
(සුජිත් හේවාජුලිගේ )
පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත.
බොහෝ මන්ත්‍රීවරුන් විමධ්‍යගත මුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පැවසෙන්නේ ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත්ව නොවන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුම් හකීම් මහතා පැවසුවේ එසේ විමධ්‍යගත මුදල් ලබාගත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම්ද සඳහන් වූ බවයි.
පක්ෂ නායකත්වය නොදැනුවත්ව මෙවැනි දේවල් සිදු වී ඇති බවත් මේ තත්ත්වය යටතේ ඒ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ විමධ්‍යගත මුදල් හෝ මත්පැන් බලපත්‍ර හෝ තීරු බදු රහිත වාහන බලපත්‍ර හෝ ලබා ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය පක්ෂයක් හැටියට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි.
පක්ෂයේ තීරණයට පිටින් ආණ්ඩුවෙන් එවැනි වරප්‍රසාද ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අතර සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු ආණ්ඩුවෙන් විමධ්‍යකට අර මුදල් ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොලොත් කරපු අයගෙන් පගාව ගත් මොවුන්ගේ නම් හෙලි කරන්න. මිනිස්සු කන්න නැතිව දුක් විඳිනවිට වාහන බලපත් ඉල්ලන කිසිඳු මන්ත්‍රීවරයෙක්ට මනාපය ලබා දෙන්න එපා...
අලුත් සංගීතයක් කියලා පෙන්නුවට ලොම් හැලිච්ච සතුන්ගේ පැරැණි උම්බෑවමයි පොදු ජනයාට ඇහෙන්නේ...
මත්පැන් බලපත්‍රයක් ගත් සජබේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරව එළවයිද?
මන්ත්‍රී කෙනෙක් පත්වෙන්නේ ප්‍රදේශයේ නැත්නම් දිස්ත්‍රික්කයේ ජනතා කැමැත්ත මතයි එහෙම පත්වෙන කෙනා ජනතාවට කැමැති කෙනෙක් නම් ඔහු ආණ්ඩු පක්ෂයේ වේවා, විපක්ෂයේ වේවා ජනතා අභිලාෂයන් ඉටුකිරීමට කටයුතු කරන්න ඕනෑ.. එහෙම නැතුව පක්ෂයේ නීති අනුව වැටුප් හා දීමනා සහ සියලු වරප්‍රසාද ලබාගෙන ගංවතුරේ ගසාගෙන යන දිරච්ච පොල් කෝම්බ නැත්නම් කඳන් වගේ ඉඳලා මුහුදට ගියාම කාටවත් වැඩක් නැහැ. අවුරුදු 75 ක් වුනෙත් ඒකනේ ඒ නිසා ජනතා ඡන්දය මත පත්වෙලා සප්ත අපරිහානීය ධර්ම කෙලෙසමින් හිටියාම කාටවත් වැඩක් නැහැ. කොහොම වුණත් මත්පැන් බලපත්‍ර ගැනීම නම් අනුමත කරන්න බැහැ. විපක්ෂයේ හිටියත් ඇමතියෝ පස්සේ ගිහිල්ලා හරි තමන්ගේ බල ප්‍රදේශවල වැඩක් කරනවා නම් අගය කරන්න ඕනෑ.. ඔහොම තමන්ගේ මන්ත්‍රීලාට දොස් කියන උන්නැහේලා මොන පක්ෂයේ හිටියත් තමන්ගේ දරුවන්ට රැකියා අවස්ථා හදාගන්න ආණ්ඩුව පස්සේ යනවා නේද? එහෙනම් ඒවත් වැරැදි නොවෙන්නේ කොහොමද?
මේ එක තැනකවත් නෑ රටට, මිනිසුන්ට වැඩක් කරන අරමුණ. දැන් ඉන්න සේරම දේශපාලකයින් මෙහෙම තමයි. පච කියලා බලයට ඇවිත් පුලුවන් තරම් හම්බකර ගන්නයි, හොරකම් කරන්නයි තමයි සැලසුම...!
මද්දුම බණ්ඩාර ලේකම්තුමාගේ ඩ්‍රයිවර් පව්...
සජිත්ගෙන් පලුවක් ගැලවෙයි වගේ...
ගොන් කතා කියන්න එපා. හර්ෂ/අජිත්/කාවින්ද ලා රනිල්ගෙන් ලක්ෂ ගණන් ගත්තානේ. එයාලාට මොකක්ද කරන්නේ?
ආණ්ඩුවෙන් වරදාන ගත්තු මන්ත්‍රිවරුන් එළියට දානවා නම් සජිත් එක්ක ඉතුරු වෙන්නේ, රනිල්ටත් එපා වුණු වෙන කවුරුවත් බාර ගන්නේ නැති පුස්සෝ ටිකක් විතරයි. ඒ නිසා ඕවා මාධ්‍ය සංදර්ශන විතරමයි.
හකීම්ලා කවදත් වැඩිම ලංසුවට වෙන්දේසි වුණු අයනේ.
ඕන ඔට්ටුවක්, මේකේ අගමුල හොයනකොට සජිත්ගේ ලඟ ඉන්න ඉදිරිපෙලේ ඉන්න අය ඉන්න බව හෙලි වුණාම වැඩේ හෙමිහිට ලිස්සලා අරිනවා.. මොකද සජිත්ට ඉන්න ආර්ථික කමිටු ඔස්තාර්ලත් ඔතන ඉන්නවා. අන්තිමට ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ වගේ වෙන්නේ...
හකීම්ගේ සහ රිශාර්ඩ්ගේ විනය පරීක්ෂණ අහලා අපිට තිත්ත වෙලා. ඔවුන්ගේ විනය පරීක්ෂණ වෙන්නේ, පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වෙලා කියනවා, ඔවුන් මෙම වැරැද්ද නැවත කරන්නේ නැහැ කියලා සමාව ඉල්ලුවා... අපි සමාව දුන්නා. මෙහෙම තමයි 21 වැනි සංශෝධනයට ඡන්දය දුන්නු වෙලාවත් කිව්වේ. කෙසේවෙතත් මෙදා පාර ජනාධිපතිවරණයෙන් පසුව පවත්වන මහ මැතිවරණයෙන් මෙයාලා සේරම අතුගාලාම යනවා.
ආණ්ඩුවෙන් වරදාන වරප්‍රසාද ගන්නවා කියන්නේ මොකක්ද? නුඹලා ඔක්කෝමලා පත්කලේ ජනතාව විසින් ආණ්ඩුව විපක්ෂය කියලා බෙදලා නොවෙයි. පාර්ලිමේන්තුවේ අසුන්ගත් 225 ම ආණ්ඩුව හැටියට සලකා පත්කර තියෙනවා. එහෙම තියෙද්දී නුඹලාට අපි ආණ්ඩුව නොවෙයි කියලා ඇඟ බේරාගන්න කොහොමවත් ඉඩක් නැහැ. හැමදෙනාම කොහොම හරි ජනතාවට සේවයක් කරන්නම ඕනෑ. එහෙම කරද්දී ඒකට විරුද්ධව කටයුතු කරනවා නම් ඔවුන් රටේ පාලනය සඳහා සුදුස්සෝ නොවෙයි.. බළලා මැටියෙන් හැදුවත් මීයෝ අල්ලනවා නම් ජනතාවට ඒක හොඳටම ඇති..