන්දියාවේ විපක්ෂ නායක ගාන්ධි වගේ සැරසෙන්නද රැවුල එහෙම නොබා සැරසෙන්නේ? හොරුන් මේ රටේ රජ නොවන බව විතරක් තේරුම් ගත්තොත් හොඳයි.
දැන් ලංකාවේ බයියෝ නැහැ.
රටම හොරාකාලා විනාශ කෙරුවා මදිවට හොර පෙරකදෝරුවා තව කෝන්දේසිත් දාන්න පටන් අරන්.. දූෂිත පවුල් පාලනේ ඔක්කොම හරි නම් සදහටම හිරගෙදර ඉන්ඩ ඕනෑ අය. ශිෂ්ඨ සම්පන්න නීති ගරුක රටවල එහෙම වුණත් ලන්කාව වගේ දූෂිත දේශපාලුවන් ඉන්න රටක එසේ නොවීම කණගාටුදායකයි...
දැන් කොහොම කිව්වත් ඡන්දය තියන දවසට කළින් දවසේ හරි රනිල්ට එකතු වෙනවා මෙයාලා... කැට තියලා කියන්නේ රනිල් හැර වෙන සරණක් නැහැ රාජපක්ස හොරුන්ට..
දැන් ඉතිං එකට හොරාකාපු අයටත් ඔබලා එපාවෙලා තියෙන්නේ. අපේක්ෂකයෙක් හොයාගන්නත් බැරි තරම් කුජිත වෙලා නේද...? වැඩිය කතාකරන්න එපා මෝඩකම පේනවා කීවාලු. රැවුල ඔයගාන ඇති. ඇඳුම් එහෙම මහගත්තාද දන්නේ නෑ... එහෙනුත් ලැබෙනවා ඇඳුම් නම්..!
නාමල් උඹයි, උඹේ මල්ලිලායි ඉදිමුණා වැඩියි. ඒ කාලේ හිතුවේ නිමල් සිරිපාලලත් උඹ එනකොට නැගිටින්න ඕන කියලයි. දැන් පරක්කු වැඩියි ගොයියෝ . ආයේ මේ සසරේදී නම් රාජපක්ෂලාට මේ රටේ බලයක් ලැබෙන්නේ නැහැ.
දැන් පොහොට්ටු කියලා එකක් නැහැ.. වෙනතක් බලා ගන්න. ඊළඟ ඡන්දයෙන් පස්සේ වැලිකඩ ලගින්න ලැහැස්ති වෙලා ඉන්න.
ඡන්දෙන් පස්සේ මේ ඔක්කෝම ඇතුලේ.. කල්දේරම් බත් කාපල්ලා අපට පව් නොදී.
ඔබ ඇතුළු පිරිස ඉතා ඉක්මනින් හිරේ යනු ඇත. අපි කැමති නැහැ හොරු ලංකාව පාලනය කරනවාට.
දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනයෑම, හොරකම් වන්චා, දූෂණ මිසක් වෙන මොනවාද?
හිනා හිනා වෙන්න හිනා... මොකෙන්ද ඔය දොඩවන්නේ?
අම්මෝ බුද්ධිමත් භාවය දැක්කාම බයයි.
කාලෙකින් වඳකොත්තුවක් කන්න බැරි වුණා. ඒවා දැන් හොයාගන්නත් අමාරුයි.
මේ කාලකණ්ණි පක්ෂයේ ප්රතිපත්තිය නම් ලැබෙන හැම අවස්ථාවකම හොරකම් කිරීමයි. රටට හෙණ ගහලා ගියත්.
අප්පච්චි වගේ පුතාට නම් සුනාමි වාසනා නෑ හැබැයි. හොරා කෑවා ඇති නේ බං ඩොලර් බිලියන ගානත් මදි ද? මට නම් ඩොලර් මිලියන 10ක් තිබ්බා නම් වෙන රටකට ගිහින් ජීවත් වෙනවා. මුන්ට සින්නකරව ඇමරිකාව ලියලා දුන්නත් හොරා කන එක නවතින්නේ නෑ.
ඔය පක්ෂයේ ප්රතිපත්තිය අවුරුදු දෙකක් ක්රියාත්මක කරලා රටටයි, ජනතාවටයි කරපු හදිය මදිද? තවත් මොනවද දොඩවන්නේ? මේ රටට නම් ඔය ප්රතිපත්ති එපා. වෙන කොහේ හරි ක්රියාත්මක කරන්න.. දැන් පක්ෂේත් නෑ, එකට හොරාකාපු හොරුත් මගහරිනවා. පවුලේ කීපදෙනා විතරයි... අන්තිමට හිරේ යන්න වෙන්නේ....